නව මහාධිකරණ විනිසුරුවන් 12ක් පත් කරයි.. ලයිස්තුව මෙන්න..

September 14, 2020 at 12:40 pm | lanka C news
නව මහාධිකරණ විනිසුරුවන් 12ක් පත් කරයි.. ලයිස්තුව මෙන්න..

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ ඔවුන් කලින් හෙබ වූ පදවි මෙසේය.

01- ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා – දිසා විනිසුරු

02- සී. මීගොඩ මහත්මිය – දිසා විනිසුරු

03- ඒ.අයි.කේ. රණවීර මෙනවිය – දිසා විනිසුරු

04- කේ.එස්.එල්. ජයරත්න මෙනවිය – ප්‍රධාන මහේස්ත්‍රාත්

05- ආර්.එස්.ඒ.දිසානායක මහතා – මහේස්ත්‍රාත්

06- ඩබ්ලිව්.එම්.එම්. තල්ගොඩපිටිය මහතා – දිසා විනිසුරු

07- ඩී.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.ආර්.සී.පී. කුමාරි දෑල මෙනවිය – දිසා විනිසුරු

08- එච්.එස්. පොන්නම්පෙරුම මහතා – දිසා විනිසුරු

09- එස්.අයි. කාලිංගවන්ස මෙනවිය – අතිරේක දිසා විනිසුරු

10- ඩී.ඒ.ආර්. පතිරණ මහතා – මහේස්ත්‍රාත්

11- එන්.ටී. වික්‍රමසේකර මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

12- ඒ.ජී.යූ.එස්.එන්.කේ. සෙනෙවිරත්න මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

– ජනාධිපති මාධ්‍ය අංශය

52,949 views

9 Comments to “නව මහාධිකරණ විනිසුරුවන් 12ක් පත් කරයි.. ලයිස්තුව මෙන්න..”

  1. Ranga says:

    මොකද මේ වැඩි හරියක් විනිසුරුවරියන් මෙනෙවියන් .

    • කව්ද බදින්න කැමතිවෙන්නෙ.

      බැන්දොත්……
      නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ…

      බැන්ද එකා හිරේ ගියාවගේම තමයි.🤣🤣🤣

    • Vasana says:

      කාන්තාවන්ට පිරිමින්ට වගේම සම අයිතියක් තියනවා ඕනෑම රැකියාවක් කිරීමට ..Ranga.ඇයි උබ කාන්තාවන්ට අකමැති ..අම්මා ,නංගිලා නැද්ද බූරුවෝ

      • චතුර says:

        ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ? රංග අහන්නේ ඇයි මේ වැඩි හරියක් කාන්තා විනිසුරුවරියන් මෙනෙවියන් වෙන්නේ ඇයි කියලනේ? ඒ හැර කාන්තාවන්ට අකැමැත්තක් කියල රංග කියන්නේ නැහැනේ? කොමෙන්ට් එකකට උත්තර ලියන්න කලිං කොමෙන්ට් එක හරියට කියවන්න කියල චන්දදායකට කියන්න නැමතියි.

        • sena says:

          කාන්තා විනිසුරුවරියන් අතරින් 4 දෙනෙක් මෙනෙවියන් ඊට අමතරව මෙනෙවියන් හැටියට හඳුන්වා නැති ‘මහත්මිය’ හා ‘මිය’ යනුවෙන් හඳුන්වා ඇති 3න් දෙනෙක් පත්කරණු ලැබී ඉන්නවා. ප්‍රශ්ණය විය යුත්තේ ඒ තනතුරට සුදුසුම අය තෝරාගෙන තියෙනවාද යන්න පමණය්.

    • Saradiel says:

      නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනාටම අපේ සුභ පැතුම් …අපේ රට ජාතියට ඔබ සැමගෙන් අවංක සේවයක් සිදු වේවා

    • සනත් ඉතාලිය says:

      කලුරෙද්දෙන් ඇස් බැදගෙන ඉන්නෙ තරාදියක් එල්ලගෙන එයත් කන්‍යාවියක් නේද ඒකයි හේතුව

  2. චන්දිමානි says:

    නීතියේ ආධිපත්‍යය නීතියට සහ යුක්තියට අනුම පසිදලීමට ඔබ සියළු දෙනාටම ශක්තිය ලැබේවා…..

  3. Krishan Senarath says:

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඇතුළු නව මහාධිකරණ විනිසුරුවන් ලෙස අභිනවයෙන් පත්විම් ළඳ සියළු දෙනාටම අපක්ෂපාතීව නිවරදි තිරණ තින්දු පවතින නිතිරාමුව තුල ගැනිමට මානුෂිකත්වයත් ඇතුලත්ව ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා.

Main News