නව නේවාසිකාගාරය හා භෝජනාගාරය ආබාධ සහිත දරුවන්ගේ අයිතියට..
May 31, 2017 at 2:15 am | lanka C news
සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන තෙළෙඹුයාය ආබාධ සහිත වුවන්ගේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නව නේවාසිකාගාරය හා භෝජනාගාරය විවෘත කිරීම සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අතින් සිදු විය.
රුපියල් මිලියන 226 ක වියදමින් ඉදිකර ඇති මෙම නව භෝජනාගාරය හා නේවාසිකාගාරය වෘත්තිය පුහුණුව ලබන ආබාධ සහිත වූ දරුවන් 100 ක් සඳහා නවීන පහසුකම් වලින් යුක්තව ඉදිකර ඇත.
මේ වන විට තෙළෙඹුයාය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ආබාධ සහිත දරුවන් 65 ක් පමන නේවාසිකව තෙරතුරු තාක්ෂණය, බේකරි කර්මාන්තය, කෘෂිකර්මාන්තය, මෝටර් රථ ශිල්පය, පරිගනක ශිල්පය, අත්කම් ශිල්පය වැනි වෘත්තීය පුහුණුව ලබන අතර පිරිමි හා ගැහැණු 100 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සහිතව ඉදි වු නව නේවාසිකාගාරය හා භෝජනාගාරය නිසා ආබාධ සහිත දරු දැරියන් 165 දෙනෙකුට වෘත්තිය පුහුණුව ලබා දීමට සමාජ සේවා දෙපාර්තමේන්තුවට හැකිවනු ඇත.
2012 වසරේ දි වැඩ ආරම්භ කර තිබූ මෙම ගොඩනැගිලි සඳහා මුලින්ම රුපියල් මිලියන 174.8 ක් වෙන්කර තිබී ඇති අතර 2014 වසරේ දී මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මෙම ගොඩනැගිලි ඉදිකිරීම කොන්ත්‍රාත් කරුවන් අත්හැර දමන ලද බව සමාජ සේවා අධ්යක්ෂ ප්‍රදීප් යසරත්න මහතා පවසයි. පසුව නව රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව භාර ඇමැතිවරයා ලෙස එස්.බී.දිසානායක මහතා වැඩභාර ගත් පසුව විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් තවත් රුපියල් මිලියන 51 ක් ලබා දී මෙම නේවාසිකාගාරය හා භෝජනාගාරයේ වැඩ කටයුතු නිම කළ බව අධ්යක්ෂ වරයා වැඩිදුරටත් පැවසීය.
– සංජය දසනායක