නව ඉන්ධන වර්ගයක් සමගින් මිලත් ඉහලට.. සුපර් ඩීසල්-පෙට‍්‍රල් වෙළදපලෙන් ඉවතට..

May 14, 2018 at 8:40 am | lanka C news
නව ඉන්ධන වර්ගයක් සමගින් මිලත් ඉහලට.. සුපර් ඩීසල්-පෙට‍්‍රල් වෙළදපලෙන් ඉවතට..

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැනට අලෙවි කරමින් ඇති සුපර් ඩීසල් හා සුපර් පෙට‍්‍රල් අලෙවිය නවතා දැමීමට තීරණය කර ඇතැයි සංස්ථා ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළ කර ඇත.

ඒ වෙනුවට ප‍්‍රමිතියෙන් උසස් යුරෝ 4 නම් ඉන්ධන වර්ගයක් මෙරට ඉන්ධන වෙළඳපොළට හඳුන්වා දීමට සංස්ථාව බලාපොරොත්තු වෙයි.

තෙල් සංස්ථා ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම නව ඉන්ධන වර්ග සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති බවත් ඒවායේ කිසිදු අපද්‍රව්‍යයක් නොමැති බවත්ය.

මෙම ඉන්ධන වර්ග ජූලි මස පළමුවනදා සිට රට පුරා ඉන්ධන පිරවුම් හල් වලින් ලබා ගත හැකි වන බවද මෙම නව ඉන්ධන වර්ගය දැනට වෙළඳපොලේ ඇති සුපර් ඩීසල් හා සුපර් පෙට‍්‍රල්වලට වඩා මිල වැඩි විය හැකි යයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

83 views

2 Comments to “නව ඉන්ධන වර්ගයක් සමගින් මිලත් ඉහලට.. සුපර් ඩීසල්-පෙට‍්‍රල් වෙළදපලෙන් ඉවතට..”

  1. Kolitha says:

    danata aurudu 30 withara kalin Bristle sigarat eka satha 5kin ganan usanna oyawaagema marketing gatayak gahuwa…..danno dannawa athi…..

  2. Asaranaya says:

    ඔන්න බොලේ පඹයගෙ පොල්ලෙන් තෙල් එන්න පටන් අරන්

Main News