නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න….

September 14, 2021 at 12:40 pm | lanka C news
නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න….

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කල ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 2021-07-04 දින උපදෙස් ලබා දෙන ලදී.

මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.

දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස උපදෙස් ලබාදුනි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබාදුන් උපදෙස් මත මේ වන විට නව කැළණි පාලම විදුලි ආලෝකකරණය කර ඇත.

09-13 වන ඊයේ දින එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය














76,672 views

30 Comments to “නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න….”

  1. Asoka says:

    කොහමද අපේ වැඩ. තව ටික දවසකින්ම උඹලට තරු පෙන්නන්නම්.

  2. හෙහ් හෙහ් හේ says:

    සුද්දන් ඇවිත් බලන්නවට සිරි ලංකා මිනිස්සු සල්ලි ගෙවලා ලයිට් දානවා. සුද්දෙක් එනකොට විතරක් ලැයිට් දැම්මොත් මදිද ආයුබෝවන්? අපේ කන්තෝරුවේ ලැයිටුත් දාලා තියමු ද කොයි වෙලේ සුද්දෙක් එයිද දන්නේ නෑ.

  3. charin yensitha says:

    ජයවේවා

  4. Disce ammata discede says:

    ලිං මැඩි ජෙප්පෝ, පැකනිල් මැට්ටෝ කියයි ඔය සල්ලි වලින් කන්න දෙන්න තිබුනා කියා.

Leave a Comment

Main News