නව සීමාවලින් විදුලි උපකරණ සීඝ‍්‍රයෙන් මිල ඉහලට.. දුරකතනයක් ලක්‍ෂ තුන හමාර පැනලා…

September 11, 2021 at 9:20 am | lanka C news
නව සීමාවලින් විදුලි උපකරණ සීඝ‍්‍රයෙන් මිල ඉහලට.. දුරකතනයක් ලක්‍ෂ තුන හමාර පැනලා…

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවන ලද නව සීමා හේතුවෙන් එම භාණ්ඩ වල මිල අවම වශයෙන් 40% කින් වත් ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති.

මෙතෙක් ණයවර ලිපි මගින් භාණ්ඩ ආනයනය කර අලවියෙන් පසු මුදල් ගෙවීම සිදු කළ ද නව තත්ත්ව යටතේ නිසි වෙලාවට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් සැපයුම්කරුවන් භාණ්ඩ සැපයුමද නො කරමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙති.

සම්පූර්ණ මුදල් මුලින් ගෙවීමේ ක්‍රමය අනුව බොහෝ ආනයන කරුවන්ට එම මුදල් යෙදවීමට නොහැකි බවත් ඒ හේතුවෙන් භාණ්ඩවල තදබල හිගයක් ඇති වී භාණ්ඩ වල සීග්‍ර මිල ඉහළ යාමක් ඇතිවුනු ඇති බවත් ඔවුන් කියා සිටිති.

දැනට වෙළඳ පොලේ ඇති භාණ්ඩ වල ද මිලද වේගයෙන් ඉහළ ගොස් ඇති අතර නව කොන්දේසිවලට පෙර රුපියල් 250,000 පමණ වූ ඇතැම් ජංගම දුරකථන වල මිල රුපියල් 350,000 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැක.

135,564 views

36 Comments to “නව සීමාවලින් විදුලි උපකරණ සීඝ‍්‍රයෙන් මිල ඉහලට.. දුරකතනයක් ලක්‍ෂ තුන හමාර පැනලා…”

  1. Chanuka Dilshan says:

    Sanwatdanaya kesewethath rata gal yugayata yawanna janadipathi kenek inne. Desiya dewal Gon kada kiyanne lankawe phone laptop hadanne na. Ara mahinda hambanthota asambal karapu Jara masinda? Apita ganna kiyanne. Munta pissu.

  2. Sena says:

    LC එකක් විවෘත කිර්මේදි එහි සම්පූර්ණ වටිනාකම අදාල බැංකුවේ තැන්පත් කල යුතු බවට මහ බැංකුව විසින් පනවන ලද නව නීතිය නිසා භාණ්ඩ වල මිලට හා අදාල භාණ්ඩ සැපයුමට සිදු වන බලපෑම් බොහෝ අය වැරදි විදියට අර්ථ නිරූපණය කරන බැව් පෙනේ .
    ඒත් සත්‍ය බලපෑම ඊට වඩා වෙනස් .
    බොහෝ අය කතා කරන ජංගම දුරකථන ගැන කතා කරමු .
    ජංගම දුරකථන කොරියාවෙන් ආනයනය කරන බවත් ඒවා LC එකක් විවෘත කල පසු නැව් මාර්ගයෙන් ලංකාවට පැමිණීමට මාසයක් ගතවන බවත්,මීට පෙර LC එකක් විවෘත කිරීමේදි පලමුව එහි වටිනාකමින් 25% අදාල බැංකුවේ තැන්පත් කල යුතු බවත් උපකල්පනය කරමු .
    ඒ අනුව යම් මාසයක 1 වැනිදා රුපියල් ලක්ශ 10 ක දුරකථන ( ලක්ශයක් වටිනා දුරකථන 10) ආනයනය සදහා LC එකක් විවෘත කරන්නේ නම් එදි ලක්ශ 2.5 තැන්පත් කල යුතු අතර ඉතිරිය දුරකථන වරායට පැමිණි දින එනම් මාසය අන්තිම දින ගෙවිය යුතුවේ .
    එහෙත් නව නීතිය අනුව ලක්ශ 10 ම LC විවෘත කල දිනයේම අදාල බැංකුවේ තැන්පත් කල යුතුවේ
    මින් ආනයනය කරුට වන බලපෑම වනුයේ අමතරව රුපියල් ලක්ශ 7.5 ක් පොලී රහිතව මාසයක් බැංකුවේ තැන්පත් කිරීමයි.එනම් එම මුදලට මාසයක් පොලිය අහිමි වීමයි. දුරකතනයක ආයාත වටිනාකම රුපියල් 100000 වන නිසා නව නීතිය අනුව ඒ වෙනුවෙන් බැංකුවේ රුපියල් 75,000 මාසයක් හිරකර තිබූ නිසා ඊට අදාල පොලිය අහිමි වනු ඇත. බැංකුවක වාර්ෂික තැන්පත් පොලී අනුපාතය 5% නම් ඒ අනුව එම මාසය තුල ඔහුට අහිමිවන පොලිය රුපියල් 312.50 කි ඒ අනුව ආනයනික වියදම රුපියල් 100,000 ක් වූ දුරකථනයක මිල නව නීතිය නිසා වැඩි විය යුත්තේ රුපියල් 312.50 කින් පමණි .
    නව නීතිය නිසා ජංගම දුරකථන හිගයක් ලංකාවේ ඇති වන්නේ නම් එසේ වන්නේ මාසයක් මුදල් හිරකර තැබීමට නොහැකි ආනයන කරුවන් පමණක් දුරකථන ආනයනය කොට ඇත්නම් පමණි .

