නාටක හමරායි.. රාජිත ලෙඩ ඇදේදීම අත්අඩංගුවට ගනී..

December 27, 2019 at 2:59 pm | lanka C news
නාටක හමරායි.. රාජිත ලෙඩ ඇදේදීම අත්අඩංගුවට ගනී..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මීට ස්වල්ප වේලාවකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නැවතී සිටිය දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් ඔහු හමුවට ඔහු රෝහලෙන් බැහැරව ගෙන යාමට නොහැකි නිසා මහේස්ත්‍රාත්වරයකු සිටින ස්ථානයට පැමිණීමට නියමිතය.

ජනාධිපතිවරණයට පෙර ඔහු විසින් සංවිධානය කරන ලද ආන්දෝලානාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්දයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එම මාධ්‍ය හමුවට සහභාගී වූ සෙසු පුද්ගලයන් විසින් අධිකරණයට පවසා ඇත්තේ එකී මාධ්‍ය හමුවේ පැවසූ කරුණු අසත්‍ය බවත් හිටපු ඇමති රාජිත සේනාරත්න විසින් සටහන් කර දුන් තොරතුරු පැවසූ බවත්ය.

270 views

19 Comments to “නාටක හමරායි.. රාජිත ලෙඩ ඇදේදීම අත්අඩංගුවට ගනී..”

  1. මුගේ පස්සට හෙන ගහලා ??????????