නව ව්‍යවස්ථාවට විරුද්ද වෙන්න කිසිම භික්‍ෂුවකට අයිතියක් නෑ..- දඹර අමිල හිමි මහනාහිමියන්ටත් උඩින් යයි..

October 27, 2017 at 3:00 pm | lanka C news
නව ව්‍යවස්ථාවට විරුද්ද වෙන්න කිසිම භික්‍ෂුවකට අයිතියක් නෑ..- දඹර අමිල හිමි මහනාහිමියන්ටත් උඩින් යයි..

ගෙන එනු ලබන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවකට විරැුද්ද වීමේ අයිතියක් කිසිදු භික්‍ෂුන් වහන්සේ නමකට නැතැයි කථිකාචාර්ය, පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

ආණ්ඩුව බලයට පත් කිරීම සදහා ඡුන්දය දුන් හැට දෙලක්‍ෂයක ජනතාවක් කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස බවද අන් වහන්සේ කියා සිටිති.

හැට දෙලක්‍ෂය ඇතුලතට මහා සංඝ රත්නයත් සිටිනා බවත් සදහන් කරන අමිල හිමියෝ උන් වහන්සේලාද සිටින්නේ ව්‍යවස්තාවට පක්‍ෂ ජනවරම ඇතුලත බවද පෙන්වා දෙති.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය අමතමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

195 views
Main News