නව නීතිපති දිවුරුම් දෙයි…

May 26, 2021 at 6:13 pm | lanka C news
නව නීතිපති දිවුරුම් දෙයි…

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයාය.

නීතිපති දෙපාර්ත්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති රාජරත්නම් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා තිබේ.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත. රාජරත්නම් මහතා එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙකි.

ඔහු 2014 නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ඒ මහතා දීර්ඝ කලක් ඉහළ අධිකරණවල පෙනී සිට ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරය හෙබ වූ ඔහු ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ ද සාමාජිකයෙකි.

දිවුරුම් දිමේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

14,619 views

7 Comments to “නව නීතිපති දිවුරුම් දෙයි…”

  1. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    දෙමල මිනිස්සු මේවට ගන්න එපා.

  2. Maha sinhale says:

    සුලු ජාතින් අපේ රටේ ඉපදුන එක ඒ අයට ලොකු වාසනාවක් ජය පතමු.

  3. ඇත්ත යථාර්ය says:

    පින්තූරයේ වැරදී ඇත. මේ ඉන්නේ දප්පුල මයා නේද?

  4. Lal says:

    රාජපක්ෂ හැතිකරයෙන් අපේ රට බේරා ගැනීමට හැකි ඕනෑම කෙනෙකුට කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා

  5. දිස්කේ අම්මට දීස්කේ says:

    රෝයල් එකේ උනාට කමක නැහැ හැබයි රනිල් ගේ ගල් කල්ලියට කඩේ යන කෙනෙක් නෙමේ නම්. නැත්නම් අර මහා බැංකු හොරු අල්ලන කේස් එකයි පාස්කු බෝම්බ කේස් එක යි ප්‍රෝග්‍රැස් වෙන එකක් නැහැ මේ කපේට. මං නිකමට කිව්වේ.

  6. Asela says:

    Ekatath demalek daagaththaa…? Muoo nam maha Nari kandasena kenek… kalakanniyo ape rata jaathiya kanawaa…! Eka paahara ballekuta mama marenakam aye chande naha…?

  7. Asela says:

    Ekatath demalek daagaththaa…? Muoo nam maha Nari kandasena kenek… kalakanniyo ape rata jaathiya kanawaa…! Eka paahara ballekuta mama marenakam aye chande denne naha…!

Main News