‘නව සිගරට් පැකට්ටුවක්’… සෞඛ්‍ය ඇමැතිගෙන් කැබිනට් පත‍්‍රිකාවක්..

November 9, 2016 at 5:30 pm | lanka C news
‘නව සිගරට් පැකට්ටුවක්’… සෞඛ්‍ය ඇමැතිගෙන් කැබිනට් පත‍්‍රිකාවක්..

ඔීස්ටේ‍්‍රලියාව හදුන්වා දුන් ආකාරයට සිගරට් වර්ගයෙහි රූපමය අවවාදය සහ නාමය හැරෙන්නට වෙනත් කිසිදු විස්තරයක් අඩංගු නොවන තනි සුදු පැහැති (ප්ලෙන්) සිගරට් පැකට්ටුවක් මෙරටට හදුන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සුදානම් වෙයි.

ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීෙමි කැබිනට් පත‍්‍රිකාව සුදානම් කර ඇති අතර, එය ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරුන්ගේ උපදෙස් ලබාගනිමින් මෙම තනි සුදු පැහැති සිගරට් පැකට්ටුව හදුන්වා දෙන අතර, එමගින් දුම්පානය අවම කිරිමට බලාපොරොත්තු වෙයි. 2020 වනවිට ‘දුමෙන් තොර දේශයක්” නිර්මාණය කිරීෙමි අරමුණින් මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මෙරට වාර්ෂිකව දුම්පානය ආශ‍්‍රිතව හටගන්නා රෝගාබාධවලට ගොදුරුව 20,000 ක් පමණ මිය යන බවයි. මෙම ශත වර්ෂය තුල දී ලෝකවාසීන් මිලියන 100 ක් පමණ දුම්පානයෙන් ඇතිවන රෝගාබාධ වලට ගොදුරුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

දුම්පානයෙන් ශ‍්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම සදහා අදියරෙන් අදියර පියවර රැුසක් ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බලාපොරොත්තුව සිටියි. ඒ අනුව ඉදිරියේ දී බීඩි සහ සුරුට්ටු ඇසුරුම් වල ද රූපමය අවවාද ඇතුළත් කිරීමට අවදානය යොමුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනට වෙළෙදපොලේ ඇති සිගරට් පැකට්ටුවක් ගෙන එය වෙනස් වන අයුරු මාධ්‍ය හමුෙවිදී පෙන්වා දීමට කටයුතු කරන ලදි.

– නිපුන් ඒකනායක

111 views
Main News