නව අගමැතිවරයෙක් පත් කරන බව ජනාධිපති ලිඛිතවම දැන්වුවා..

April 29, 2022 at 3:20 am | lanka C news
නව අගමැතිවරයෙක් පත් කරන බව ජනාධිපති ලිඛිතවම දැන්වුවා..

ජනාධිපතිවරයාගේ බලතල සීමාකර සමූහයක් විසින් වගකීම ගන්නා වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාට යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති.

අන්තර්වාර පාලනයක් සදහා තමන් ඇතුළු පිරිසට ආරාධනා කරන ලද ලිපියෙන්ම නව අගමැතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

අගමැති ධුරය සදහා දැනට නම් කිහිපයක් යෝජනා වී ඇති බව ද උන්වහන්සේ කියා සිටියහ.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත‍්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

34,856 views

14 Comments to “නව අගමැතිවරයෙක් පත් කරන බව ජනාධිපති ලිඛිතවම දැන්වුවා..”

  1. මේ චීවරධාරියාට සිවූර ගලවා කොණකපාලා දඩූ කදේ ගැසිය යූතුය. says:

    මේ චීවරධාරියාට සිවූර ගලවා කොණකපාලා දඩූ කදේ ගැසිය යූතුය. ගෝටාට පිස්සු කියන්නේ තමා වගේම ඉන්නා හතුරා අදූනා ගන්නට බැරි කරුමයකි. ඔහූ එය තේරුම් ගන්න විට නොදැනිම දියේ ගිළී හමාරය. දැන්වත් රෑ වැටූණූ බොරුවලවල්වල දවල් නොවැටූනොත් වාසනාවකි.

  2. ගමේ ගොය්යා says:

    හොර තක්කඩි ශ්‍රමණ වේශධාරියා ඔය පාර්ලිමේන්තුවේ රිංගාගෙන වැදි බණ දෙසුවාට අන්ත දූෂිතයෙක්. කාබනික කෘෂිකර්මය ගැන නොදන්නා දේවල් ජනාධිපති තුමාට බොරු ඒත්තු ගන්නපු නිසා දැන් මුලු රටම අගාධයකට ගිහින්. ආන්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කරන්නේ ආපසු බලයට එන්න හිතාගෙන වෙන්න ඇති. පන්සලෙන් ගහලා පන්නා දමන්න ඕනෑ

    • Common Sense says:

      I agree. This so-called priest is the main culprit behind this ” Organic Fertilizer” disaster. H.E. the President was ill advised by this chap.

  3. ගෝඨාගෝගම පුවත් says:

    19ය ගෙනවිත්, පාර්ලිමේන්තුව විසුරුවීම වසර 4 1/2 ක් දක්වා කල් දමා ද්විත්ව පුරවැසියන්ගේ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කිරීම සහ 19න් පත් වී නීතිවිරෝධීව සිටි අධිකරණ ඇමති 20න් නීත්‍යානුකූල අධිකරණ ඇමති වීමේ “කැකිල්ලේ නාටකය”

  4. Manuka says:

    Ape hamuduwane me inna eka resign wela new priminister kiyala me gonama pathkaroth? Aluthen pathkarama new priminister thama. Mun ayyala mallila puthala ekathuwela me game eka gahanne.

  5. කාබනික පොහොර ලණූව ගෝටාට ගිල්ලූවේ මේ කහ හූරායි..... says:

    කාබනික පොහොර ලණූව ගෝටාට ගිල්ලූවේ මේ කහ හූරායි….. මූගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ ගෝටා…..

  6. BASTIAN says:

    මේ අවුරුදු තුන මොකවත් වෙන්නේ නැහැ. ආන්ඩු වෙනස් වෙන්නෙත් නැහැ. වෙන දෙයක් වෙන්නේ මීලග මැතිවරනයකදී විතරයි. මේ බොරුවට නාඩගම් නටනවා හැමෝම. මිනිස්සුන්ට පෙන්නනවා අපි රටට හරි ආදරෙයි කියලා. බල ලෝභය තමයි මේ හංගාගෙන ඉන්නේ. ගෝඨාභය තමන්ගේ ධූර කාලය ඉදලා තමා අයින් වෙන්නේ.

  7. atta says:

    කලු සුද්දෝ සහ උන්ට රැවටුන අය දගලති. පෙරලති. ඔවුන්ම අන්තිමට පෙරලෙති.

  8. Semini says:

    රටෙ තියෙන්නෙ ඩොලර් නැති කම.මුන් හොයන්නෙ අගමැති කෙනෙක්.මුන්ටත් පිස්සු මුන් කියන එවා අහගෙන ඉන්න උන්ටත් පිස්සු

  9. චන්ද දායක says:

    ජනාධිපති ට, අගමැති ට, Go Home කියනවා වගේ . තව ගොඩ දෙනෙකුට මේ සටන් පාඨයම කියන්න වෙනවා.
    #GO TO A TEMPLE RATANA 2022#

  10. Dora says:

    We don’t want any of you 235+1 – all of you are greedy hogs who want a position in parliament , as you can’t earn money any other way!
    We want a leader and people who can build the economy , the society and change the corrupt useless election system and governance ..and people who can mage the country’s finances and are transparent and accountable But not you all as You are all destroyers if this country do get lost ..