නව පනතින් පෝට් සිටිය ලංකාවට අයිති නෑ.. එය චීනයේ ප්‍රාන්තයක්…
April 18, 2021 at 10:40 am | lanka C news
‘අපි සියලු දෙනා වසර තිහක් බරපතල කේදවාචකයකට මුහුණ මුහුණ දුන්නා. ඒ අවි බලයෙන් බලහත්කාරයෙන් ත්‍රස්තවාදී ක්‍රියා වලින් රටෙන් කොටසක් අපෙන් උදුරගන්න සුදානම් වූ එල් ටී ටී ත්රස්තවාදයට. මේක අවුරුදු තිහක අරගලයකින් අවසන් කලා. සත්‍ය වශයෙන්ම අපි ශ්‍රී ලංකා වාසී හැමදෙනාම ජයග්‍රහණය කලා. දැන් අපිට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ ඒ වගේම අරගලයකට ඒ ආයුද සන්නද්ද ක්‍රමයකින් රටේ කොටසක් ගන්නා එකක් නෙවෙයි දැන් වෙනත් උපාය මාර්ගික ක්‍රම මගින් රටේ කොටස් අත්කර ගන්නට යන උත්සාහයන්’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් අදහස් පල කරන ලදී.
ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙසේ අදහස් දැක්වීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ,
‘අපි ඒක දකිනවා වරාය නගරය නමින්. නැත්නම් නවීන චීන කොළණිය. වරාය නගරය නිර්මානය වෙලා තියන ආකාරය සහ ඉදිරියට පවත්වාගෙන යෑම සදහා ඉදිරිපත්වී තිබෙන යෝජනා වලියක් අපි දැක්කා. ඉතාමත් පැහැදිලියි මේ රට තුල වෙනත් රටක ප්‍රාන්තයක් බිහිවෙන්නට යන බව. චීන කොලණිය. නව චීන යටත් විජිත කොළණිය බිහිවෙන්නට නියමිතයි මේ වරාය නගරය වැඩපිළිවෙල යටතේ.
ඉතාමත් සරලව අපි දන්නා කාරණාවක් තමයි මේ රටේ සෑම බිම් අගලක්ම පරිපාලන වශයෙන් වෙන් වෙලා තියනවා මහජන නියෝජිතයන්ගේ වගකීමට. ඒක ඒ නියෝජිතයා මගින් පාර්ලිමේන්තුව නියෝජනය වෙනවා. රටේ සෑම කොටසක්ම පාර්ලිමේන්තුවට වගකීම පැවරෙනවා. මහජන නියෝජිතයන්ට වගකීම පැවරෙනවා.
නමුත් නව චීන කොළණිය වශයෙන් හදුන්වාදීමට නියමිතව තිබෙන මේ වරාය නගරය බිම් කඩ අක්කර 1115 ක මහා බිම් කඩ රටේ පාලන බලයට යටත් නැහැ. ඒ සදහා නියෝජිතයන් නැහැ. ඒ බිම් කඩට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නියෝජනයක් නැහැ පාලනයක් නැහැ. ජනාධිපති වරයාගේ කැමැත්තෙන් පත් කරන පස් දෙනෙකුගෙන් යුත් සභාවකට තමයි ඒ බලය පැවරෙන්නේ.
තීන්දු තීරණ ගන්නේ එතනින් ඒ නිසා අපි අහනවා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දායක සභාවේ වාඩිවෙලා ඉන්න නියෝජිතයෝ මේකේ බරපතල තත්වය දන්නවද. එසේ දන්නවනම් අපේ රටේ කොටසක් වෙනත් විදියට වෙනත් රටක කොළණියක් බවට පත්කිරීමේ ශාපයට ඔබ සම්බන්ද වෙනවාද නැද්ද යන්න කියන වග. ඔබ අලුත් අවුරුද්දේ ගත යුතු තීරනයක්.
නව යටත් විජිතවාදය එන්නේ අලුත්ම උපායමාර්ග හරහා. බිහිවීමට නියමිත නව චීන කොලණිය ප්‍රතික්ෂේප විය යුතුයි. එය මේ රටේ ස්ථාපිත නොවිය යුතුයි.
