නවසීලන්ත ප‍්‍රහාරකයා ගැන ඥානසාර හිමිගෙන් හෙලිදරවුවක්…

September 5, 2021 at 12:02 am | lanka C news
නවසීලන්ත ප‍්‍රහාරකයා ගැන ඥානසාර හිමිගෙන් හෙලිදරවුවක්…

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලාංකික ඉස්ලාමීය රාජ්‍ය (IS) අන්තවාදියෙකු විසින් නවසීලන්තයේදී එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය.

මීට වසර 10 කට පමණ ඉහතදී ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් නවසීලන්තයේ වාසය කරමින් සිටි මුස්ලිම් ජාතිකයෙකු විසින් ඊයේ (2) දින පිහියක් යොදාගෙන අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ඉස්ලාම් ආගමේ නාමයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

වසර ගණනාවක සිට බොදු බල සේනා සංවිධානය පෙන්වා දුන් අනතුරු යථාර්තයක් බවට පත්කරමින් ආගමේ නාමයෙන් 2019 අප්‍රේල් 21 දින එල්ලවූ මෙවැනිම ම්ලේච්ඡ ප්‍රහාරයක අද්දැකීම අපේ රටට ද ඇත. එයින් පාඩමක් ජාතියක් ලෙස ඉගෙන ගත්තා ද යන ප්‍රශ්නය අද වන විට අප හමුවේ මතුව ඇත. ආගමේ නාමයෙන් සහරාන් ඇතුළු කල්ලිය එල්ල කල පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කර එහෙට මෙහෙට දෝලනය කිරීම තුලින් සිදුවන්නේ අපේ රට තවදුරටත් අනතුරේ හෙළීමකි.

“පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජවනිකාව” කරලියට ගෙන දේශපාලන වාසි ගන්නට උත්සහ කරන්නන්ට ඕක්ලන්ඩ් නගරයේ ප්‍රහාරකයාගේ මහ මොලකරු සෙවිය හැකිද? සත්‍යවශයෙන්ම නොහැකිය. ඒ වෙන කාරණයක් නිසා නොව ආගමික මුලධර්මයකින් ගොඩනැගෙන ත්‍රස්තවාදය සඳහා මෙහෙයවීමක් අවශ්‍ය නොවන බැවිනි. ආගමික ඉගැන්වීමකින් ඔලුව අවුල් කරගන්නා ලබ්ධිකයෙක්ට ඕනෑම අවස්ථාවක ත්‍රස්තවාදියෙකු වී හුදකලා ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව ඇත. එවැනි “වහබ්වාදී ප්‍රහාර” සිය ගණනක් ලොවපුරා එල්ල වී ඇත.

අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් නමින් දැනට හඳුනාගෙන ඇති පුදගලයා ප්‍රහාරය එල්ලකරන අවස්ථාව වනවිට ද නවසීලන්ත බුද්ධි අංශ ඔහු පසුපස සිට ඇත. නමුත් ඔහු ප්‍රහාරය එල්ලකරන තෙක් බලාසිටීමට එරට ආරක්ෂක අංශවලට සිදුවී ඇත. මෙවැනි තත්වයක් ශ්‍රී ලංකාවේ ඇති වුවානම් ජිවිත පරිත්‍යාගයෙන් සේවය කරන ආරක්ෂක අංශ වෙත අවස්ථාවාදී දේශපාලකයන් ඇඟිල්ල දිගු කරනු ඇත. අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් 2017 වසරේදී නවසීලන්ත පොලීසියේ අත්අඩංගුවට ගෙන ඇත. ෆේස්බුක් ගිණුම් දෙකක් ඔස්සේ ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම පිලිබඳ චෝදනා සහ තවත් චෝදනා කිහිපයක් යටතේ ඕක්ලන්ඩ් මහාධිකරණයේ නඩු පවරා විභාග කෙරිණි. නමුත් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් ගේ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිට ඇත. ඒ හේතුව මත නවසීලන්ත ආරක්ෂක අංශ ත්‍රස්තවාදීයා පසුපස ලුහුබැඳිම පමණක් සිදුකිරීම සහ ආරක්ෂක අංශවලට ක්‍රියාත්මක වීමට ත්‍රස්ත ප්‍රහාරය එල්ලකරන තුරු රැදී සිටීමට සිදුව ඇත.

