නව නිර්මාණකරුවන්ට පේටන්ට් බලපත් ඉක්මනින්ම දෙයි..

February 8, 2020 at 5:30 pm | lanka C news
නව නිර්මාණකරුවන්ට පේටන්ට් බලපත් ඉක්මනින්ම දෙයි..

කර්මාන්තකරුන්ට සහ නව නිපැයුම්කරුවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව සිදුකෙරුණු මෙම සාකච්ඡාවට කර්මාන්තකරුවෝ සහ ව්‍යවසායකයෝ නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.

කර්මාන්තරුවන් විසින් සිදුකරන නිෂ්පාදන සදහා ලබාගත යුතු තත්ව සහතික වාර්තා ප්‍රමාද වීම සහ ඒ සදහා අධික මුදලක් ගෙවීමට සිදුවීම පිළිබද නිෂ්පාදකයින් මෙහිදී අදහස් දැක්වූ අතර විමල් වීරවංශ ඇමතිවරයාගේ යෝජනාවකට අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට එම මුදල කොටස් කිහිපයකින් ගෙවීමට අවස්ථාව ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලන බව බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.

නව නිර්මාණකරුවන්ට සිය නිර්මාණ සහ නිෂ්පාදන සදහා පේටන්ට් අයිතිය ලබා ගැනීමේදී ඇතිවන ගැටළු පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. දැනට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට ගතවන කාලය දීර්ඝ වීම විශාල ගැටළුවක් වී ඇති බවත් එය මාසයක් වැනි කෙටි කාලයක් තුළ ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලා කටයුතු කරන ලෙසත් විමල් විරවංශ අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර, බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සහ අදාළ නිලධාරින් හැකි ඉක්මනින් එය ඉටුකර දෙන බවට පොරොන්දු විය.

එමෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබද අවබෝධ කිරීමට වැඩමුළු සහ ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද යෝජනා විය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ රංජිත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන
මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය

16,968 Viewers

5 Comments to “නව නිර්මාණකරුවන්ට පේටන්ට් බලපත් ඉක්මනින්ම දෙයි..”

  1. kawinda says:

    We appreciate your great service ever.

  2. kkuruwita says:

    මෙහෙම වැඩ කරන ඇමතිවරු දැක්කම දුන්න චන්දය ගැන සතුටක් දැනෙනව.

  3. Aurora says:

    පේටන්ට් ඔෆිස් එකේ කාර්ය මණ්ඩලය වැඩිකරලා ඉඩකඩ වැඩි කරලා දෙන්නේ නැතිව මාසයකින් පේටන්ට් දෙනවා බොරු. ඒ වගේම නව නිර්මාණ හොරාට අනුකරණය කරන හොරුන්ට බරපතල දඬුවම් පමුණුවන්න ක්‍රමවේදයක් හදන්නත් ඕන, නව නිර්මාපකයන් ආරක්ෂාකරගන්න.

  4. Angoda Buva says:

    This very much appreciated. These processes should be reviewed and all malpractices should be eleminated. These are much needed to expedite the development of country.

    n addition to this more national level competions shall be organized for the innovators. All new producers should be wellcome and encouraged.

  5. DRS says:

    I hope this does not end up like the Colombo University PhD awards.

Main News