ජනාධිපතිතුමා මේ රජයට වගකිව යුතු හැමදෙනාටම අපි කරුණාවෙන් මතක් කරන්නේ අවුරුදු කිහිපයකට බලයට එන ඔබලාට අයිතියක් නැහැ යුතුකමක් නැහැ ෂතවර්ශ ගණනාවකට රටේ බිම් කොටස් එක් එක් රාජ්‍යයක් සදහා දෙන්න, බදු දෙන්න සහ විකුණන්න. එක රටක් එක නීතියක් කියන සංකල්පය පෙරට ගෙන බලයට පත්වුනු පාලක පිරිසට කිසිදු අයිතියක් හෝ වගකීමක් නැහැ කිසිම ධාර්මික අයිතියක් හෝ යුක්තියක් නැහැ රටේ එක් බිමිකඩක් වෙනත් රටක ආදිපත්‍යයට ලක් කරන්න. අපිට පේනව චීනය මුල් කරගත් නව යටත් විජිතවාදයක ඇරබුමදමේ කියල’
– ඇඹිලිපිටිය_ප්රගිත් ජනක
ජනාධිපතිතුමනි ඉක්මනට වැඩටික ඉවර කරමු ❤
චම්පිකට චම්පිකට …දෙමු
නව පනතින් පෝට් සිටිය ලංකාවට අයිති නෑ.. එය චීනයේ ප්‍රාන්තයක්.—-.දේශපාලකයෝ බලයට එන්නේ වසර පහකට නමුත් විදේශිකයින් සමග ඩිල් දා න්නේ වසර 99 කට …ඒ වසර 99 වන විට ලංකාවත් චිනේ කොළණියක් ..ඩිල් දාපු දේශපාලකයින් ගේ මුණුපුරෝවත් ජිවත් නොවේ ..දෙමළ වහල්ලුන්ගේ දෙමළ භාෂාව රජයේ සිරිමාවෝ රජයේ බසක් කළා වගේ චීන භාෂාවත් ලංකාවේ රජයේ භාෂාවක් වෙයි ..ජාතික කොඩියට තවත් පටියක් එකතු කරයි …ඒවා තමයි නිදහස ලබා වසර 72ක දී අපේ රට පාලනය කල අවස්ථාවාදී සේද්පාලුවෝ අපට දුන්නු තෑගී … මෙහෙම බලා සිටියොත් සිංහලයට රටක් ජාතියක් ආගමක් සදහටම නැතිවී තමන්ගේ මව් බිමේ වහලුන් වීමට සිදුවනු ඇත ..තරුණ තරුණියනි ,අපේ සිංහලයින්ගේ එකම මව් බිම රැකගනිව් ..බලාසිටීමට කාලයක් නැත
(නිවැරදි කිරීමක් ) ඒවා තමයි නිදහස ලබා වසර 72ක දී අපේ රට පාලනය කල අවස්ථාවාදී දේශ පාලුවෝ අපට දුන්නු තෑගී .
කනේ හලමි එක කරුණක් හරි තිත්ත
අපේ රටේ දේශපාලුවෝ ලග නැහැ හරි ඇත්ත
විජයගේ හිටන් ගොඩ බැස්සේ හොර හැත්ත
කුවේණියට ගන්නට තිබුනේ කැත්ත
ඇනි ඇත පපුව මත ණය නම් චීන ගල් ඉන්න
දනී පාලකයෙනි දැන් බැහැ නැගිටින්න
තනේ කදුළු කිරි පොව පොව පන දුන්නු
අපේ ලක් අම්මා විකුණනවද නිදියන්න
අප්පො අපෙ සින්හල කමයි බොදු බැතියයි.
Meva මුලින්ම කිව්වා nagananda මහතා . Ko කවුරු vath ahuve නැහැ නේද
එක එක ගොබ්බයෝ කියන ඒවා කොපි පේස්ට් කරන්නෙ නැතුව පනත කියවල වරෙන්.
Hariyata hari, kiyopiya hariyata, terum ganu, pasuwa kata kapiya
Nodaking me, asathpurusa, NGO ballo tika hamadetama buranawa…………
Go to Courts without wedi bana. At least this Govt. brought that to the parliament to argue & also go to courts for a ruling.
Ko me ape 69 lakshe.. Amude reegena reepu eka kawda kiyala hoyanawada manda…
කනේ හලමි එක කරුණක් හරි තිත්ත .
අපේ රටේ දේශපාලුවෝ ලග නැහැ හරි ඇත්ත .
විජයගේ හිටන් ගොඩ බැස්සේ හොර හැත්ත .
කුවේණියට ගන්නට තිබුනේ කැත්ත.
ඇනි ඇත පපුව මත ණය නම් චීන ගල් ඉන්න .
දනී පාලකයෙනි දැන් බැහැ නැගිටින්න.
තනේ කදුළු කිරි පොව පොව පන දුන්නු .
අපේ ලක් අම්මා විකුණනවද නිදියන්න .
පණ යනකන් හදලා අපිට දෙන්න චිනට පිස්සු යැ.
පණ යනකන් හදලා අපිට දෙන්න චිනට පිස්සු යැ
බොරු නොකිය හිටපන් බන්, හාමුදුරු කෙනෙක් පළමුවෙන් පන්සිල් රකින්න ඕනෑ. උසාවියේදී ඔය කතාව සනාථ කරන්න පුලුවන්. එතකම් ඉවසන් ඉන්න බැරිද? පාච රණවක කෙප්ප කෙලින්න නියෝගයක් දුන්න පමණින් කුලප්පු වෙලා බොරු විදින්න පටන්ගත්තා.
මෙ රටේ පෞකාර කමට බොදු රටක් උනේ. කිතුනු රටක් උනානම් මේ වෙනකොට දියුනුවේ හිනිපේත්තට නැගලා,බඩගොස්තර සන්ග හැත රට කනවා.
Meyanum ali horek.. emblipitiyath kaawa… kata hari kade yana eka thamai karanne
It is my contention that all Sri Lankan now start hitting all Rajapaksas with stones where ever they come in open meeting.
Munta galgahala pannanana ma oni ehemanethahoth ombalata ratak intiriwenne netha lamayine
anee mehemath haamuduruwaru. mee kavuruth danne nethda lankaawe inna rajapaksha horu pilibadawa. pisso