නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..

September 13, 2020 at 3:00 pm | lanka C news
නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..

ඉන්දියාව සඳහා ශ්‍රී ලංකාවෙන් තානාපතිවරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත්කිරීමට එරෙහිව ජාතික සංවිධායක එකමුතු විසින් උසස් බලතල පිළිබඳ කාරක සභාව වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි ලේකම්වරයා වෙත ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

ලේකම්තුමා,
උසස් බල තල පිළිබඳ කාරක සභාව,
ශ්‍රී ලංකා පාර් ලිමේන්තුව,
ජයවර් ධනපුර,
කෝට්ටේ,

ගරු ලේකම් තුමනි,

ඉන්දියානු තානාපති ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීම

මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇති බව 2002 සිට ඇමෙරිකානු තානාපතිවරුන් 4 දෙනෙකු විසින් යවන ලද කේබල් පණිවිඩ 150 කට අධික ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන බව බොහෝ පාර් ශව විසින් හෙළිදරව්කොට ඇත. ‘Wickileaks’ මඟින් එළිදරව් වූ එම පණිවිඩවල ඔහු ඇමෙරිකානු ඔත්තුකරුවෙකු බව සෘජුව සඳහන් නොවේ. නමුත් එම කේබල් බොහෝමයක යටි පෙළ කියවීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලිවේ.

ඊට අමතරව ඔහු රාජ්‍ය දේපළ අවතක්සේරු කොට තමාට හිතවාදී පුද්ගලික ආයතන වලට විකිණීම සඳහා තම අමාත්‍ය බල තල අයුතු ලෙස යොදාගෙන ඇති බව නඩු තීන්දු දෙකකින් ප්‍රකාශයට පත්විය. ඊට අනුව ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවට අධිකරණය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බැවින් ඕනෑම අවස්ථාවක ඔහු චූදිතයෙකු බවට පත් කොට අධිචෝදනා බාර දීමේ හැකියාව ඇත.

එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල ප්‍රභල බලපෑමක් කළ හැකි රටක මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම මගින් සමස්ථ තානාපති සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බැවින් මිලින්ද මොරගොඩ මහතා අදාල පත් කිරීම සඳහා නිර් දේශ නොකරන ලෙස ඉල්ලා සිටිමි.

මෙම ගැටළුව පිළිබඳව ජනමාධ්‍ය වලට මා විසින් නිකුත් කළ ලිපියක පිටපතක්ද මේ සමග අමුණා එවමි.

ස්තූතියි,

මේ වගට,

වෛද්‍ය වසන්ත බණ්ඩාර
විධායක කමිටු සාමාජික,
ජාතික සංවිධාන එකමුතුව.

54,713 views

18 Comments to “නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..”

  1. විමල් says:

    දැන් සනීපද පහුගිය කාලේ පත්තර පිටු ගනන් පුරවමින් වසන්ත බන්ඩාර රෙදි නැතිව පොහොට්ටුවට කඩේ ග්‍යේ

    • වසන්ත says:

      දැන් ගොඩක් සනීපයි, ගවපාලනයෙන් රට බේරගන්න පුලුවන් උන එකට. උන් හිටියනම් තානාපතියො ගැන නෙමෙයි කතාකරන්න වෙන්නෙ. රට ඇතුලෙ ඉඳගෙනම රට කන සමනළ රංචුව ගැන.

  2. බැසිල් ඇන්ඩ් ද සාටක ගැන්ග් says:

    ඵහෙම තමා අපෙ සර් හොරුන්ට තමා කැමති ඒකනෙ වියත්මගේ හරක් රංචුව ලව්වා කොටන් අද්දවලා කුඩු,ඵතනෝල්,මිනීමරුවො,මාළ හොරු,පස් කපන ඵව්වො,තගාලා,හොර පෙරකදෝරුවො ,මිරිස්කුඩ්ඩො දාගෙන රට රන් කරන්නෙ

  3. country man says:

    Lot of people are against this appointment.May be true or not we do not know . In any case this person should not be given such an important job due to his past. Better to choose some one else. Sri Lanka has a lot of intelligent people who loves the country.If these stories are true,we do not want spies who work for the USA.

  4. බන්දුසේන says:

    රට හදන්න පටන්ගත්ත විතරයි, මේ අපතයෝ පිස්සු කියවනවා. මුන් කියන විදියට වැඩකලොත් වැදී යුගයට තමයි රට යන්නේ.

