නව ව්‍යවස්තා සම්පාදක කමිටු කාර්යාලය වහලා.. ‘දිවිත්ව පුරවැසි අහෝසිය’ යෝජනාව අරගෙන විමල්ගේ පක්‍ෂය හැරී යයි..

November 29, 2020 at 6:28 am | lanka C news
නව ව්‍යවස්තා සම්පාදක කමිටු කාර්යාලය වහලා.. ‘දිවිත්ව පුරවැසි අහෝසිය’ යෝජනාව අරගෙන විමල්ගේ පක්‍ෂය හැරී යයි..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පිහිටුවන ලද ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා 23කින් යුත් සංකල්පීය යෝජනා මාලාවක් භාර දීමට පැමිණියත් අදාළ කාර්යාලය වසා ඇති බැවින් එම යෝජනාවලිය ජනතා අවධානය පිණිස ජනමාධ්‍ය වෙත මුදා හරින බව ජානිපෙ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා (26) පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ එම යෝජනාවලිය බාරදීම පිණිස ඉහත ව්‍යවස්ථා සම්පාදක කමිටු කාර්යාලය පිහිටා ඇති කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ කමිටු කාමර අංක 2ජී – 32 හා 33 ඉදිරිපිට දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවෙහි ස්ථාපිත කොට ඇති ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා 23කින් යුත් ජාතික නිදහස් පෙරමුණේ සංකල්පීය යෝජනා මාලාව භාර දීමටයි අප එම ස්ථානයට අද පැමිණියේ.

එම යෝජනා මාලාව තුළ කුමන හේතුවක් නිසා හෝ නව ව්‍යවස්ථාවට ඇතුළු නොකළ යුතු දේ, පවතින ව්‍යවස්ථාවෙන් ගත යුතු දේ මෙන්ම නිවැරදි විය යුතු දේ, විධායක ජනාධිපති ක‍්‍රමය සහ ඡුන්ද ක‍්‍රමය පිළිබඳ මතය හා ඓතිහාසික වැරදි නිවැරදි කිරීම යන ප‍්‍රධාන ශීර්ෂ 05 යටතේ කරුණු දක්වා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට 69 ලක්‍ෂයක ජනවරමක් ලැබුණේ, එම ජනවරම තවදුරටත් ශක්තිමත් කරමින් අපේ දේශපාලන කඳවුරට 2/3ක පාර්ලිමේන්තු බලයක් ලැබුණේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. එම නව ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකා රාජ්‍යයට ස්ථාවරභාවය ගෙන එන, ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක බෙදුම්වාදී බලවේගවලට කිසිදු ඉඩක් නොතබා ඒකීයභාවය සුරකින, සම්බුද්ධ ශාසනයේ ඓතිහාසික පැවැත්ම සුරක්ෂිත කරන, මූලික මිනිස් අයිතිවාසිකම්, පරිසරය, පුරාවිද්‍යා උරුමයන් සුරකින, ජාතියේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරන, විදේශිය බලපෑම්වලින් අත් මිදුණු, ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත්කළ හැකි එකක් විය යුතු බව ඉහත ජනතා වරම මගින් කියැවී තිබුණා. එම ජනතා අපේක්ෂාවන් සාක්‍ෂාත් කර ගත හැකි සංකල්පීය ම`ග පෙන්වීමක් අප යෝජනාවලිය තුළ අඩංගු වෙනවා.

නමුත් අද මෙම කාර්යාලය විවෘතව පවතින්නේ නැහැ. ඒ නිසා අපි ජාතික නිදහස් පෙරමුණ විදියට ජනමාධ්‍ය වෙත එය නිකුත් කිරීමට කටයුතු කරනවා. එමගින් අපගේ යෝජනාවලිය පිළිබඳව රට තුළ බලවත් සංවාදයක් ඇති කර ගත හැකි වෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම නුදුරු දිනයකදී මෙම කාර්යාලය විවෘතව ඇති මොහොතක ඒ වෙත අපේ යෝජනාවලිය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.‘‘

මෙම යෝජනාවලිය භාර දීම පිණිස ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් එස්. විජේසිරි මහතා හා දේශපාලන මණ්ඩල සභික, නිමල් පියතිස්ස, උද්දික පේ‍්‍රමරතන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද ව්‍යවස්ථා සම්පාදක කමිටු කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

41,567 views

18 Comments to “නව ව්‍යවස්තා සම්පාදක කමිටු කාර්යාලය වහලා.. ‘දිවිත්ව පුරවැසි අහෝසිය’ යෝජනාව අරගෙන විමල්ගේ පක්‍ෂය හැරී යයි..”

