නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..

September 13, 2020 at 3:00 pm | lanka C news
නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..

ඉන්දියාව සඳහා ශ්‍රී ලංකාවෙන් තානාපතිවරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත්කිරීමට එරෙහිව ජාතික සංවිධායක එකමුතු විසින් උසස් බලතල පිළිබඳ කාරක සභාව වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි ලේකම්වරයා වෙත ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

ලේකම්තුමා,
උසස් බල තල පිළිබඳ කාරක සභාව,
ශ්‍රී ලංකා පාර් ලිමේන්තුව,
ජයවර් ධනපුර,
කෝට්ටේ,

ගරු ලේකම් තුමනි,

ඉන්දියානු තානාපති ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීම

මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇති බව 2002 සිට ඇමෙරිකානු තානාපතිවරුන් 4 දෙනෙකු විසින් යවන ලද කේබල් පණිවිඩ 150 කට අධික ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන බව බොහෝ පාර් ශව විසින් හෙළිදරව්කොට ඇත. ‘Wickileaks’ මඟින් එළිදරව් වූ එම පණිවිඩවල ඔහු ඇමෙරිකානු ඔත්තුකරුවෙකු බව සෘජුව සඳහන් නොවේ. නමුත් එම කේබල් බොහෝමයක යටි පෙළ කියවීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලිවේ.

ඊට අමතරව ඔහු රාජ්‍ය දේපළ අවතක්සේරු කොට තමාට හිතවාදී පුද්ගලික ආයතන වලට විකිණීම සඳහා තම අමාත්‍ය බල තල අයුතු ලෙස යොදාගෙන ඇති බව නඩු තීන්දු දෙකකින් ප්‍රකාශයට පත්විය. ඊට අනුව ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවට අධිකරණය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බැවින් ඕනෑම අවස්ථාවක ඔහු චූදිතයෙකු බවට පත් කොට අධිචෝදනා බාර දීමේ හැකියාව ඇත.

එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල ප්‍රභල බලපෑමක් කළ හැකි රටක මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම මගින් සමස්ථ තානාපති සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බැවින් මිලින්ද මොරගොඩ මහතා අදාල පත් කිරීම සඳහා නිර් දේශ නොකරන ලෙස ඉල්ලා සිටිමි.

මෙම ගැටළුව පිළිබඳව ජනමාධ්‍ය වලට මා විසින් නිකුත් කළ ලිපියක පිටපතක්ද මේ සමග අමුණා එවමි.

ස්තූතියි,

මේ වගට,

වෛද්‍ය වසන්ත බණ්ඩාර
විධායක කමිටු සාමාජික,
ජාතික සංවිධාන එකමුතුව.

54,018 views

18 Comments to “නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..”

  1. sunimal says:

    මොරගොඩ ඇමරිකාවේ ඉපදුන ඇමරිකානු කාන්තාවක් විවාහ කරගත් ද්විත්ව පුරවැසි භාවය තියෙන කෙනෙක් ලු M C C ගැන තව මොන කතාද?

  2. JAYAWARDANE says:

    HIS EXCELLENCY THE PRESIDENT,
    PLEASE DO NOT APPOINT PERSONS LIKE MR MORAGODA THIS HON. POST. I AM A SRI LANKAN STAYING ABROAD FOR WORK.THANK YOU.

  3. Felix says:

    Eeeth Den Behene…. Sri Lankawa Amrecawata One Piliwelata Thama Weda Karanne…!

  4. කාන්තාර පළඟැටියා says:

    මේක ඉන්දු – චීන – ඇමෙරිකා දකුණු ආසියානු කලාපයේ බල අරගලයේ කොටසක්. පෙරදිග අපරදිග යාකරන ආර්ථිකමය යුධමය සහ ස්ථානීය ලෙස ඉතාම වැදගත් වූ හම්බන්තොට වරාය චිනයට පසුව ඉන්දියාව සහ ඇමෙරිකාව අප රට සම්බන්ධව කලින් අනුගමනය කලාට වඩා වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් අරගත්ත. අද චීන සබ්මැරීනයක් දකුණු ශ්‍රී ලංකා මුහුදට ආවොත් හෙට උදේ වෙද්දි ඉන්දියාවෙන් අපට බර බරයක් වැටෙනවා. බොහෝ අය හිතවා චීනය ඇත්තටම හොඳයි කියලා.. ඔවු ඒ තරම් අවුලක් නෑ. අපට බොහෝ හිතවත්. නමුත් ගැඹුරට හොයාගෙන හිතාගෙන යද්දි, ( අන්තර්ජාලයෙන් සොයන්න ) චීන ආක්‍රමණයක් වෙනස් මුහුණුවරකින් ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. වෙළඳාමත් එක දෙයක්. අනෙක ඔවුන් සතු උපායමාර්ගික සැලැසුම් සහ යුධ ශක්තිය. ඇත්තටම අපි ඇවිල්ලා දැවැන්ත තෝරු මොරු කරන අරගලයකට මැදි උනු කූණිස්සෙක්. ( හැබැයි සිංහලේ කාරයන්ට සහ සිංහල බෞද්ධකම පෙරට දාගෙන පිස්සු කෙලින නිවන් දකින්න පැවිදි නොවූ දුශ්ශීල චීවරධාරීන්ට අනුව නම් මර්කරි වෝර්ටෙක්ස් තාක්ෂණය තාම ලංකාවේ භුගත ගල්ගුහා තුල තියෙනවා. )

    • තාරාවා says:

      පාවිච්චි කරන්න පුළුවන් දේ පාවිච්චි කරලා රට ගොඩගන්නවා හැර වෙන මඟක් නෑ. ප්‍රශ්ණය ගෑන පමණක් කතා කරන අති පණ්ඩිතයන්ගෙන් වැඩක් නෑ. ඔබ දකින විසඳුම? චීනයෙන් ගේම ඉල්ලීමද? ඇමරිකානු තගට යටවීමද? අවස්ථාවාදී ඉන්දීය ආක්‍රමණයට නතු වීමද? ප්‍රශ්ණය උද්‍රෘත කරනවා තරම් ලේසි නෑ නේද?

      ලංකාව අඩි දහස් ගණන් ඉහලින් ගැටගැසූ කම්බ්යක යන වෙලාව. රටේ හැම පුරවැසියාටම තම යුතුකම අකුරට ඉටු කිරීමට විශාල වගකීමක් ඇත. එය පැහැර හරින, රටට ද්‍රෝහි වන්නන් මේ රටෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍යයි.

  5. Sunil Dahanayake says:

    Exactly correct. These information about Moragoda can be seen in Wikipedia.

    Ane Apoi? What is the purpose of supporting this government to rectify the Yahapalanaya errors and mistakes.

    I feel both both are on same boat. I wonder why the government can not find a person for this position, who love our country and its people, heritage and culture as an Ambassador instead this ” Sakkili”

  6. Sun says:

    This is a dangerous fellow. We have to look in different ways. Otherwise we cannot trace the real person just from the sight.

Leave a Comment

Main News