නව චක‍්‍රලේඛයකින් කොරෝනා අඩුවෙයි.. පළමු පෙල ආශ‍්‍රිතයන්ට PCR නෑ.. දෙවන පෙල ආශ‍්‍රිතයන් නොසොයයි..

June 22, 2021 at 3:50 pm | lanka C news
නව චක‍්‍රලේඛයකින් කොරෝනා අඩුවෙයි.. පළමු පෙල ආශ‍්‍රිතයන්ට PCR නෑ.. දෙවන පෙල ආශ‍්‍රිතයන් නොසොයයි..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබ ඇති නව චක්‍රලේඛයක් හේතුවෙන් මෙරට ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අඩුවෙන් පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

නමුත් එය සත්‍ය ලෙසම ආසාදිතයන් අඩුවක් නොවන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

නිරෝධායනයට ලක්කරන ලද පුද්ගලයන් ඉන් මුදා හැරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් ඔවුන්ගේ පළමු පෙල ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීම පිළිබඳව මෙසේ නව චක්‍රලේඛයකින් උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු පැවසීය.

දින 21 ක කාලයක් නිරෝධායනය කර සිටින පළමු පෙළ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයකට ලක් නොකර නිදහස් කිරීමට උපදෙස් ලැබී ඇති බවත් එනිසා ඉදිරියේදී කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් දකින්නට ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත පළමු පෙළ ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන් කවුදැයි කියා සොයා බැලීමක් සිදු නොවන නිසා ඉදිරියේ දී සමාජයතුල පොකුරු ඇතිවීමේ අවදානමක් ඇතැයිද උපුල් රෝහණ මහතා පැවසීය.

76,902 views

19 Comments to “නව චක‍්‍රලේඛයකින් කොරෝනා අඩුවෙයි.. පළමු පෙල ආශ‍්‍රිතයන්ට PCR නෑ.. දෙවන පෙල ආශ‍්‍රිතයන් නොසොයයි..”

  1. Gotaimbara says:

    Very welcome news. Just stop this stupid Corona story. Now try to find a cure for cancer, heart and other ailments. If the western educated doctors can’t find a cure go to Hela Vedamahatthayas. Let people get on with their lives.

  2. Gotaimbara says:

    Organic fertiliser is the best cure for most of the illnesses. Way to go..

  3. Gopallawa says:

    Some PCR lab technicians can give false reports. These reports should be double tested. There seems to be a conspiracy in issuing corona positive death reports and Covid positive reports.