ආර්ථිකය නට්ටං.. නව මුදල් ඇමති සමග අමාත්‍යාංශ ලේකම් සහ මහ බැංකුවේ අධ්පති ධූරවලට මහින්ද සහ චන්ද්‍රිකා යුගයේ නිලධාරින්…

May 18, 2017 at 3:00 pm | lanka C news
ආර්ථිකය නට්ටං.. නව මුදල් ඇමති සමග අමාත්‍යාංශ ලේකම් සහ මහ බැංකුවේ අධ්පති ධූරවලට මහින්ද සහ චන්ද්‍රිකා යුගයේ නිලධාරින්…

ඉදිරි දින කිහිපය තුල සිදුවන බව කියන මුදල් අමාත්‍ය ධූරයේ වෙනස්කම් මත අමාත්‍යාංශයේ ඉහළ පුටුවල වෙනස්කම් රාශියක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථිකය හැසිර වූ ප්‍රධාන රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු මෙන්ම චන්ද්‍රිකා යුගයේ ආර්ථික උපදේශකයකු ලෙස සිටි නිලධාරියෙකු නැවත ගෙන ඒමට මෛත්‍රී පාර්ශවය කටයුතු යොදමින් සිටී.

පසුගිය දෙවසරක කාලය තුල රජය අපේක්ෂා කල ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාලීමට දැනට සිටින නිලධාරින් අපොහොසත් වීම මෙන්ම නිසි ලෙස ආර්ථිකය සැලසුම් කොට රටේ අවශ්‍ය සංවර්ධනය කරගෙන යෑමේදී මෙම නිලධාරින් දැක්වූ උදාසීන භාවය මෙන්ම නිසියාකාරව ආර්ථිකය කළමනාකරණය නොකිරීම නිසා පසුගිය වසර දෙක තුල ඉතා අඩු ආර්ථික වර්ධනයක් වාර්තා කිරීම මීට හේතුවයි.

141 views

8 Comments to “ආර්ථිකය නට්ටං.. නව මුදල් ඇමති සමග අමාත්‍යාංශ ලේකම් සහ මහ බැංකුවේ අධ්පති ධූරවලට මහින්ද සහ චන්ද්‍රිකා යුගයේ නිලධාරින්…”

  1. danu says:

    වැඩබැරි මොලේ නැති සිරාට පුලුවන් පාවාදීම පමනි ඡාතිය ආගම රට මූ තුන් සිංහළයම පාවා දෙනවා where is the world best finance minister

    • Upali says:

      පී බී ජයසුන්දර ගැන විමල් ඒකාලෙ හොඳ සහතික දුන්නා.

      • රොෂාන් says:

        පි බි හින්දා තමයි යුද්ධය ඉවර කරලා ආර්ථිකය බැලන්ස් කළේ.එයා වැඩ කළේ මහින්ද මහත්තයාගේ දීර්ඝ කාලීන දැක්ම අනුව. එයා හිටිය නම් කවුරු කැහැගැහැවුවත් නිවැරදි දේ කරලා ආර්ථික ජාත්‍යන්තර ආර්ථිකය සමග නිවැරදි තැනකට අරගෙන එයි. ආර්ථිකය ගැන නොදන්න මිනිස්සු ආර්ථික ඝාතකයා කිව්වට දැන් පේනවා නේද අාර්ථිකයට වෙලා තියන දේ

    • piyal says:

      එයා චතුරිකා ලග දනින් වැටිලා ඇමතිකම තියාගන්න ,

  2. රටට හිතවත් says:

    මහ තැන බුද්ධි හීන ගිරාම නාසක වෙනකොට, දෙවෙනි මහ තැන සහ ගෝල බාලයෝ ඉතිං “කළුවා මාරපන් ගියා වගේ” නැතෑ! අනික පෙට්ටගම බාරව ඉන්න උන්දැ “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” නෙව! අන්තිමේදී වටේ කැරකෙන “කේවට්ට පරපුර” කරන්නෙත් කලක් හිස්වෙලා තිබ්බ තමන්ගේ මඩි තරකරගනු වස්, “ආඬි හත් දෙනාගේ කැඳ හැලිය” අපූරුවට හැඳිගාන එක විතරනේ! අත දෙන්නම් අප්පොච්චියේ කියල ඔලුව අතගාපු “ඒරොප්පේ තක්කඩි රාලලත්” ඉතිං මේ ගොබ්බ සේනාව ලවා තමන් හිතේ හැටියට අපූරුවට “බළල්ලු ලවා කොස් ඇට බෑවා” කියහන්කෝ!! අන්තිමට මේ හැංගි හැංගි වෙස් බැන්ද හිටං හුටං, යැංකි ඩිංකි ල එළිපිට නටනකොට තමයි අපේ අන්ද මන්ද ලට තේරුනේ, හයියෙන් හුරේ දාල, බෙර තම්මැට්ටම් ගහල වඩම්මාගෙන ආවට යකෝ “පස්සේ ගෙනා මනමාලි” , “උපං ගෙයිම කනවැන්දුම්” කියල!!!

  3. wije says:

    Best finance minister got appreciation from tamil diaspora. that is the gospel truth. UK USA EUROPE conspiry that.

  4. Jayaruwan says:

    අහ් මේ අපේ අර්ථික ඝාතකයො දෙන්නනේ

  5. Kolitha says:

    Whyrapala barisena gama kaagaththa witharak neme ratama kaabasiniya kalaaneda…..dan sapada…?

Main News