    • පිට දීපදේස ජයගත්තා... says:

      ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ඇත්තෙන්ම මෙහි තවත් පැත්තක් ඇත​. එනම් 75% (ලක්‍ෂ 7.5) ක අම්තර තැන්පතුවකට ආනයන කරුට ආනයනයට මසකට පෙරදීම මුදල් හිරකිරීමට සිදුවීම නිසා ඔහුගේ ආනයන හැකියාව අඩුවීමයි. උදාහරණයකට ලක්‍ෂ 40ක (ෆෝන් 40ක්) ආනයන කිරීමට තිබූ හැකියාව ලක්‍ෂ 10කට (ෆෝන් 10ක් බවට) සීමාවීමයි. නමුත් ඉල්ලුම වැඩි නිසා මිල ඉහලයාම වලැක්විය නොහැකියි. අපි දන්නවා සාමන්‍යයෙන් ඔනෑම ව්‍යාපාරයක තියෙන්නේ අත්පිට ගණුදෙනු වලට වඩා දෙන්නම් කාසී ගණුදෙනු බව​. ඉතින් ව්‍යාපාර හැකිලීම මේ නිසා වැඩිවෙන්න පුළුවන්. එය රටට දිගුකාලීන ගැටලුවක්.

    • මංගල says:

      සහතික ඇත්ත. අනික සල්ලි නැත්නම් මොන මගුලටද බඩු ගෙන්වන්නේ. ණයට කන එක දැන්වත් නවත්තපල්ලා. අනික ඔය ප්ලාස්ටික් අරුමෝසම් තහනම් කරලම දාන්න ඕනා.

    • චන්ඩි කොල්ලා says:

      ඉතාම හොඳ පැහැදිලි කිරීමක්! ලක්ෂ දෙකහමාරේ ටෙලිෆෝන් එක නව නිතිය නිසා අමතරව වැයවන රුපියල් 312 ක් නිසා තුන්ලක්ෂ පණස්දහසකට අලෙවිකරණ සුපිරි වෙළෙන්දෝ පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ. ඒ වගේම මිනිස්සු හොල්මන් වෙන ප්‍රවුත්ති දාලා ආතල් ගන්න එක මාධ්‍ය වේදීන්ගේ විනෝදාංශය වෙලා. මෙහෙම එවුන් එක්ක මේ රට මේ තරමින් වත් බේරිලා තියන එක ලොකු දෙයක්!

    • අසේල says:

      ඔච්චර සරලව කියලත් අපේ එවුන්ට ඕක තේරෙනවා කියල හිතනවානම් ඒක සිහිනයක් පමණයි. පැණි බීපු, රාවණාගේ වංශේ කබල්ගාන මෝඩ අමන රැලක් ඉන්න රටක එවුන් ට ලක්ෂෙට බින්දු කීයද කියාගන්න බෑ. ඔච්චර දෙයක් නම් තේරෙන්නෙම නෑ. මේවට comment දාවි අපි ආණ්ඩුවට support, අපි ජෙප්පො වගේ ගොං කථා කියල. ඇත්ත නම් පක්ෂ තුනම ආකාර 3කින් මේ මරිමෝඩ, උද්දච්ච ගොන්නු ටික රවට්ටලා කියන එකයි

