නව චක‍්‍රලේඛයක්.. නිවෙස් තුල මිය යන අය කොරෝනා පරික්‍ෂණ නොකරයි..

June 30, 2021 at 11:20 am | lanka C news
නව චක‍්‍රලේඛයක්.. නිවෙස් තුල මිය යන අය කොරෝනා පරික්‍ෂණ නොකරයි..

නිවෙස් තුල දී මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු නොකර එම මෘතදේහය නිදහස් කිරීමට හදිසි මරණ පරීක්ෂක වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුනට බලය ලබා දෙමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් කොරෝනා වෛරසය සමාජගත වීමෙන් දැඩි අවදානමක් ඇති වී තිබෙන බවයි.

මීට පෙර නිවෙස් වල මිය පුද්ගලයන්ගේ මෘතදේහ නිදහස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන්, මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබාගැනීම සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

නව තීරණය හේතුවෙන් නිවස් වල දී මිය යන කොරෝ්නා ආසාදිත පුද්ගලයන් හේතුවෙන් වෛරසය සමාජය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

නිවෙස් තුළ දී මිය යන පුද්ගලයන්ට කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් එම නිවැසියන් හා ප්‍රදේශවාසීන් නිරෝධායනයට ලක්කර වෛරසය පැතිරයාම පාලනයට මෙතෙක් කටයුතු කළ ද නව දැනුම් දීම හේතුවෙන් එසේ කිරීම නොහැකිවීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද උපුල් රෝහණ මහතා කියා සිටියේය.

මීට පෙර නිවාස වල මිය ගිය බොහො දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වුවත් නව තීරණය හේතුවෙන් එම මරණ කොරෝනා මරණ ලෙස හදුනා ගැනීමට නොහැකි වනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

43,691 views

6 Comments to “නව චක‍්‍රලේඛයක්.. නිවෙස් තුල මිය යන අය කොරෝනා පරික්‍ෂණ නොකරයි..”

  1. අනිත්‍ය නිසා දුක says:

    කොරෝනා අනිත්‍ය වුනොත්, දුක ඇති වෙනවා.
    ඒ නිසා බලධාරීන් කොරෝනා අනිත්‍ය වෙන්න දෙන්නෙ නෑ.

  2. Kuma says:

    මේ රට දැන් සුක්කානම නැති නැවක් වගේ.කාට හරි corona හැදිලා මැරුණා කියලා දැනගත්තම අහල පහල මිනිස්සු ගෙවල්වල මිනිස්සු තමුන්ගේ ආරක්ෂාව ගැන හිතලා කරන්න ඕන දේවල් කරගන්නවා.මේකෙන් වෙන්නේ ලෙඩේ තවත් පැතිරෙන එක .හිතාගන්නවත් බෑ රටට වෙන්න යන දේ ගැන .අතීසාරයට අඹුඩ ගහලා බඩ යන එක නවත්තන්න හදන වැඩ තමයි කරන්නේ.පව් මිනිස්සු .

  3. GAMINI SENANAYAKE says:

    හැදිච්ච එවුන් ඉස්පිරිතාල ට ගන්නැතුව ගෙදර තියාගෙන ඉන්න ප්‍රතිපත්තියක් හදා ගත්තා. දැන් ගෙදර මැරෙන එකා ටෙස්ට් කරන්නේ නෑ. එතකොට නිකම්ම කොරෝනා මරණ අඩු වෙනවා. කොහොමද මොලේ.

  4. Shan says:

    Methika vithanagae Monawada Kiyannee?

  5. Gamini says:

    Death rate and covid infection can be brought to control in this manner good idea, very soon Sri Lanka could be the best covid control country and could easily be number 1. We all could be proud of our nation.
    Hodata ma keranna lankawa. We can be with that imagination.
    We also should be proud of our top management of our health organization 😝😝😝😝😝👍

  6. MD says:

    මේ මිනිස්සු කිසිම චාරයක් නැතුව පන පිටින් ඉන්න කොට හැසිරෙනවා දැක්කහම මැරුණට පස්සෙ ඕක තියාගෙන වැඩක් නැ ඉක්මනින් වලලලා දාන්න.කවුරුත් පරිස්සමින් මාස්ක් දාගෙන අතහෝදලා ඉන්නවනම් බේරෙන්න පුලුවන්.