‘නව ජනතා බලවේගය’ රත්නපුරේදී 08 වෙනිදා.. – පවිත්‍රා හෙලි කරයි..
September 23, 2016 at 1:06 am | lanka C news
අරගලයට පණ පොවන ‘නව ජනතා බලවේගය’ මංගල රැළිය 08 වැනිදා රත්නපුරයේදී පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
මේ වන විටත් රට පුරා ග්‍රාම සේවා වසම් 14,000 පුරාම මෙම නව බලවේගයේ සංවිධාන ජාලය පිහිටුවා ඇති බවත් අවශ්‍ය නායකයා නියම වේලාවේදී ඊට නායකත්වය දෙන බවද ඇය කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.