  1. MD says:

    ඔබ විසින්ම දොවාගත්ත කිරි කලයට ගොම මිශ්‍ර කිරීම ඔබ විසින්ම කරන්න තරම් බොළඳ නොවන බව විශ්වාසය තබමි. ධෛර්යය ලැබේවා මාධ්‍ය සංදර්ශන නම් ඵපා.ජයවේවා!

  2. APPUHAMY says:

    Wimal ta pissuwa hondatama tadawela.

  3. Analin says:

    මේ ආණ්ඩුව කීයටවත් නව ව්‍යවස්ථාවක් ගෙන්නේ නැහැ. මේවා කාලය කා දමන්න මාධ්‍ය වලට පුවත් පුරවන්න විතරයි හොඳ. ව්‍යවස්ථාව දැන් රාජපක්ෂ පවුලට ඕනා විදියට හදලා තියෙන්නේ. දැන් එයාලගේ නඩු ටික නිදොස් කොට නිදහස් කර ගත්තා ට පස්සේ වැඩේ ඉවරයි. සැමට එක නීතියක් වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගය ක් ගන්නේ නැහැ. ගාව ගාතනය තහනම් කරන්නේ නැහැ. ෂරියා , කා ති උසාවි අයින් කරන්නේ නැහැ. මද්‍යසාර පාසල් ඉවත් කරන්නේ නැහැ. ෂරියා විශ්ව විද්‍යාල, මදුරන්කුලිය ෂරියා කොලිජය අහෝසි කරන්නේ නැහැ.

  4. Open mind says:

    නොකෙරෙන වෙදකමට………

  5. Thruth says:

    Niyamaai Sir ta awrudu 5 adaganna topics tika make thiyenawa ..

  6. ක්‍රිමිනල් says:

    5000න් මාසයක් කාලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වීරමංකී ! කැටයගෙන් කනේ පාරක් නොකා. ඔවර් ඇක්ටීන් දගලානා එකේ උපරීමය.

  7. බන්ඩා says:

    ජානිපෙ ක්‍රියාව හරියටම හරි. ගෝටා ජනාධිපති උනේ සිංහල චන්ද වලින් බවත් සිංහල ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න පරන ජනාධිපති බලය අවශ්‍ය බව පොහොට්ටු මංත්‍රීල නොදන්නවා වෙන්න බැහැ. නමුත් පොහොට්ටු චන්ද වලට හිමි කම් කියන කට්ටියක් ප්‍රජාතන්ත්‍රවාදයෙ නාමයෙන් 20 කුඩු කරල වීරයො වෙන්න හැදුවා. බදුර්දීන්ලාට හකීම්ලාට අවස්ථාව ඇවිත් අලුත් විදිහට පරණ පුරුදු ගේමට බැහැලා. ගෝටගෙ නම වංශ කතාවෙ ලියවෙන්නෙ ඒ කියන්නෙ සිංහල රටේ අනාගතය රදා පවතින්නෙ බැසිල් බදුර්දීන්ලව ඇඹරුවද බදුර්දීන්ලා බැසිල්ව අඹරනවද යන්නට ලැබෙන උත්තරය මතය්.

    • ක්‍රිමිනල් says:

      අමූ මෝඩ බෛයො දැකලා තියෙනවා එත් මේ වගේ සුපිරී මැටී ගනයේ බෛයෙක් මේ දැක්කමයි ! ඇයි බං උබ මෙහෙම ?

  8. pamal says:

    අවශ්‍ය වෙලාවෙ වැඩේ නොකර දැන් ලොකු ටෝක් දෙනවා. මුන් හිතන්නේ මිනිස්සු මුන්ගෙ බොරු වලට රැවටෙනවා කියලා

    • බන්ඩා says:

      කොරන්න බැරි 20 පරද්දන්න හැදුවෙ 🐘🐅🐪🛎☎️ හරක්.

  9. Darshana abayakoon says:

    විවස්තාවට පක්ශව අත උස්සල දැන් යනව කොල කෑලි අරගෙන චන්දෙ ගත්ත හරක් පට්ටිය රවට්ටන්න. දෙශප්‍රෙමය රෙද්ද පල්ලෙන් බෙරෙනව.

  10. ඕක රෝල් කරලා පුපේ ගහගනු දැන්. 🤣🤣🤣

Main News