නළු නිළියන්, ජනප්‍රිය ක්‍රීඩකයන් කොස් ප්‍රවර්ධනයට එක් කර ගත යුතුයි..- විමල්
December 6, 2021 at 5:30 pm | lanka C news
කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් ‘කොස් උරුමයක පුනරුදය’ නමින් කොස් සහ කොස් ආශ්රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබීය.
මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ රටෙහි ආහාර සංස්කෘතිය නිසිමගට ගැනීමේදී කොස් ආශ්රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම ඊට ඉමහත් රුකුලක් වන බව ය.
අද බහුජාතික සමාගම්වල වස විස සහිත පරිභෝජන ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමෙහි යෙදෙන, ඒවායේ සන්නාම තානාපතිවරුන් ලෙස පෙනී සිටින නළු නිළියන්, ජනප්‍රිය ක්‍රීඩකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් දැකගත හැකි බවත් සමාජයට බලපෑමක් කළ එවැනි ප්‍රසිද්ධ පිරිස් අගය එකතු කළ, කොස් ආශ්රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුවහොත් එය රටට මෙන්ම ඔවුන්ට ද මහත් ඵල, මහානිසංස ලැබෙන කර්තව්‍යයක් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම වර්තමානයේ මෙරට රූපවාහිනී නාලිකාවල උදා වරුවේ විකාශයන් ‘දරුවන් මරන – මව්වරුන් පිස්සු වට්ටන’ වරුවක් වී ඇති බවත් එම වරුවෙන් එක් පැයක් හෝ මෙරට ආහාර සංස්කෘතිය නිසි මගට ගැනීම අරමුණු කරගත් කොස් ආශ්රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම වෙනුවෙන් යෙදවීමට හැකි නම් ඉදිරිපත් වන්නැයි අමාත්‍යවරයා මෙරට රූපවාහිනී නාලිකාවලින් ඉල්ලා සිටියේය.
කොස් ආශ්රිත පර්යේෂණ රැසක නියැලෙමින් කොස් ආශ්රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ අනගි මෙහෙවරක යෙදී සිටින මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් රෝහිත මහතා ද මෙහිදී සමාරම්භක උළෙල ඇමතූ අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ද අදහස් දැක්වීය.
‘කොස් උරුමයක පුනරුදය’ තේමා ගීතය එළි දැක්වීම, ‘KOS Heritage’ නමින් ෆේස්බුක් පිටුවක් සහ යූ ටියුබ් චැනලයක් එළි දැක්වීම හා ව්‍යාපෘතියෙහි ‘ඉදිරි දැක්ම’ ඇතුළත් සමරු කලාපය අමාත්‍ය විමල් වීරවංශ මහතාට පිළිගැන්වීම මෙහිදී සිදු විය. එසේම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සිය සම්පත් දායකත්වය ලබා දෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු අනෙකුත් පිරිසට තිළිණ හා සහතික පත් ප්රදානය සහ කොස් පැළ සංකේතාත්මකව බෙදාදීම අමාත්‍යවරයා අතින් සිදුවිය. දැනටමත් අගය එකතු කළ, කොස් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින ව්‍යසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද මෙහි සංවිධානය කොට තිබිණි.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙහි සභාපති සුනිල් ජයරත්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යංශය
හොඳ වැඩක්…
”ආයුබෝවන් සංකළ්පය තුළ සැබෑලෙසම නිවැරදිව ස්ථානගත වෙමින්,.හෙළ යන්හට උරැමවු, කැපවූ ආහර සංස්ක්‍රෘතිය යළි පණ ගැන්වීමට ”වීරවංශ මහතා දරණා අවංක උත්සාහය සාර්ථක වීමට සුභපැතුම්,.!”
කොස් කෑවම ලස්සන වෙනවා.
කොස්වලට එකතුකරන අගය කොස් ඇටද ?
දන්නෙ නැති නිසයි අහන්නෙ
නිලියන්, කොස් කිරන්නද, මමත් එන්නම්
අන්න හොඳ වැඩක්!!උන් නොබොන කිරි අපට බොන්න කියා ස්විස්ටර්ලන්තෙටම ගිහින් කියන උන්ටයි, උන් නොකන සොසේජස් අපට කන්න කියන උන්ටයි, උන් නොකන නානා විධ වස විස කන්න කියා අපට කියන උන්ටයි මෙන්න හොඳ අවස්ථාවක්.පුළුවන් නම් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙයල්ල.
ඉලෙක්ට්ක් කාර් ඉලෙක්ට්ක් ප්‍රයිවෙට් ජෙට් පියාඹන කාර් වලට සෙසු ලෝකයා සංක්‍රමණය වෙමින් සිටින කොට රට ගල් යුගයට ගෙනිච්ච කාලකණ්නි කොස් ඇට ප්‍රොමෝෂන් ගැන කතා කරන විට දැරිය නොහැකි සංවේගයක් ඇති වන්නේ මට විතරද?
loveth nethi god gena umbala degollo mathuranawa wage thama.
ethakota umbalata hithenne nedda mona buthayekda God kiyanne kiyala.
nohuka kos kala meriyalla
කොහෙද යන්නේ මල්ලෙ කොකනට් කතා නොකිය ඉදින් මීහරකො. උඹල වගේ රට ගැන කැක්කුමක් නැති අරක්කු බාගෙට බත් පාර්සලේට හොරුන්ට අවුරුදු පහක් රට භාර දෙන කැවුම් කන මෝඩයො නිසා තමයි රටට හෙණ ගැහිල තියෙන්නේ. කියන දෙයක් සිංහලෙන් කියන්න බැරි එකෙන්ම පේනව තොගෙ අවජාතක බව
Correct don’t know why this politician are fools
dakmath athi nayakaya
umbala vage God puke gahan api mini maranne nehe. umbala vage unge mola valata mehema kiyanna veema manusthvaye avasanawak.
mata kiyanna thiyenne eka thama.
ජනතාවට කොස් මුං පාර්මේන්තුවේ කන කෑම දැක්කාම 69ලක්ෂයට මාර ආතල් .
When sri Lanka is trying to promote it has been spread by Asia county’s your late
හම්මෝ…. 😂