නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 101 කට පත්වීම්..

November 7, 2016 at 2:05 am | lanka C news
නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 101 කට පත්වීම්..

නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 101 කට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරිම පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශවණාගාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

,දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ දීමනා සහ අනෙකුත් වරප‍්‍රසාද ලබාගැනීමට මම වෘත්තීය සමිති නායකයෙකු ලෙස විශාල සේවාවක් ඉටු කළා. රාජ්‍ය සේවයට අද එක්වන ඔබ තීන්දු තීරණ ගැනීමට පෙර ඡ්‍යෙෂ්ඨයින්ගෙන් විමසා බලන්න. දන්ත ශල්‍ය වෛද්‍යවරුන් පිළිබද මිීට පෙර ප‍්‍රශ්න ඇති වුනා. එහිදී මම ඔවුන් ෙබිරා ගත්තා. තාක්ෂණික ප‍්‍රශ්න බවට පෙන්වමින් ෙබිරාගත් අවස්ථා තිබෙනවා. වෛද්‍යවරුන් ද ප‍්‍රශ්න වලින් ෙබිරාගෙන තිබෙනවා.

මම වෘත්තීය සමිති නායකයෙකුව සිටින විට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප‍්‍රශ්ණත් මා වෙත ඉදිරිපත් වුනා. මම ඒවාටත් විසදුම් ලබාදීමට සමත් වුනා. ඔබ සැමට උදවු කරන්නේ නීතියට අනුවයි. රෝහල් තුල ප‍්‍රශ්න ඇති කර ගන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ සේවා ස්ථානය තුල දී ජනතාවට කළ සේවය පමණයි ඉතිරි වෙන්නේ ජනතා ප‍්‍රසාදය දිනා ගන්න. ජනතාවට උදවු කිරීෙමි පරමාර්ථයෙන් සේවය කරන්න.”

– නිපුන් ඒකනායක

6 views
Main News