නව අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ දිවුරුම් දෙයි…?

September 6, 2018 at 9:20 am | lanka C news
නව අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ දිවුරුම් දෙයි…?

ඊයේ දිනයේ ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පවත්වන ලද විරෝධය මේ වන විට සහමුලින්ම අවසන් වී තිබේ. කොළඹ නගරයේ කටයුතු වෙනදා මෙන් සාමාන්‍ය පරිදි පැවැත්වෙමින් ඇත.

විරෝධයෙන් පසු ආණ්ඩු පාර්ශවය විසින් එය නොයෙක් ආකාරයෙන් සමච්චලයට ලක් කරමින් තිබේ.

එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ ‘මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි’ යනුවෙනි.

විරෝදතාවයට පෙර ඒුකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් කියා සිටියේ 06 වැනිදාට ඇත්තේ මහින්ගේ නායකත්වයෙන් යුතු අලුත් ආණ්ඩුවක් බවයි.

05 වැනිදා පැමිණෙන කොළඹ නවතින බවත් ආණ්ඩුව අස්වන තුරු ගෙදර නොයන බවත ඇතැම් මන්ත‍්‍රීවරුන් කීහ.

211 views
Main News