නව කොරෝනා ප්‍රභේද අධි අවදානම් අවස්ථා මෙන්න…

May 6, 2021 at 12:02 am | lanka C news
නව කොරෝනා ප්‍රභේද අධි අවදානම් අවස්ථා මෙන්න…

නව COVID ප්‍රභේද හා අධි අවදානම් අවස්ථා…

වෛරස වසංගත වල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වෙන්නේ කාලයත් සමග එහි ස්වරුපයේ සිදුවන වෙනස්වීම්. වෛරස වල එක ප්‍රෝටීනයක වෙනස්වීමකින් පවා එහි හැසිරීමෙහි සැලකිය යුතු වෙනසක් සිදුවෙන්න පුළුවන්. මෙවැනි වෙනස්වීම් නිසා වෛරසය බෝ වීමේ වේගය වැඩිවිය හැකියි. ඒ වගේම වෛරස ආසාදනයෙන් ඇතිවන රෝගයේ බරපතලකම වැඩි වෙන්නත් පුළුවන්.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන COVID19 වෛරස අතරෙහි ද B.1.1.7 ඇතුළු විවිධ නව ප්‍රභේද හඳුනාගෙන තියෙනවා. වෙනදාට වඩා රෝගය වේගයෙන් පැතිර යාමට වගේම වඩා බරපතළ රෝග ලක්ෂණ ඇති වීමට හේතුව මෙය වෙන්න පුළුවන්.

කාලයක් ලොව පුරා සිදුකරන ලද අධ්‍යයන වලට අනුව යම් ස්ථානයක කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. නව කොවිඩ් ප්‍රභේද වලටද මේ සාධක පොදුයි. ප්‍රභේදය කුමක් වුවත් ඔබට ආරක්ෂා වීමට කල යුත්තේ එම අවදානම් සාධක සහිත ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒවා මගහැරිමයි.
මේ කොවිඩ් අවදානම වැඩි කරන සාධක මොනවාද ?

1. අධික සෙනගක් රැදෙන ස්ථානයක් වීම – යම් ස්ථානයක ගැවසෙන සෙනග වැඩි වීමත් සමගම COVID ආසාදිත පුද්ගලයෙකු හිඳීමේ සම්භාවිතාව වැඩිවෙනවා, කොවිඩ් පැතිරීමේ අවදානම අධික ලෙස වැඩිවෙනවා.

2. සෙනග එකිනෙකා සමීපයෙන් ගැවසෙන ස්ථාන වීම – විශේෂයෙන්ම එකිනෙකා ආසන්නයේ සිටිමින් කතා බහෙහි යෙදෙන හා අහාර පාන ලබා ගන්නා අවස්ථා.

3. හොඳින් වාතාශ්‍රය නොලැබෙන සංවෘත අවකාශයක් වීම – සංවෘත අවකාශ තුළදි කොවිඩ් වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය එළිමහන් අවකාශවලට සාපේක්ෂව පැහැදිලිවම වැඩි බවක් දක්නට ලැබෙනවා. නිතර කතාබහට ලක් නොවුනත් මෙය කොවිඩ් ව්‍යාප්තියට බලපාන තවත් ඉතාමත්ම ප්‍රබල සාධකයක්. ඔබ සිටින ස්ථානයක ඉහත සාධක තුනෙන් එකක් හෝ පවතී නම් එහි COVID පැතිරයාමේ ප්‍රවනතාවය අන් ස්ථානවලට සාපේක්ෂව වැඩියි. යම් ස්ථානයක මෙම සාධක එකකට වඩා පවතීනම්, එවන් ස්ථානවල COVID ව්‍යාප්තිය ඊටත් වඩා සීඝ්‍රයෙන් සිදුවිය හැකියි.

එනිසා මෙවැනි ස්ථාන හැකිතාක් දුරට මඟහැරිය යුතුයි. යම් අත්‍යවශ්‍ය හේතුවකට එවැනි ස්ථානයකට යාමට සිදුවුවහොත්, එතැන ගත කරනා කාලය හැකිතාක් දුරට අවම කරගැනීම මගින් අවදානම යම්තාක් දුරකට අඩු කරගන්න පුලුවන්. විශේෂයෙන්, මේ වගේ අධි අවදානම් කාලයක, මේ සාධක වලින් එකක් හෝ ඇති ස්ථාන හැකිතාක් මග හැරිය යුතු වෙනවා.

