නව වෛද්‍ය පත්වීම්ව සා දමා ඇති රෝහල්වලට.. සෞඛ්‍ය ඇමැතිගෙන් නියෝග..

January 30, 2017 at 2:05 am | lanka C news
නව වෛද්‍ය පත්වීම්ව සා දමා ඇති රෝහල්වලට.. සෞඛ්‍ය ඇමැතිගෙන් නියෝග..

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 332 ලබාදීමෙි දී දැනට වසා දමා ඇති සියළුම රෝහල් යළි විවෘත කිරීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් යොමු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II අමල් හර්ෂ ද සිල්වා මහතාට නියෝග කරන ලදි. තවද දිවයින පුරා පිහිටි රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථානවලට ද වෛද්‍යවරුන් යොමු කරන ලෙස දැනුම් දෙන ලදි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවෙි දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙහිදී උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ උතුරුමැද පළාතේ තිත්තගෝනෑව, ඇතාකඩ, සිංහපුර, යන ග්‍රාමිය රෝහල්වලට ද වෛද්‍යවරුන් යොමු කරවීමට පියවර ගන්නා බවයි. දිවයින පුරා සියළුම සෞඛ්‍ය ආයතනවල අනුමත තනතුරු සංඛ්‍යාව ප්‍රතිශෝධනය කිරීමට ද මෙහිදී තීරණය විය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභාවල සෞඛ්‍ය අමාත්‍යාංශ සමග සාකචිඡා කර වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දෙන ලදි.

ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා මදුරු මර්දන ක්ෂේත්‍ර සහායකයන් 1500 ක් බදවා ගැනීම ද කඩිනම් කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව පළමු අදියරේ දී බස්නාහිර පළාතට මදුරු මර්දන ක්ෂේත්‍ර සහායකයින් බදවා ගන්නා අතර, දෙවන අදියරේ දී අනෙකුත් පළාත් වලට බදවා ගැනීමට තීරණය විය.

දිවයින පුරා පිහිටි ආයුර්වෙිද රෝහල් සදහා අවශ්‍ය හෙද හෙදියන් 212 ක් ආයුර්වෙිද දෙපාර්තෙමින්තුව මගින් බදවා ගැනීමට ද තීරණය කරන ලදි. හෙද හෙදියන් නොමැතිවීම නිසා ආයුර්වෙිද රෝහල් පවත්වාගෙන යාමෙි ගැටළු මතුව ඇති බව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පෙන්වා දුන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම පියවර ගන්නා ලදි. මාතලේ සහ දඹුල්ල ප්‍රදේශයේ විදේශීය රටක ආධාර මත නව රෝහලක් ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාශයේ සියළුම ලේකම්වරුන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.

පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව සදහා ඌව, මධ්‍යම, බස්නාහිර, නැගෙනහිර, උතුරු මැද යන පළාත්වල සෞඛ්‍ය අමාත්‍යවරුන් ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views
Main News