නව වසර උදාවේ සාදයකට සහභාගි වු සිව්දරු පියා අභිරහස් ලෙස ජිවිතක්ෂයට….

January 2, 2021 at 2:22 am | lanka C news
නව වසර උදාවේ සාදයකට සහභාගි වු සිව්දරු පියා අභිරහස් ලෙස ජිවිතක්ෂයට….

නව වසර උදාවේ සාදයකට සහභාගි වු සිව්දරු පියා තේ වත්තේ (01) දින අභිරහස් ලෙස මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් වත්තේ පදිංචි ආරුමුගන් කුමාර් නැමති 39 හැවිරිදි සිව්දරු පියෙකි.

එම වතු යායේම තවත් පිරිසක් සමග (31) රාත්‍රි 8 ට පමණ නව වසර උදාවට සාදයක් පැවැත්වෙන බවත් , තමන් එම සාදයට සහභාගි විම සදහා යන බව තමන්ට පවසා නිවසින් පිටව ගිය සැමියා ආපසු නොපැමිණි නිසා සැමියාව සොයන අවස්තාවේ සැමියා තේ වත්ත මැද අභිරහස් මියගොස් සිටි බවයි ජිවිතක්ෂයට පත් සිව්දරු පියාගේ බිරිද පවසන්නේ.

මත්පැන් සාදයට සහභාගි වු එම වතු යායේ තරුණයෙකු කියා සිටියේ මිය ගිය අය සමග මත්පැන් සාදයක් පැවැත් වු බවත් , එම සාදය පැවැත්විමෙන් පසු සියළු දෙනාම වෙන් වෙන්ව නිවාස වලට පිටව ගිය බවයි.

මත්පැන් සාදය පැවැත් වු ස්ථානයට මදක් දුරින් තේ වත්තේ සිව්දරු පියාගේ සිරුර  තිබි හමු වු බවත් , සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

26,001 views

3 Comments to “නව වසර උදාවේ සාදයකට සහභාගි වු සිව්දරු පියා අභිරහස් ලෙස ජිවිතක්ෂයට….”

  1. Love nature says:

    සුද්දා ගෙනාපු මත්පැන් දැන්වත් තහනම් ක‍රන්න.

    පරංගි ලංකාවට ආපු මුල්ම කාලයේ දිනක් කොටුවේ සිටි සිංහල හේවායින්ට විදෙස් ජාතිකයින් කිහිප දෙනෙක් වෙරළේ සුදුපැහැති ගල් විශේෂයක් කමින්, රතු පැහැති ලේ බොනවා පෙනුනා. ඒ සුදු පැහැ ගල් තමයි පාන්. ලේ විදියට දැක්කේ රතුපාට වයින්. ඒ හමුවුණු පරංගියා නැත්නම් පෘතුගීසි ජාතිකයින් එක්කරන් ගිහින් එවකට කෝට්ටේ රජතුමාට හඳුන්වා දුන්නා. පසුකාලීනව මේ සුරා නිෂ්පාදනය දේශීයව කරන්න ඔවුන් උඩගෙඩි දුන්නා. ලන්දේසීන් විසින් ලංකාවේ වෙරළබඩ පළාතේ පොල් වැව්වා. ඒ එක්කම පොල් වලින් පොල් අරක්කු, පොල් රා නිෂ්පාදනයත් නැගලම ගියා. රොබට් නොක්ස් සහ ඒ සමකාලීනයන් දක්වන විදියට උඩරට සිංහලයා එතරම්ම මතට ලොල් වෙලා තිබුණේ නැහැ. ඒත් සුදු ජාතිකයින් විසින් විවිධ අවස්ථාවල අපේ ජනතාව සුරාවට හුරු කළා.

    සිංහලේ අවසාන රජතුමා වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා සුරාවට සහ ස්ත්‍රීන්ට ලොල් වූ අයෙක්. ඔහුට වෙරළබඩ ලන්දේසීන් විසින් විටින් විට තෑගි ගෙනත් දුන්නා. ඒ වගේම කන්ද උඩරට අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහටත් විස්කි, අරක්කු හොර පාරෙන්ම සපයන්න ජෝන් ඩොයිලි වැඩ කළා. ඉන් පස්සේ සුරා බීපු ශ්‍රී වික්‍රම රාජසිංහ සුරා මතින්ම විවිධ අවකල් ක්‍රියා කරන්නට වුනා. ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මැරුවේත්, මද්දුම බණ්ඩාර ගහලයාට හිස දුන්නේත් ඒ සුරාමතින් දුන්න තීරණ අනුව කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

    • Gorilla says:

      නියම සිංහලයෝ හොදට අඩිගහනව. සුර නිමල යොදයාට නම හැදුනේ රා කල හතක් එක පිට බීල. දුටු ගැමුණු රජ ඇතුලු සේනාව යුද ජයග්‍රහනය සැමරුවේ හොදට සැනකෙලි පවත්වල රා බීල. ගෝටයිම්බර යෝදයා මහසෝනා මරල දුටු ගැමුණු රජ මුණ ගැසෙන්න ගියේ යහමින් රා බීල. හැම දේම තහනම් කරන්න කිය කිය වැලලෙන්න හදන්නේ ඉතිහාසය දන්නේ නැති, ලිං මැඩි මානසිකත්වයකින් පෙලෙන පොන්සියො තමයි.

Main News