නවසීලන්තය පරදා ශ්රී ලංකාව ටෙස්ට් ජයග්රහණයක් ලබයි..
August 18, 2019 at 12:40 pm | lanka C news
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමක් කඩුලු 06ක ජයග්රහණයක් අත්කර ගත්තේය.
ගාල්ල අන්තර්ජාතික ක්රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලකුණු 249 ක් ලබා ගත් අතර ශ්රී ලංකාව පිළිතුරු ලෙස පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 264ක් ලබා ගත්තේය.
නවසීලන්තය දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී ලකුණු 285ක් ලබා ගත්තේ තරගය ජය ගැනීම සදහා ශ්රී ලංකාවට ලකුණු 268ක ඉලක්කයක් ලබා දෙමිනි.
එම ලකුණු ප්රමාණය කඩුලු 04ක් පමණක් ශ්රී ලංකා කණ්ඩායම තරගය ජයග්රහණය කලේය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 122ක් වාර්තා කල අතර ලහිරු තිරිමාන්න ලකුණු 64 ක් ලබා ගත්තේය.