නව රජය පිහිටුවන්න සූදානම්..- මහින්ද

August 5, 2020 at 3:00 pm | lanka C news
නව රජය පිහිටුවන්න සූදානම්..- මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තංගල්ල කාල්ටන් නිවසෙන් පිටත් වීමට පෙර එහි වැඩම කල මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර  අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මහමැතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් පිහිටුවීමට සූදානම් බව‍යි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ”  ඡන්දයේ වටිනාකම අවබෝධ කරගෙන සිටින ජනතාව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දුයි. තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ  අවශ්‍යතාවයක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී හැටනව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරියේ දී පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය මගින් ක්‍රියාත්මක කරනවා. ආර්ථික අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම්.අපි මීට වඩා අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. සෞඛ්‍යය උපදෙස් අනුගමනය කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව තුළ ඇති උනන්දුව අපි අගය කරනවා.”

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා,

ශිරන්ති රාජපක්ෂ මහත්මිය, නාමල් රාජපක්ෂ මහතා ඇතුළු  අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ අයද අග්‍රාමාත්‍යවරයා සමඟ ඩී. ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයට පැමිණ ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළහ.

අනතුරුව අග්‍රමාත්‍යවරයාගේ දෙමව්පියන් වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සහ දන්දිනා සමරසිංහ දිසානායක මැතිණියගේ ස්මාරකයට අග්‍රමාත්‍යවරයා පුෂ්පෝපහාර දැක්වීය.

– සිසිර මුණසිංහ

138 views

22 Comments to “නව රජය පිහිටුවන්න සූදානම්..- මහින්ද”

  1. narada says:

    මහින්ද නාමෙන් ජය ඝෝෂා
    මවුබිම සුරකින වග සාදා
    නංවමු මහ සයුරද පරදා
    ඔබයි නායකත්වය සැමදා!!!! සිවු හෙලේ අපේ නායකයා අපේ අප්පච්චී බුදු සරනයි

    අනිවාර්යයෙන් අපි ඉන්නවා එකෙන්ම මහින්ද මහත්තයා ඇතුළු පව්ලෙ සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

    • චන්ඳෙ says:

      කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙනවද​?. ඔය ස්මාරකෙත් හදපු සල්ලි ගැන රටම දන්නවා.. ඊගාව චන්ඳෙ වෙනකම් මේවම වෙයිද​?.

      • චන්දේ රෑට චූ කරලා නිදා ගනින්. නැත්තං උබේ යහන වේලන්න වෙනවා හද එළියෙන්

    • Banda says:

      මෙවර 40% කට වැඩි සංඛ්‍යවක් චන්දය බාවිතා කර නෑ .ජාතීන් අනුව ගත හොත් මුස්ලිම් ජාතීන් 95% කට අධික පිරිසක් චන්දය බාවිතා කර තිබෙනවා. නමුත් සිංහලයින් චන්දය ප්‍රකාශකර ඇත්තේ 40%කට අඩු සංඛ්‍යවක්. චන්දය ප්‍රකාශ නොකල සිංහල චන්ද වලින් අති බහුතරයක් පොහොට්ටුවට වැටීමට තිබුනු චන්දයි. ඒ වගේම චන්දය පාවිච්චිකරන ලද මුස්ලිම් චන්ද වලින් 95%ක් බාවිතා කර ඇත්තේ පොහොට්ටුව නොවන පක්ශ වලට. මෙය ගැබුරුව විශ්ලේශනය කිරීමේදී පෙනී යන්නේ තනි පක්ශයක් වසයෙන් පොහොට්ටුවට 2/3 ගැනීමේ අවස්තාව ගිලිහී ගියා. මෙයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මිනිසුන්ට චන්දය දීම එපා කල තක්කඩි දේශපාලුවන්.

  2. Truth says:

    Mahinda is just dreaming…everyone has right to dream…but Sajith will be the next PM…

  3. PULATHISI says:

    අතිගරු අග්රායමාත්යස, මහින් ද රාජපක්ෂව මැතිතුමනි. ලක්වැසි මුලු මහත් ජනතාව වෙනුවෙන් 1970 සිට පාර්ලිමේන්තු මන්ත්රීයවරයෙකු ලෙස ආරම් භ කරන ලද දේශපාලන ක්රිුයා දාමය, කැබිනට් අමාත්යටවරයෙකු වශයෙන් ද අග්රායමාත්යසවරයෙකු වශයෙන් ද, ශ්රීය ලංකාවේ පස්වන විධායක ජනාධිපති වශයෙන් ද දිවිහිමියෙන් ලක්මව වෙනුවෙන් ඉටුකරන ලද අතිඋදාර සේවය ලක්ජනතා විසින් සදා සමරනු ඇත. වත්මන් තත්වය අනුව ඔබතුමාගේ සේවය සහ ජාතික ආරක්ෂා ව නැවත වරක් ජනතාව අපේක්ෂාම කරන්නේ හදබැඳි ආදරයෙනි.
    ඒ අනුව මෙවරද කුරුණෑගල දිස්ත්රිරක්කයෙන් ප්ර්ථම ස්ථානයෙන් අතිවිශිෂ්ඨ ජයග්රිහණයක් ලබමින් ශ්රීද ලංකා අග්රාිමාත්යනවරයා වශයෙන් සේවය කරන්නට ඔබතුමාට සියලු ශක්තිය, ධෛර්ය් ලැබේවායි සුභාසිරි පතමි.

  4. Mark Anandappa says:

    He just casted his vote –

  5. hitan says:

    excellent

  6. Nalaka says:

    Aiyo.. Danwath gedara yanawa da.. Wada denne natiwa

  7. ක්‍රිමිනල් says:

    මම මහින්දගේ රැවුලට බයයි බෛයනේ… මගේ රැවුල වැවෙන්නෙ නෑ… රැවුල තියන අයට මම බයයි

  8. Hari says:

    අගෝස්තු 06 වෙනිද ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍ර ජනරජයේ අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අතිවිශිෂ්ඨ ජයක්

  9. සුදත් says:

    මිතුුවරුනි අගෝස්තු මස 07 වන දින අලුයම 6.23 ට තිබෙන ශුභ මොහොතින් මහනුවර දළදා මාලිගයේ පත්තිරිප්පුව ඉදිරිපිටල මම ඔබලාගේ ආදරණීය අගමැති ලෙස දිවුරුම් දෙනවා එතැන් සිට මම ඔබේ සේවකයා හැටියටයි මම සිතන්නේ.සජිත් ප්‍රේමදාස.

  10. Love nature says:

    රටේ අනාගතය තීරණය කරන්නේ දේශපාලකයින් නිසා, නිවැරදි පුද්ගලයින් පත් කරන්න

Main News