‘නව ව්‍යවස්ථාවක් එපා.. සංශෝධනත් එපා..’ මහනාහිමි මතව සමග ශ්රීලනිපය හිටගනී.. 2/3 අහිමි වේ.. UNP-JVP-TNA සන්ධානය තනිවේ..
October 20, 2017 at 1:20 pm | lanka C news
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ මහානාහිමිවරුන්ගේ මතයට සමාන මතයක් යයි චන්දිම වීරක්කොඩි නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයා පවසයි.
මහ නාහිමිවරුන්ගේ උපදෙස් මත පමණක් නව ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද ඇමතිවරයා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කලේ අද කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශලාවේ පැවැති උත්සවයකදීය.
මල්වතු අස්ගිරි නිකායන්හි කාරක සංඝ සභා හිමිවරුන් පසුගියදා ප්‍රකාශ කර සිටියේ ‘නව ව්‍යවස්ථාක් එපා.. ව්‍යවස්ථා සංශෝධනත් එපා’ යනුවෙනි.මෙම තීන්දු ගනු ලැබුවේ මහනාහිමිවරුන්ගේ අනුදැනුම හා උපදෙස් මත බවද මාධ්‍ය අමතමින් නිකායන් දෙකේ නායක හිමිවරුන් එහිදී පැවසූහ.
එනම් ඇමතිවරයාට අනුව ශ්‍රීලනිපයේ මතයද එයම විය යුතුය. මෙම තත්වය මත නව ව්‍යවස්ථාවට පක්ෂව සිටින්නේ එජාපය, දෙමල සන්ධානය හා ජවිපෙ පමණි. එනම් පාර්ලිමේන්තුවේ 2/3 බලය අහිමිය.
රජ දවස අඳරේ සමග රජ දවස කවටයෝ රැල සීනි පැදුරක් තියනවද හොයාපල්ලා???????????????