නව පාර්ලිමේතුවේ පලමු කාර්ය ලෙස 19 අහෝසි කරන්න යයි..

August 14, 2020 at 1:20 pm | lanka C news
නව පාර්ලිමේතුවේ පලමු කාර්ය ලෙස 19 අහෝසි කරන්න යයි..

නව ආණ්ඩුවේ පළමු රාජකාරිය විය යුත්තේ 19 වන සංශෝධනය අහෝසි කිරීම බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

නව පාර්ලිමේන්තුව 20 වෙනිදා රැස් වූ වහාම පළමු කටයුත්ත ලෙස 19 සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ තම අමාත්‍යංශය රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු මාද්‍ය වෙත අදහස් පල කරමිනි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු අංශ ආවරණය කරමින් මෙවර ඇමැති මණ්ඩලය පත් කර ඇති බවත් එය සමස්ත ජනතාවට සතුටු විය හැකි බවත් ඔහු තව දුරටත් පෙන්වා දුන්නේය.

32,678 views
Main News