      • සමනා says:

        හරි කියමුකො නහුතෙට හරි අසංඛ්‍යයට හරි තියෙන බිංදු ගණණ

    • Sana says:

      සම්පුර්ණ ඇත්ත… දේශපාලුවෝ මුංව අන්දන ඇන්දිල්ලේ හැටියට පිටකොටුවේ ෆෝන් ගෙන්නන්න එවුන්ට මුන්ව අන්දලා වැඩිමිලට ඕක විකුණන එක මහ කජ්ජක් ද? පෙට්ට්‍රල් ගණන් යනවා කියල පෝලිමේ ඉඳන් පෙට්ට්‍රල් ගහන එවුන් (හරියට ජිවිත කාලෙටම ගහගන්න වගේ) ඉන්න රටක් මේ. මේ කියන දේවල් අපේ අයියලට තේරෙන්නේ නෑ.

    • Manoj says:

      ඔබගෙ පැහැදිලි කිරිම ඉතා සවිස්තරාත්මයි.ඔබට ස්තුතියි 🙏

    • Nishad says:

      ලස්සන පැහැදිලි කීරීමයක්🤣🤣🤣🤣තව අතකින් කඩේ යෑමක්🤣🤣🤣🤣තවත් අතකින් මිනිසුන් ඇන්ද වීමක් 🤣🤣🤣🤣තවත් අතකින් බොරු කියා සතුටු විමක්.. 🤣 මේ අතරින් මේ ලියුම්කරු ඔබ මොන ඝනයට අයත් වන්නේ කියලා කියන්න පුළුවන් ද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  3. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද ………… හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  4. නන්දසේන අර පේන හඳ බලපං says:

    ඇමරිකාවේ සැප සම්පත් ඔක්කොම දැකලා එහේ තියෙන නිදහස දැකලා මුන්ගෙ පවුල් පිටින් රට සවාරි ගහලා ඒ රටවල් වල මිනිස්සු විඳින සැප දැකලා නිදහස දැකලා ඒවා ඔක්කොම අහිමි කරල අපේ රටේ මිනිස්සුන්ට අඩුගානෙ පිටරටින් ගෙන දුරකථනයක් වත් පාවිච්චි කරන්න බැරි විදිහට දඩ ගහලා නවත්තල .කොටින්ම යට ඇඳුමක්වත් .අඳින්න බැරි විදිහට ගෙන්නන එක නවත්තලා …..රටම විකුණලා ඒ සල්ලි අරගෙන මුන් රට පනින සීන් එකක් තියෙන්නේ ……හරි n අරින්න හොඳටම අරින්න හැටනම ලක්ෂ ටම අරින්න ඒත් එකම අහගෙන අපිටත් ඇරලා දාන්න

  5. නන්දසේන අර පේන හඳ බලපං says:

    ඇමරිකාවේ සැප සම්පත් ඔක්කොම දැකලා එහේ තියෙන නිදහස දැකලා මුන්ගෙ පවුල් පිටින් රට සවාරි ගහලා ඒ රටවල් වල මිනිස්සු විඳින සැප දැකලා නිදහස දැකලා ඒවා ඔක්කොම අහිමි කරල අපේ රටේ මිනිස්සුන්ට අඩුගානෙ පිටරටින් ගෙන දුරකථනයක් වත් පාවිච්චි කරන්න බැරි විදිහට දඩ ගහලා නවත්තල .කොටින්ම යට ඇඳුමක්වත් .අඳින්න බැරි විදිහට ගෙන්නන එක නවත්තලා …..රටම විකුණලා ඒ සල්ලි අරගෙන මුන් රට පනින සීන් එකක් තියෙන්නේ ……හරි n අරින්න හොඳටම අරින්න හැටනම ලක්ෂ ටම අරින්න ඒත් එකම අහගෙන අපිටත් ඇරලා දාන්න ….එහෙම ඇරලා සර් කියන්න මම තමයි හොඳටම කළේ කියලා ….මේ වගේ අපතයෝ ජනාධිපතිලා කරන්නේ මෝඩ මිනිස්සුනෙ ….වියපාර පඹයෙක් ව ගෙනාවා ..ඊට ඉස්සර චෞර රැජින ගෙනාවා …ඊට ඉස්සෙල්ලා ප්‍රේම ආවා …

  6. නන්දසේන අර පේන හඳ බලපං says:

