නව පනත ගැසට් කරයි.. ජනපති විධායක බලයත් ඉක්මවන විධායක ඇමතිවරයෙක් පත් වෙයි.. සාකච්චා කිසිත් නැතිව ETCA අත්සන් කරන්න යයි..

December 6, 2016 at 10:40 am | lanka C news
නව පනත ගැසට් කරයි.. ජනපති විධායක බලයත් ඉක්මවන විධායක ඇමතිවරයෙක් පත් වෙයි.. සාකච්චා කිසිත් නැතිව ETCA අත්සන් කරන්න යයි..

පසුගිය 25 වැනි දා ගැසට් කර ඇති නව පනතක් මගින් ජනාධිපතිවරයාගේ බලතලද ඉක්මවන බලතල ඇති ඇමැතිවරයකු සහ එම බලයම ඇති විශේෂ නිලධාරියකු පත් කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසන්නේ ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධව සාකච්ඡාවකට අවස්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

මෙම පනතෙන් විධායක ජනාධිපතිවරයාටද නොමැති තරමේ අසීමිත බලයක් වෙනත් ඇමතිවරයෙකුට ලබා දී ඇති බව් ඒ පිලිබද අධිකරණයේ අභියෝග කිරීමටද නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ‘එට්කා’ ආදී ගිවිසුම්ද සාකච්චා සම්මුතීන් කිසිත් නැතිව සම්මත කර ගැනීමට මේ පනත තුළින් අසීමිත බලතල ලැබෙන නිසා එය භයානක තත්ත්වයක් බවත් ජනාධිපතිවරයා මේ ගැන වහා අවධානය යොමුකළ යුතු බවත් සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

10 views

6 Comments to “නව පනත ගැසට් කරයි.. ජනපති විධායක බලයත් ඉක්මවන විධායක ඇමතිවරයෙක් පත් වෙයි.. සාකච්චා කිසිත් නැතිව ETCA අත්සන් කරන්න යයි..”

  1. ExUNPer says:

    We honour GMOA for taking care of mother Lanka !
    We honour GMOA for taking care of mother Lanka !
    We honour GMOA for taking care of mother Lanka !

    Shame on many of our parliamentarian dogs for deliberately ignoring the country for $$$$$$$

  2. Udara says:

    Well done GMOA..

  3. OLU says:

    අපේ රටේ සියලුම බුද්ධිමත් ජනතාව එක්වී මේ යහපාලන රෙජීමය ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුව විසුරුවාහරින තුරු උද්ගෝෂණ කල යුතුයි
    මුළු රටේම ජනතාව යහපාලන ඉවත් වන තුරු සටන් කිරීමට පාරට බැසිය යුතුයි ..ජනතා බලයෙන් පත් වූ ආණ්ඩුවක් ඉවත් කල හැක්කේද ජනතාවට පමණි
    අපේ රට අනතුරේ ..එය බේරාගැනීම රටේ ජනතාවගේ වගකීමයි …
    Thanks.. GMOA …

  4. fernando says:

    මේක අපට හොද පාඩමක්….උබලට සන්හිදියාව එපානම් අප්ට දෙපාරක් එපා…..ප්ක්ශ පාට අමතක කරල සිංහලුන්ට එකට එකතුවෙන්න කාලෙ හරි…මත තියාගනිල්ල මෙක සින්හලයන්ගෙ සින්හලරට…

  5. saradieal says:

    නව පනත අපි හෙලා දකිමු ..එය තරයේ ප්‍රතික්ෂේප කරමු ..වහාම මේ පනත් හකුලා ගනු…
    සිරිසේන -රනිල් ඉල්ලා අස්වෙන්න ..පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ….මේ පනත් අපේ රටට අවශ්‍ය නැත

  6. Vimarshana says:

    විධායක ජනාධිපති ක්‍රමය ආහොසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණ, ජනමතයට පයින් ගසා විධායක ජනාධිපතිටත් වඩා බලතල ඇති නිලයක් ස්ථාපිත කිරීම යහපාලනයද?

Main News