මෙය අපේ රට තරයේ අවදානයට ගත යුතු තත්වයකි. ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට ගත් පසු පසුගිය කාලයේ දේශීය සහ විදේශීය මානව හිමිකම් සංවිධාන දැඩි ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ආකාරයක් දක්නට ලැබුණි. විශේෂයෙන්ම නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ කවියෙකු යැයි හඳුන්වන හනාෆ් ජාසිම් නැමැත්තා නිදහස් කරන ලෙස බලපෑම් එල්ල විය. අන්තවාදී ත්‍රස්ත තර්ජන පිළිබඳව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පිළිබඳව තීරණ ගැනීමේදී, කිසිදු බාහිර බලවේගයක පලපෑමට හසු නොවී ආරක්ෂක අංශ විසින් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය මත ම පමණක් කටයුතු කිරීමට ප්‍රවේසම් වන ලෙස අපි රජයට අවධාරණය කර සිටිමු.

ආගමික ත්‍රස්තවාදය ප්‍රහාරයට කලින් හඳුනාගැනීමේ ගැලුව සමස්ත ලෝකයම මුහුණපාන ගැටළුවක් බවට දැන් පත්ව ඇත. ඒ ආගමික ත්‍රස්තවාදියා ක්‍රියාත්මක වීමට පෙර විවිධ ස්වරුපයෙන් සිට ක්‍රියාත්මක වීමයි. ඒ බව නවසීලන්ත ප්‍රහාරය හෙලා දකිමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් සංවිධාන නිකුත්කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයෙන් මනාවට පැහැදිලි වෙයි. සහරාන් ජීවත් වූවානම් ඔහුත් නිසැකවම මෙම ප්‍රහාරය හෙලාදැක නිවේදනයක් නිකුත් කිරීමට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කළ යුතුබවට “කිලාෆත්” සංකල්පය 1950 දශකයේදී හඳුන්වාදුන්, 1990 දශකයේදී ඇෆ්ගනිස්ථානයේ පැවති යුද්ධයට පවා සිය සාමාජිකයන් යැවූ, මරාගෙන මැරෙන ප්‍රහාර සාධාරණිකරණය කර සඟරා නිකුත්කළ ජමාතේ ඉස්ලාම් සංවිධානය සමග වහාබි සහ සලෆි මතවාදවලින් පෝෂණය වන තවත් සංවිධාන 21ක් එකට එකතුවී මෙම නිවේදනය නිකුත් කිරීමෙන් මෙතෙක් අන්තවාදය නැමති හෙළුව වසාගෙන සිටි සුදු පිරුවට ගැලවී ගොස් සමස්ත ලෝකයටම ශ්‍රී ලංකාවේ අන්තවාදීන්ගේ හෙළුව නිරාවරණය වී ඇත. ජමාතේ ඉස්ලාම් නායකයා ලෙස වසර 25 ක් රටතුල අන්තවාදී බීජ වැපිරූ හජ්ජුල් අක්බාර් මේ වනවිට අත්අඩංගුවේ පසුවෙන්නේ ද ඒ අන්තවාදී ක්‍රියා නිසාය. ඒකාබද්ධ නිවේදනය සඳහා වෙනදාක් මෙන්ම මෙරට අහිංසක මුස්ලිම් ජනතාව වහබ්වාදයේ ගිල්ලවීමට නායකත්වය දෙන සමස්ත ලංකා උලමා සභාව නායකත්වය දී තිබීම විශේෂයකි. එමෙන්ම මෙතෙක් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සමග කටයුතු කල සුෆි තාරිකා සභාව එයින් ගැලවී ගොස් තිබීම ඉතාමත්ම හොඳ පුර්වාදර්ශයකි. මුස්ලිම් සමාජය වහබ්වාදය සහ සලෆිවවාදය යන රකුසාගෙන් බේරා ගැනීමට සුෆි තාරිකා සභාවට හැකි වේවායි අපි ඔවුන්ට සුභ පතමු.