    ඇමරිකාවේ සැප සම්පත් ඔක්කොම දැකලා එහේ තියෙන නිදහස දැකලා මුන්ගෙ පවුල් පිටින් රට සවාරි ගහලා ඒ රටවල් වල මිනිස්සු විඳින සැප දැකලා නිදහස දැකලා ඒවා ඔක්කොම අහිමි කරල අපේ රටේ මිනිස්සුන්ට අඩුගානෙ පිටරටින් ගෙන දුරකථනයක් වත් පාවිච්චි කරන්න බැරි විදිහට දඩ ගහලා නවත්තල .කොටින්ම යට ඇඳුමක්වත් .අඳින්න බැරි විදිහට ගෙන්නන එක නවත්තලා …..රටම විකුණලා ඒ සල්ලි අරගෙන මුන් රට පනින සීන් එකක් තියෙන්නේ ……හරි n අරින්න හොඳටම අරින්න හැටනම ලක්ෂ ටම අරින්න ඒත් එකම අහගෙන අපිටත් ඇරලා දාන්න ….එහෙම ඇරලා සර් කියන්න මම තමයි හොඳටම කළේ කියලා ….මේ වගේ අපතයෝ ජනාධිපතිලා කරන්නේ මෝඩ මිනිස්සුනෙ ….වියපාර පඹයෙක් ව ගෙනාවා ..ඊට ඉස්සර චෞර රැජින ගෙනාවා …ඊට ඉස්සෙල්ලා ප්‍රේම ආවා …මුන් කරන ඔක්කොම ජඩ වැඩ හොර වැඩ හොඳයි කියන්න වෙනම කට්ටිය සල්ලි වලට අරගෙන කුලියට ලියනවා .. ඕන එකක් හොඳයි කියලා ….උන්ව තමයි ඉස්සෙල්ලම අරගෙන අතපය කඩලා දාන්න ඕන …කාලකණ්නි හැත්ත තමුන්ගේ රටට මොනා උනත් කමක් නෑ …සල්ලි හම්බ වෙනවනම්

  7. නන්දසේන අර පේන හඳ බලපං says:

    ඇමරිකාවේ සැප සම්පත් ඔක්කොම දැකලා එහේ තියෙන නිදහස දැකලා මුන්ගෙ පවුල් පිටින් රට සවාරි ගහලා ඒ රටවල් වල මිනිස්සු විඳින සැප දැකලා නිදහස දැකලා ඒවා ඔක්කොම අහිමි කරල අපේ රටේ මිනිස්සුන්ට අඩුගානෙ පිටරටින් ගෙන දුරකථනයක් වත් පාවිච්චි කරන්න බැරි විදිහට දඩ ගහලා නවත්තල .කොටින්ම යට ඇඳුමක්වත් .අඳින්න බැරි විදිහට ගෙන්නන එක නවත්තලා …..රටම විකුණලා ඒ සල්ලි අරගෙන මුන් රට පනින සීන් එකක් තියෙන්නේ ……හරි n අරින්න හොඳටම අරින්න හැටනම ලක්ෂ ටම අරින්න ඒත් එකම අහගෙන අපිටත් ඇරලා දාන්න ….එහෙම ඇරලා සර් කියන්න මම තමයි හොඳටම කළේ කියලා ….මේ වගේ අපතයෝ ජනාධිපතිලා කරන්නේ මෝඩ මිනිස්සුනෙ ….ගියපාර පඹයෙක් ව ගෙනාවා ..ඊට ඉස්සර චෞර රැජින ගෙනාවා …ඊට ඉස්සෙල්ලා ප්‍රේම ආවා …මුන් කරන ඔක්කොම ජඩ වැඩ හොර වැඩ හොඳයි කියන්න වෙනම කට්ටිය සල්ලි වලට අරගෙන කුලියට ලියනවා .. ඕන එකක් හොඳයි කියලා ….උන්ව තමයි ඉස්සෙල්ලම අරගෙන අතපය කඩලා දාන්න ඕන …කාලකණ්නි හැත්ත තමුන්ගේ රටට මොනා උනත් කමක් නෑ …සල්ලි හම්බ වෙනවනම්

  8. සමනා says:

    මාධයෙන් වෙළද පළ හදනවා වෙළෙන්දො ගණන් උස්සනවා

  9. 69 says:

    උඔලට මොන ටෙලිපෝන්ද බං

Main News