නව ව්‍යවස්ථාව ගේනවා.. ඒකීය රාමුව තුල බලය බෙදනවා..- රනිල්

March 18, 2017 at 3:33 am | lanka C news
නව ව්‍යවස්ථාව ගේනවා.. ඒකීය රාමුව තුල බලය බෙදනවා..- රනිල්

ඒකීය රාමුවක් තුල බලය බෙදා හැරීමට සලකා බලමින් සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹ තැපැල් මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙරට ඒකීය භාවයට හානි නොවිය යුතුය යන ස්ථාවරයේ රජය සිටින බවද අගමැතිවරයා එහිදී සදහන් කලේය.

නව ව්‍යවස්ථාව ගෙන ඒමට රජය සැරසෙන්නේ මේ ආකාරයේ දැවෙන ප‍්‍රශ්නවලට විසදුමක් ලෙස බවද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

31 views
Main News