නව බලවේගයක්.. ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වරම විපක්ෂයට.. ආණ්ඩුවේ 50ක්වත් ඉතිරි නොවේලු..
January 6, 2022 at 3:18 am | lanka C news
නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට ආණ්ඩු බලයක් ලබා ගැනීමට ආණ්ඩුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය සමග සාකච්ඡා කරමින් පවතින බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
2022 වසර තුළ සමගි ජන බලවේගය ඇතුළු තවත් පාර්ශව රැසක එකතු වීමකින් ආන්ඩුවේ පිරිසගේ සහයක් ඇතිව නව ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.
එහිදී විපක්ෂයේ සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින ආණ්ඩුවේ මැති ඇමතුම් පිළිබඳව කිසිවක් හෙළි කර නොහැකි බව පැවසූ නලින් බණ්ඩාර මහතා ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේ දී විපක්ෂයේ සමග හිටිහැටියේ එකවරම එකතුවීමට නියමිත බව සඳහන් කරයි.
එමෙන්ම සුසිල් ප්‍රේම ජයන්ත වැනි වංචා දූෂණ වලින් තොර පිරිසුදු නායකයෙකු සමගි ජන බලවේගය සමග එකතු කර ගැනීමට එම බලවේගය කැමැත්තෙන් පසුවන බවද නලීන් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
ඒ අනුව ඉදිරියේදී සමගි ජන බලවේගය සමග හෝ ආණ්ඩුවට විරුද්ධ ව ගොඩනගන බලවේගය සමග සුසිල් ප්‍රේමජයන්ත මහතාට එක්වන ලෙස තමන් ආරාධනා කරන බව ඒ මහතා සඳහන් කරයි.
මේ අතර විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර ,යන අමාත්‍යවරුන් ද මේ මොහොතේ සිටින්නේ ආණ්ඩුව සමග නොවන බව පෙන්වා දෙන නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් ගෙන් සහ අමාත්‍යවරුන් 50 කටත් වඩා අඩු සංඛ්‍යාවක් රාජපක්ෂ පවුල සමග සිටින බවයි .
ඒ අනුව ඉදිරියේ දී ආණ්ඩු විරෝධී බලවේග සියල්ල එකතු කරගන්න 2022 වසර තුළ නව ආණ්ඩුවක් නිර්මාණය කරන බව නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කලේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
නරියත් බලා හිටියලු. අජබෙට තියන හිස රදය ආංඩුව නෙවෙයි, ජප්පො. ඒත් උන් හැමදාම ඔහොමයි.සද්දෙ විතරයි. තුනෙන් උඩට එන්නේ නෑ.
SAJABE RATA PALANAYA KALOTH WENA DE GANA INNA SET EKA DAKAPUWAMA THERENAWA.
නව බලවේගෙයක් ලු
හැබැයි ඉන්න උං ම රොත්ත ගහල ලු හදන්නේ .
මුං පවු නේ?
මැරිලා පලයවු 226 ම හෙනෙයක් වත් ගහලා.
රෙද්දෙ නව බලුවේගෙ
Manthri,amathila, ape gotabaya sir ge vinayata Inna barinam palayaw, namuth Moka ekka akathuwunath unta upe chande na