නව ආගමික ස්ථාන ලියාපදිංචියට පෙර කල යුතු දේ ජනපතිට කියයි…

February 20, 2022 at 2:04 am | lanka C news
නව ආගමික ස්ථාන ලියාපදිංචියට පෙර කල යුතු දේ ජනපතිට කියයි…

නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දෙති.

බෞද්ධ උපදේශක සභාව 13වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම, ඉරුදින දහම් පාසල් පවත්වාගෙන යාම, කතිකාවත් හා විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී ඒ ඒ ආගම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිල්ලට ගත යුතු බව සාකච්ඡාවට ලක් කෙරිණ. බෞද්ධ විහාරස්ථාන ලියාපදිංචියේ දී අදාළ නිකායේ මහානායක හිමියන්ගේ සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගේ නිර්දේශය මත ලියාපදිංචියට අවසර දීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

පුරාවස්තු සහිත භූමි කේන්ද්‍රව පිහිටවන විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව මහා සංඝරත්නය පැවසූහ.

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සමාලෝචනය කළ අතර ඉදිරි මාස කිහිපය තුළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අනුර මනතුංග මහතා සඳහන් කළේය.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන මැනුම් සඳහා ඉල්ලීම් 484ක් ලැබී තිබේ. ඉන් 64ක මැනුම් කටයුතු සම්පූර්ණයෙන් නිම කර ඇති අතර ස්ථාන 22ක් සඳහා පිඹුරුපත් සකස් කෙරෙමින් පවතින බව මිනුම්පති ආරියරත්න දිසානායක මහතා පැවසීය.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

11,453 views

7 Comments to “නව ආගමික ස්ථාන ලියාපදිංචියට පෙර කල යුතු දේ ජනපතිට කියයි…”

  1. dev says:

    ආගම සහ ඉතිහාසය පාසැල් විශය නිර්දෙශයෙන් ඉවත් කොට එය ඉගැන්විම ආගමික සිද්දස්ථාන වලට පමනක් සීමාකල යුතුයි.

    • නිශාන්ත says:

      ඒවා කොරලා තමයි අද යුරෝපයේ අමෙරිකාවෙ මිනිසුන්ගේ බහුතර ආගම ක්‍රිස්තියානි ආගම යට ගිහිල්ලා අරාබියේ ගල් වෙද්දන්ගේ ආගම වන,ඉස්ලාම් ඒ රටවල,ස්තාපිත,වෙන්නේ .ඒ මෝඩකම් නොකරමු .බුදුදමට ප්‍රමුකස්තානය ලෙබෙන්නේය කියන,වගන්තිය කිසිදා ඉවත් කිරීමට ඉඩ නොදෙමු

  2. dbs says:

    පුලුවන්නම් ටියුශන් ගුරුවරුන්ගෙන් AL ලමයි බෙරලා දෙන්න.බොහොමයක් පාසැල් වල AL ගුරාලා හොර කරන්නෙ..ටියුශන් කාරයො දහස් ගනන් ලමයින්ගෙන් ගරනවා.

  3. Gamini says:

    නව ආගමික ස්තාන ලියා පදිංචිය වහාම නතර කලයුතුයි. මේ ලියා පදිංචි කරන සීයල්ලම මූලධර්ම වාදී මිත්‍ය දෘශ්ටික ආගම් .මම වෙසෙන ගම්පහ දිත්‍රික්කයේ බෝහෝ ප්‍රදේශ වල මේ ආගමික ස්තාන ජනතාවට මහත් හිරිහැරයක් විශේෂයෙන් ශබ්ද දූෂණය. උදේ පාන්දර මුස්ලිම් පල්ලී වලින් නැගෙන ඌරෝ මරද්දි මරලතෝනි දෙනවා වගේ හඩ නගනවා .ඊට රිටන් එකට වගේ කතෝලික පල්ලි වලින් මරහඩ දෙනව .මේක ජනතාවට මහත් කන්දොස්කිරියාවක්. මේවාගේ ජනතා විරෝධය සමනය කිරීමට මිසදුටු තක්කඩියෝ සමාජ ජාලාවල කොමෙන්ට් දානව පන්සල් වලින් ශබ්ද දූෂණයවනවා කියල. මේක හරියට තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ රොඩ්ඩ ගැන හොයනවා වගේ වැඩක්. පන්සල් වල පිරිත් කීම අනාදිමත් කාලයක සිට සිදු උන දෙයක්. මෙය ශ්‍රවණය කිරීම සිතට සැනසුමක් දෙන දෙයක් .මෙය විද්‍යත්මකව සනාත කර ඇති දෙයක් .ඇතැම් විදේශිකයින් පවා මේවා ශ්‍රවණය කිරීමට පුරුදුව සිටිනවා . මළකුණ ඉදිරිපිට එයට පන ලබාදීමට බයිබලය කියවමින් යාතිකා කරන මෝඩ හරක්ට මේවා දිරවන්නේ නෑ .ඇත්තෙන්ම මේ රටේ දියුණුවට විශාල බාධාවක් වෙලා තිබෙන්නේ වෛරය ක්‍රොධය පලිගැනීම මුල්කරගත් නොපෙනෙන දෙවියෙක් අදහන මිසදුටු ආගම් පාස්කු ප්‍රහාරය සම්බන්ද නොමැති අය අධිකරණයෙන් නිදහස් කරන විට මේ ආගමික නායකයො හඩා වැටෙනවා .ජේසුස් වහන්සේ අවිහිංශාව කරුණව දයවා පෙර දැරිකර ගත් සාෂ්තෲවරයෙක්. නමුත් එහි අනුගාමික මෙරට පූජකයෝ අනු ගමනය කරන්නේ ඇසට ඇසක් අවියට අවියක් න්‍යය .මේ පූජකයින්ගෙයි සහරාන්ලගෙයි කිසිදු වෙනසක් මා නම් දකින්නේ නෑ .

  4. LalithM says:

    මම ඉන්නේ ගම්පහ ආසන්න ඉඹුල්ගොඩ ප්‍රදේශයේ. අපේ පැත්තට මොනම පල්ලියක සද්දයක් වත් නෑ.ඒත් පන්සල්වල සහ හන්දිගානේ බුදුපිළිම තියාගෙන තරඟයට බෙරිහන්දෙන
    බුදුදහම විකුණාගෙන කන්නන්ගේ කරදරය තියනවා.මේ විහිලුවලින් බුදුදහමට වන හානිය ගැන මේව මෙහෙයවන අඥාන මිසදිටුවන්ට තේරුමක් නෑ. ශබ්ද දූෂණය ගැන දැනුවත්කිරීම පුලුල් කල යුතුමයි.

  5. සුදු මහත්තයා says:

    දෙවියන්ගේ කැමැත්ත ඒකනම් ඇයි ?……..

  6. David Milli-banda says:

    These are not “නව “නව ආගමික ස්ථාන” they are spy agencies establish to meddle in the Internal affairs of the Country through foreign money.

    Yes. There should be no further Registrations. Close down all mushrooming “නව ආගමික ස්ථාන religious places and ask those congregations to main stream Organisation to follow their religion.

    ALSO, mR. PRESIDENT, IMMEDIATELY CLEAN UP THE POLITICAL PARTIES REGISTER. ALL POLITICAL PARTIES UNABLE TO SHOW ONE MILLION MEMBERS TO BE STRUCK OFF THE LIST.
    COMPUTERISE THE EXERCISE WITH THAT NO DUPLICITY TAKES PLACE OF MEMBERSHIP.

Main News