ඒ වගේම, දෑත් නිතර පිරිසිදුව තබා ගැනීම හා නියමිත ආකාරයෙන් මුව ආවරණ පැලදීම මඟින් COVID සම්ප්‍රේෂණ අවදානම බොහෝ දුරකට අඩුකර ගත හැකියි.

කොවිඩ් රෝගය රට පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින මේ අවස්ථාවේ ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන්ගේ ආරක්ෂාව උදෙසා ඉහත අවදානම් සාධක සහිත ස්ථාන හැකි සෑම විටම මග හැරීමට වග බලා ගන්න.

ඒ වගේම, ඔබගේ හිතවතුන්ගේ ආරක්ෂාව උදෙසා අවදානම් සාධක පිළිබඳව දැනුම හැකිතාක් බෙදා හරින්න…

– සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය

61,145 views

9 Comments to “නව කොරෝනා ප්‍රභේද අධි අවදානම් අවස්ථා මෙන්න…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    කේරල ගව මුත්‍රා වලට කොරෝනා යටයි.

  2. මෝඩ බයියා says:

    අපිට ඕව වැඩක් නෑ අපිට ඔය ආරක්ෂණ ක්‍රම වේද වලක්වා ගැනීම් වගේ ඒවට වඩා එකපාර මතු වෙලා මොකක් හරි මැජික් බේතක් පෙන්නල අස්ප ගානක් කඩා ගෙන අතුරුදන් වෙන ඉසිවරු තමා වටින්නෙ.උන් තණකොළ ගහක් හරි පෙන්නල මේකෙන් ගත්තු රහස් වට්ටොරුවෙන් හැදුවෙ දෙයියො පෙනී ඉදල කිවේ වගේ ආතල් එකක් දුන්නම ඒක ගිලල කොරෝනා නිසා කෙල වෙලා අතේ ඉතිරි වෙලා තියෙන තුට්ටු දෙක පිදුවම තමා අපිට සනීපයක් දැනෙන්නෙ

  3. NoCorena says:

    Mewa dan janathaawata kiyala wedak naha, vairasaya pathirenna issella, mewata neethi hadana “kala nohakkak nomatha” kiyana ayata kiyala dunnanam thamai hari.

  4. KIYAWANA DOKA says:

    Ubbala hariyata sayanika warta haduwada, How many moh you all have tested wheres the research reports.
    Ane palayalla, wadak karanokato eka karanda idadela, ganna $$$$$$ goda aragena KATA WAHAGE-NA HITU

    Problem eka solve karaganda deela

    Nodakin WACHALA KUHAKA HATTA

  5. Freedom says:

    Me yakku humale allanna kiyanne na. Humale tamai behetha. Munta one tawa corona leddu wedi karala deemana labaganna.

  6. banda says:

    3. හොඳින් වාතාශ්‍රය නොලැබෙන සංවෘත අවකාශයක් වීම
    ලංකාවේ බොහෝ කාර්යාල මේ වගේ. රට වහන්නේ නැතුව ඒ මිනිස්සු වැඩට යැවීම, මරණ වරෙන්තු නිකුත් කිරීමක් නේද ?

    • Shani says:

      ඔව්, ගොඩාක් ආයතන තවත් පෙර පරිදිම ක්‍රියාත්මක වෙනවා, මහජන සේවය නවත්වන්න කියල චක්‍රලේඛ පවා නිකුත් කර තිබියදී එක් දින සේවා ක්‍රියාත්මක කරන රජයේ ආයතන තිබෙනවා, ආයතන ප්‍රධානීන් එක් දින සේවා bonus වලට තියන කෑදරකමට මිනිස්සු office වලට ගෙන්න ගන්නවා, බහුතරයක් නිලධාරීන් ගේ සහ එම ආයතන වෙත පැමිණෙන ජනතාවගේ ජීවිත අනතුරේ….

  7. Love nature says:

    Thai media site claims Andrographis ‘green chiretta’ herb can prevent the novel coronavirus.

    Andrographis is a plant that is native to South Asian countries such as India and Sri Lanka. The leaf and underground stem are used to make medicine.

    Andrographis is used for the common cold, osteoarthritis, infection of the throat and tonsils (tonsillopharyngitis), and a type of inflammatory bowel disease (ulcerative colitis). It is also used for many other conditions,

    How does it work ?
    Andrographis might work by stimulating the immune system. It might also prevent influenza viruses from binding to cells in the body.

  8. Love nature says:

    මත් පැන් දුම් බිම් ගැන කිසිම සදහනක් නැහැ කරුණාකර ඒ ගැනත් කියන්න.

Main News