බොදු බල සේනා අභියෝගය

ඉස්ලාම් ආගම යනු ම්ලේච්ච ත්‍රස්ත ආගමක් බවට ලෝකයා හැඳින්වීමට පාදක වුනු ප්‍රභලම මතවාද ලෙස “වහබ්වාදය සහ සලෆිවාදය” හැඳින්වේ. මෙම ඒකාබද්ධ ප්‍රකශය නිකුත්කළ සංවිධාන 22ක එවැනි ප්‍රකශ නිකුත් කිරීමට පෙර “වහබ්වාදය සහ සලෆිවාදය ප්‍රතික්ෂේප කරනවා” යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් හැකිනම් සිදුකරන ලෙසට බොදු බල සේනා සංවිධානය අභියෝග කර සිටිමු.

ඉස්ලාම් අන්තවාදයට තිත තැබීමට,

ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවෙන ප්‍රහාර නැවැත්වීමට නම්,
1. වහබ්වාදය
2. සලෆිවාදය
3. ඉහ්වාන් මතවාදය
4. ජමාතේ ඉස්ලාම් මතවාදය

මෙම මතවාද සහිත සංවිධාන / රාජ්‍ය නොවන ආයතන / සුභසාධන ආයතන / අධ්‍යාපනික ආයතන තහනම් කළ යුතු අතර නව සංවිධාන ක්‍රියාත්මක කිරීම ද තහනම් කල යුතුය.

එමෙන්ම මෙම මතවාද සහිත මුද්‍රිත ප්‍රකාශන / ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රකාශන, මෙරටට ගෙන ඒම / නිෂ්පාදනය කිරීම / මුද්‍රණය කිරීම තහනම් කළ යුතුය.

මෙම මතවාදයන්ට අදාළ දේශනා, පොත්පත් අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීම තහනම් කිරීමට කටයුතු කල යුතුය.

ඉස්ලාම් අන්තවාදයට තිත තැබීම සඳහා ඉහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා තෙක් නවසීලන්ත ඕක්ලන්ඩ් ප්‍රහාරය වැනි හුදකලා ප්‍රහාර ද ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරය වැනි සැලසුම් ගත කණ්ඩායම් විසින් ආගමේ නාමයෙන් සිදුකරන ප්‍රහාරයන් ද වැලක්වීමට නොහැකිවනු ඇත.

තෙරුවන් සරණයි…!
රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

96,174 views

55 Comments to “නවසීලන්ත ප‍්‍රහාරකයා ගැන ඥානසාර හිමිගෙන් හෙලිදරවුවක්…”

  1. ලසිත් says:

    සුලු පිරිසක් ඇරුනකොට බොහෝ තම්බිලා අන්තවාදීන්. මුන් දෙවියන් අදහන්නේ මුග්ධයන් විදිහට. ඒක නිසා ඕනෑම මොහොතකදී දෙවියන් වෙනුවෙන් ඕනෑම මිනිසුන් ගානක් මරා දමන්න මුන් දෙවරක් හිතන්නේ නැහැ. අවාසනාවකට වගේ බටහිර රටවල් වල සාධාරණ නීතිය මුන් අවභාවිත කරනවා.
    ලන්කාවෙ නම් පාර්ලිමේන්තුවේ සුලු චන්ද ගානක් වෙනුවෙන් තම්බිලා රාජ්‍ය අනුග්‍රහයෙන් අපරාධ වලින් පවා බේරා යවා ආරක්ෂා කරනවා. ලන්කාවෙ විපක්ෂය පවා මේ ත්‍රස්තවාදයට යටයි.

    • JUDE says:

      ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව කටයුතුකරනවා නම් අන්තවාදී ඉස්ලාම් දේශපාලකයෝ තාමත් අපරාධකර නිදැල්ලේ සිටීද ?
      බෞද්ධ රටක ඉස්ලාම් ජාතිකයෙක් අධිකරණ ඇමති ධුරයට පත් කරයිද ? මහින්ද මුස්ලිම් අන්තවාදීන් නටවන රූකඩයක් බව තේරුම් ගත යුතුයි ..ඔහුගේ පසුගිය පාලන කාලයේ ඉස්ලාම් අන්තවාදය ඉතා වේගයෙන් ව්‍යාප්ති විය ..දැන් ඔහු පෙර වැරදීම සිදුකරමින් සිටි …

