නාගදීපයේ සිට කතරගම දක්වා ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් පා ගමනක් අරඹයි..

November 27, 2019 at 2:05 am | lanka C news
නාගදීපයේ සිට කතරගම දක්වා ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් පා ගමනක් අරඹයි..

යුද සමයේදී ආබාධිත තත්වයට පත්ව කල ගෙවන රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය නාගදීප පුරාණ රජමහා විහාරයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු පා ගමනක් ආරම්භ කොට ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වේච්ඡා ගජබා රෙජිමේන්තුවේ සේවය කරනු ලැබූ සාමාන්‍ය සෙබල 02494 පියතිස්ස හා නාවික හමුදාවේ සේවය කරන ලද ප්‍රධාන සුලු නිලධාරී 13837 කුමාර යන ආබාධිත රණවිරුවන් දෙදෙනා මෙසේ පා ගමන ආරම්භ කොට ඇත.

දැනට රෝහල්හි , අභිමන්සල හා නිවෙස්හි දිවි ගෙවන ආබාධිත රණවිරුවන්ගේ මානසිකත්වය වර්ධනය කොට ඉහල චිත්ත ධෛර්යක් ඇතිකරලීම මෙන්ම ආබාධිත රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය හා අධිෂ්ඨාන ශක්තිය ජනතාවට ආදර්ශයක් කරලීම වෙනුවෙන් මෙම ආබාධිත රණවිරුවන්ගේ පාගමනේ ප්‍රධාන අරමුණ වන අතර යාපනයේ සිට කතරගම කිරිවෙහෙර දක්වාම පාගමනින් ගොස් ආගමික වතාවන් සිදු කිරීමට පියවර ගෙන ඇත.

යාපනය නාගදීප විහාරයේදී ආරම්භ වූ මෙම පගමනේ ආරම්භක අවස්ථාව ආගමික වතාවත් සිදු කිරීමේ කටයුතු සිදු කර අතර ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හා උපදෙස් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුනරුත්තාපන අධ්‍යක්ෂක බ්‍රිෙග්ඩියර් උපුල් වීරකෝන් 52 වන සේනංකාධිපති වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,633 Viewers

2 Comments to “නාගදීපයේ සිට කතරගම දක්වා ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් පා ගමනක් අරඹයි..”

  1. අශෝක says:

    තුණුරුවන් සරණයි , දෙවි රැකවරණයි .

  2. නිරීක්ෂකයා says:

    මේ පාගමන එක එකාට විකුනං කන්න දෙන්න එපා. යුධ හමුදාව ඒ ගැන වග බලා ගන්න ඕනේ.

Leave a Comment

Main News