    ජනපති තුමනි ඉදිරියට තැබූ පය, මෝඩ බල්ලෝ බිරුවට ආපස්සට ගන්න එපා. සුද්දන්ගේ ප්‍රජාත්නත්‍රවාදී නාඩගම් අපට එපා.

    යකාගෙන් වැඩ ගන්නත් ජනපති තුමා දන්නවා. ප්‍රශ්නයක් වුනොත් බලා ගන්න ආරක්ෂක ලේකමුත් හමුදාපතිත් දන්නවා.

    රටට ත්‍රිවිද රත්නයේත්, ත්‍රිවිද හමුදාවේත් පිහිටයි.

  5. Aurora says:

    මිලින්ද මොරගොඩ ද්විත්ව පුරවැසියකුද? එසේ නොවේ නම් ද්විත්ව පුරවැසියකු නොවී වෙන රටක ඔත්තුකරුවකු හට වුවද ඔය යහ පාලනේ ඇම්බැට්ටයෝ මහ හයියෙන් පාරම්බාන 19 සශෝදනය අනුව මන්ත්‍රී , ජනදිපති වෙන්න පුලුවන්.

  6. බන්ඩා says:

    මිලින්දය මංත්‍රී සහ ඇමටි කාලෙ මිලින්දය ඉන්දියන් ඇමතිලා පාවිච්චි කරන පරණ මොඩල් ඇම්බැසිඩර් කාර් එකක යේ ඉන්දියාව අන්චන්නය්. ගෝටා හිතනව නම් මිලින්දයට පුලුවන් ඉන්දියාව අන්දන්න කියල ගෝටට වැරදිලා. මිලින්දයා ඉන්දියාව එක්ක ගෝටට ැඹරතවා සිකුරැය්.

  7. T says:

    මිලින්ද මොරගොඩ වගේ මිනිසුන්ට තානාපති තනතුරක් දෙන්නේ යම් හේතුවක් උඩයි
    එය සීඅයිඒ සංවිධානය විසින් ජනාධිපතිතුමාට කළ බලපෑමක් උඩ බව මගේ පිළිගැනීමයි. යම් වෙනස්කම් කිරීමට ජනාධිපතිට උවමනාව තිබුනත් එය කළ නොහැකියි.ඇමරිකාව කියන පදේට නැටුවෙ නැත්තං මේ ආණ්ඩුවටත් වැඩිකල් යන්ඩ බැහැ කියන එක මගේ හැඟීමයි මොකා මොන විදියට කෑගැහුවත් මේ ඔක්කොම බොරු . කවුරු බලයට ආවත් වැඩි වෙනසක් බලාපොරොත්තු විය නොහැකියි.

  8. මැදමුලනෙ මුත්තා says:

    උමිබලකඩ කෑවනමි, දුක් විඳපන් බලලෝ කිවිවලු.

  9. Nimal R says:

    I jsut can’t think why the hell this Milinda Moragoda has been selected for the Indian high commisioner position. hasn’t Sri Lanka got any other eminent person for this post? It’s nonsense.

  10. Love nature says:

    මාස දහයක් පමණ පුරප්පාඩුව පැවති ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට මෙයට පෙර ශ්‍රී ලංකාව විසින් සුප්‍රකට පුද්ගලයන් ගණනාවකගේ නම් යෝජනා කරනු ලැබීය.එහෙත් ඒ නම් කිසිවකටත් ඉන්දියාව එකඟ වූයේ නැත. අවසානයට මිලින්දගේ නාමයෝජනා කළ ද ඔහු ඊට දැඩිව අකමැත්ත ප්‍රකාශ කළේය.එබැවින් ප්‍රශ්නය ඇදී ගියේය.මාස හතරක් පමණ මේ ගැන සංවාදය පැවතුණි. අවසානයේ ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු වන පාලක ජනතා පක්ෂයේ ලේකම්වරයකු වන රාම් මාධව් මෙරටට පැමිණ රජය සමඟ මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කළේය .රජය අවසානයේ මිලින්දගේ නම යෝජනා කළ විට මිලින්ද මොරගොඩ මෙම තනතුරට පත් කරන්නේ නම් තමන් එයට විරුද්ධ නොවන බව ඉන්දීය නියෝජිතයා සඳහන් කර ඇත

Main News