නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට සැරසෙන්න.. විදෙන් ණය එපා.. ආයෝජන පමණයි..- ජනපති කියයි..

May 12, 2020 at 8:02 am | lanka C news
නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට සැරසෙන්න.. විදෙන් ණය එපා.. ආයෝජන පමණයි..- ජනපති කියයි..

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

මේ සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවෙන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආයතන, මාර්ග සංවර්ධන අධිකාරියේ, ආයෝජන මණ්ඩලයේ සහ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සමග (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජන ජීවිතය යතා තත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමග කලින් ඇණ හිට තිබූ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළයුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

විදෙස් ණය නොගෙන ආයෝජනවලින් පමණක් නව සංවර්ධන වැඩ සිදු විය යුතු බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය. සියලු ව්‍යාපෘති දේශීය ප්‍රතිපත්තියකට අනුකූල විය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ. සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනා ගනිමින් අත්පත් කර ගැනීමට ද සාකච්ඡා විය. අඩු, මධ්‍ය සහ ඉහළ ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම ද ඇරඹේ.

විදෙස්හි සිට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් සියලු පහසුකම් සහිත නිවාස ඉදිකර කුලී පදනම මත ලබාදීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

විවිධ හේතුන් මත ඉදිකිරීම් නතර කර ඇති, කොළඹ නගරය ආශ්‍රිත සියලු මහා පරිමාණ ගොඩනැගිලි සහ සංවර්ධන කටයුතු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර කඩිනමින් යළි අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

කොළඹ සහ සෙසු නගර යා කරමින් ඉදිකිරීමට අපේක්ෂිත මාර්ග පද්ධතියේ වැඩ වේගවත් කිරීමට ද තීරණය විය.

ප්‍රයෝජනයට නොගත් භූමි හඳුනා ගනිමින් සංවර්ධනය කර ඇති මංතීරු දෙපස පරිසර හිතකාමී කෘෂි කටයුතු ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

290 views

36 Comments to “නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට සැරසෙන්න.. විදෙන් ණය එපා.. ආයෝජන පමණයි..- ජනපති කියයි..”

  1. Parakum says:

    Ask your Brother HUMPTY DUMPTY to stop taking foreign loans, its he who got us into this situation. Ask him to bring back the money stacked away in Dubai banks.

  2. බසිප්පු කයියා says:

    උඹලා වගේ නපුංසක හැත්ත මොන ආණ්ඩුවකට වත් වැඩක් නැහැ. කිසිම දෙයක් නොකර කන්න බොන්න උඩින් එනකම් බකන් නිලන් ඉන්න බය්යෝම තමා. දන්නේ කඩේ යන එක විතරයි. ඒකත් මොකට කඩේ යනවද කාට යනවද කියලා දන්නේ නැහැ, සල්ලි දෙන නිසා ඔහේ යනවා. කවුද ගොනෝ මෙතන චන්දෙ ගැන කතා කලේ. අපි කතා කලේ රට දියුණු කරන එක ගැන.

    • පකනිල් says:

      රට දියුණු කරන්න මහ බැන්කුව කොල්ලකමු

  3. N.Wimaladasa says:

    I wanted to read fundamentals and very foundation of our structure of that base of Island Economy.Yes I agreed with GR need rehabilitation and unfinished task and work has to restart as quick as possible.But it is not OLD Model and Path of development ,GR refere of last government planned by old way.It is not outdated, We have planned in vitalization of development in Asian market and by Asian Capital Market . Very reason is that Capital market has shifted unprecedented way last couples of years.

  4. N.Wimaladasa says:

    I wanted to read fundamentals and very foundation of our structure of that base of Island Economy.Yes I agreed with GR need rehabilitation and unfinished task and work has to restart as quick as possible.But it is not OLD Model and Path of development ,GR refere of last government planned by old way.

    It is OLD path an outdated, We have planned in vitalization focus on development in Asian market and by Asian Capital Market . Very reason is that Capital market has shifted unprecedented way last couples of years.
    There is visible facts has been reveled that Development of center of global Economy in Asian region .
    It almost that New Model of sustainability of Economy has different from past after which that result of Coronavirus since 2020 Jan . We need that right now think-tanks by model of state-oriented capital .

  5. N.Wimaladasa says:

    I wanted to read fundamentals and very foundation of our structure of that base of Island Economy.Yes I agreed with GR need rehabilitation and unfinished task and work has to restart as quick as possible.But it is not OLD Model and Path of development ,GR refere of last government planned by old way.

    It is OLD path an outdated, We have planned in vitalization focus on development in Asian market and by Asian Capital Market . Very reason is that Capital market has shifted unprecedented way last couples of years.
    There is visible facts has been reveled by that Development of center of global Economy in Asian region .
    It almost that New Model of sustainability of Economy has different from past after which that result of Coronavirus since 2020 Jan .
    We need that right now think-tanks by model of state-oriented capital and indigenous capital and Labour.
    The ongoing crisis Coronavirus is not given new path ,but is gives us understand of how is that Globel giand are reshape of Economy. NO doubt new innovation of Technology is driving force of development of island.

  6. samarasinghe.H says:

    den mona hari lassanai suddange rate salli hambawunane!!!europeon union ,world bank, uae countries Billions of Dollars corona aid hambawunane!! ko e salli goda???Luxary cars Golden crdit cards aragena europe countries yanna thamai inne…Italy,switzerland wage Lassana Ratawalwalata… ape lankawe dhuppath minissun kanna nethuwa Bonna nethuwa podilamain kiri nethuwa andanne umbalaata hitha nedda???

Main News