නව වෛද්‍ය පීඨ තුනක් එන වසරේ විවෘත කරනවා..

October 27, 2017 at 5:30 pm | lanka C news
නව වෛද්‍ය පීඨ තුනක් එන වසරේ විවෘත කරනවා..

රුවන්පුර, මොරටුව සහ වයඹ නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය මග`ින් 05වන වරට සංවිධානය කරන ආයුර්වේද සිද්ධ යුනානි හා පාරම්පරික දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ තෙදින ජාත්‍යන්තර සමුඑවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

රාජගිරිය,දේශීය වෛද්‍ය විද්‍යායතනයේදි අද සිට තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුඑවෙහි පළමු දිනය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රම පිළබඳ ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්විම, දෙවන දිනය දේශීය සිද්ධ යුනානි පර්යේෂණ ඉදිරිපත් කිරිම, තෙවන දිනය ආයුර්වේද පශ්චාත් උපාධිධාරින්ගේ පර්යේෂණ එළිදැක්විමද සිදුකිරිමට නියමිත අතර ආයුර්වේද වෛද්‍ය විෂය සම්බන්ධ රැකියා පොළක් ද අවසන් දිනයේදි පැවැත්වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘රජය නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරනවා කියලා විවිධ කටකතා ඇතමුන් පතුරවමින් යනවා. නමුත් මම පැහැදිලිවම කියනවා, අපේ රජය නිදහස් අධ්‍යාපනය නැති කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එහෙම කිසිª බලාපොරොත්තුවකුත් නැහැ.

මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කලේ සී.ඩබ්.ඩබ්.කන්නංගර මැතිතුමාගේ කාලේ. රජය තව තවත් නිදහස් අධ්‍යාපනය වර්ධනය කරනවා මිස, කිසිම දවසක නිදහස් අධ්‍යාපනය දියාරු කරන්න හෝ විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ. රුවන්පුර, මොරටුව සහ වයඹ නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරනවා. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන ගමන් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප‍්‍රමිතිය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම මම කියන්න කැමතියි මහා බි‍්‍රතාන්‍යයේ විශ්ව විද්‍යාලයකට ශිෂ්‍යයෙක් ඇතුලත් වී විශ්ව විද්‍යාලයෙන් පිටවෙන විට පවුම් 50,000ක් වැයවෙනවා. බි‍්‍රතාන්‍ය රජය එම මුදල් ශිෂ්‍යයාට ලබා දෙනවා. නමුත් විශ්ව විද්‍යාලයෙන් පිටවුනාම එ් හැම සතයක්ම ආපහු ගෙවන්න ඕනේ. ලෝකයේ කිසිම දියුණු රටක නිදහස් අධ්‍යාපනය නැහැ. එ් නිසා මොන ආර්ථික අපහසුකම් තිබුණත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය අපි ආරක්ෂා කරනවා. අපේ රටේ ශිෂ්‍යයෝ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දැනගන්න ඕනේ. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ශිෂ්‍යයන්ගේත් යම් දායකත්වයක් ලැබෙන්න ඕනේ. එ් වගේම විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතිය ආරක්ෂා කරන්න අළුත් පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගේනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල පමණක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ප‍්‍රමිතිය ඉදිරියේදී ගෙන එන පනත මඟින් ආරක්ෂා කරනවා’

– රජිත සමරසූරිය

215 views

7 Comments to “නව වෛද්‍ය පීඨ තුනක් එන වසරේ විවෘත කරනවා..”

  1. mut mokath muge ammage appage salli thiyanawa apita ada weelwth nnnn

    • බූරුව says:

      ඇයි 3ක් විතරක්? දාපියකො හැට හැත්තෑවක්. එතකොට අපිටත් දොස්තරල වෙලා අපිටම බෙහෙත් ගන්න පුළුවන්. තොටත් බේත් දෙන්න පුළුවන්.

  2. vishnu says:

    රටට කෙලවනකම් මුන්ට නින්ද යන්නෙම නෑ වගේ

  3. Kadira says:

    Gonkamai, horakamai, amathikamai Tana thunama ekata ekathuwunama bayanakai

  4. Donald Isuru Wilegoda says:

    By doing this any fool can be a doctor. If we use his language “onama gonekuta dosthara kenek wenna puluwan”!

  5. ගොන් වස්සා says:

    ඕනෙ ගොනෙකුට මෙසේ කිව හැකිය.
    ඕනෙ ගොනෙකුට වෛද්‍යවිද්‍යාල දැමිය හැකිය.
    ඕනෙ ගොනෙකුට ඒවාට ඇතුලත් විය හැකිය.
    ඕනෙ ගොනෙකුට දොස්තර කෙනෙක් විය හැකිය.
    ඕනෙ ගොනෙකුට ඒ දොස්තරලගෙන් ප්‍රතිකාර ගත හැකිය.
    ඕනෙ ගොනෙකුට ඒ ප්‍රතිකාර වැරදී මියයා හැකිය.

  6. සමන්මලී says:

    මොරටුව කියන්නේ විශ්ව විද්‍යාලයක් නෙමේ එකේ තියෙන්නේ ඉංගිනේරු අද්‍යාපනය විතරයි. එකත් දැන් බැහැලා ලංකාවේ ඉංගිනේරු අද්යපනයේ ප්‍රමුකයා වෙන්නේ පීට 10 ක් තියෙන පේරාදෙණිය විස්වා විද්‍යාලේ විතරියි. විස්වා විද්‍යාල අතරින් පළමු තැන හිමි වෙන්නෙත් පේරාදෙණියට. තියෙන ඉන්ගිනේරු පිටයත් කරගන්න බැරිව මොරටුවට තව වෛද්‍ය පිටයක් දැමීමෙන් වෙන්නේ කොරේ පිටට මරේ උන වගේ වැඩක්. වයබ සබරගමුව කියන්නේ ලංකාවේ කිසිම ප්‍රමිතියක් නැති බාල පටමලා තියෙන අනුබද්ද විද්‍යාල දෙකක්. මේවයේ යන එන මන් නැති නියම සුදුසුකම් නැති අය . ඉතින් මේවයේ වෛද්‍ය පිට දැමීමෙන් වෙන්නේ ලෙඩ්ඩු සනීප කරන දොස්තරලා බිහිවීම වෙනුවට ලෙඩ්ඩු මරණ දොස්තරලා බිහිවීම විතරයි.

Main News