නාගරික ජනතාවගෙන් 20%කට දියවැඩියාව..

November 17, 2016 at 2:06 am | lanka C news
නාගරික ජනතාවගෙන් 20%කට දියවැඩියාව..

ලෝක අක්ෂි දිනය වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත කොළඹ ජාතික අක්ෂි රෝහලේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා

‘දියවැඩියාව අද බරපතල සමාජ සෞඛ්‍ය ප‍්‍රශ්ණයක් බවට පත්ව තිබෙනවා. බෝනොවන රෝග ගණයට තමයි අපි දියවැඩියාව නම් කරන්නේ. දියවැඩියාව තුරන් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. පැණිබීම වර්ග සදහා වර්ණ සංකේත ක‍්‍රමයක් අපි පසුගිය කාලයේ හදුන්වා දුන්නේ දියවැඩියාව අවම කිරීම සදහායි. නාගරික ප‍්‍රදේශවලින් සියයට 20 ක් පමණ වර්තමානයේ දියවැඩියාවට ගොදුරු වී සිටිනවා. ලෝකයේ දියවැඩියා රෝගීන් මිලියන ගණනක් වාර්තා වෙනවා. දියවැඩියා අක්ෂි වලට විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. ෙමි නිසා අන්ධභාවය පවා ඇති වෙන්න පුළුවන්.

අවුරුදු 40 ට වඩා සෑම පුද්ගලයෙකුම වසරකට වරක් තම අක්ෂි පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා. දියවැඩියාව හේතුවෙන් අක්ෂි රෝග පමණක් නොව ග්ලුකෝමා වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. තවද දියවැඩියා රෝගීන්ගෙන් සියයට 23 කට ඇසේ සුද ඇතිවීෙමි අවදානමක් ඇති අතර, ගම්බද ප‍්‍රදේශවල දියවැඩියාව සැදීෙමි ප‍්‍රවණතාවය සියයට 08 ක් ෙවි. අද අක්ෂි ශල්‍ය වෛද්‍යවරු 58 ක් දිවයින පුරා අක්ෂි සායන පවත්වනවා. වාර්ෂිකව මිලියනයකට වඩා වැඩි මුදලක් අක්ෂි සේවාව සදහා වැය කරනවා. වාර්ෂිකව අපේ රටේ ඇසේ සුද ඉවත් කිරීෙමි ශල්‍ය කර්ම 89,000 ක් පමණ සිදු කරන අතර, සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත අක්ෂි කාච නොමිලයේ ලබාදීෙමි වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක වෙනවා.”  යැයි ද පැවැසීය.

– නිපුන් ඒකනායක

23 views
Main News