      • Sky says:

        ගෞරවනීය හාමුදුරුවනේ ,ඔබවහන්සේට සිර ගතවීමට සිදු වුයේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිවිමයි ..ඒකාලේ මහින්දගේ ආණ්ඩුවවත් ,සිරිසේනගේ යහපාලන ආණ්ඩුවවත් ඉස්ලාම් අන්තවාදීන්ට විරුද්ධව කටයුතු කලේ නැත ..පසුගිය සෑම ආණ්ඩුවක්ම ඉස්ලාම් දේශපාලකයින් සහ අන්තවාදී ඉස්ලාම් සංවිධාන ආරක්ෂා කළා එහි ප්‍රතිපලය තමයි පාස්කු බෝම්බය …මහින්ද ,ඉස්ලාම් ජාතිකයින්ට අවශ්‍ය සෑම දෙයක්ම කරන දේශපාලකයෙක් ..ඔහු කිසිම විටක ඉස්ලාම් අන්තවාදීන්ට විරුද්ධව කටයුතු කරයි කියා සිතීමට නොහැක …ඒ නිසයි සිංහල මව් බිමේ අධිකරණ ඇමති කමට ඉස්ලාම් ජාතික සබ්රිව පත් කලේ ..ද්විත්ව පුරවැසි පනත සම්මත කල මුස්ලිම් කොන්ග්‍රසයට හෝ ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට විරුද්ධව පොහොට්ටුව නීතිමය පියවර ගනීද ? අන්තවාදී ඉස්ලාම් ජාතිකයින් වූ බදියුදීන් ,සාලි , හිස්බුල්ලාට මෙතෙක් ලැබුණු දඩුවම් මොනවාද ? විල්පත්තු වන රක්ෂිතය විනාශ කර ඉස්ලාම් කොළණි ගොඩනැගු, මහා පරිමාණයෙන් රටේ අපරාධ කරන /කරපු බදියුදින් ට ලැබුණු දඩුවම ගස් සිටුවීමයි ..එය විහිළුවක් නොවේද ? අපේ රටේ දේශපාලකයින් කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීම පමණි ..රට ජාතිය ගැන ඔවුන්ගේ ආදරයක් ගෞරවයක් නැත ..හැම ආණ්ඩුවක්ම කරන්නේ /කලේ රටේ ජනතාව රැවටීම පමණි

      • suren says:

        Dear Venerable Sir,
        You are the only one in our country with guts to talk openly against these animalistic extremists since a long time.As many here have pointed out most of our politicians keep silent because of votes.Worst are Ranil & Sajith clan.Rishad in spite of all these allegations is still a member party to Sajith. What more evidence you need to show their apathy.Specially Sajith’s entire family is born again which makes this worse.Both sides Catholics & Muslims want to humiliate Buddhism so our Sangha.Look at any English paper publishing an article about you, they pose a photo of yours with a finger pointing in a threatening way.Our standard Buddhists lack some brain, they are portraying you as our Sangha. I wrote comments many times on Daily Mirror on line but they publish only those humiliating Buddhism by non Buddhists.Most of the comments praising the country or Buddhism don’t get published.Most of Editors of English media are non Buddhists.We need to change this soon.

  2. Hesh says:

    ඔය මහමොලකාරයෝ හොයන්නේ වෙන මොකටවත් නෙවේ ජිහාඩ් කාරයෝ සුද්ද කරලා ඒකත් සින්හල සමාජයේ ඇගේ ගහන්න.

  3. damian says:

    මහ පාදිලි උන්නාන්සේගේ ගෝලයන් නිකුත් කරන නිවේදන දිහා බැලුවම ඒ අයත් කාගේදෝ ඉත්තන් වගේ පේනවා.

  4. Jamis says:

    Meyata danne nedda Wahabwaadaya Head Office eka thiyenne Saudi ye kiyala. Ehenam ithin Gulf wala inna ape unwa genna ganna wei . Meya eka paaratama mathu une anith prashna yata gahanna kaage hari contract ekakatadha?

Main News