නාට්‍ය හා රංගකලා ගුරුවරුන්ගෙන් නාට්‍යයක්…
May 28, 2017 at 2:19 am | lanka C news
හෙන්රි ජයසේන පරිවර්ථනය කළ ‘‘පළිඟු බෝනික්කෝ“ නාට්‍යය ගාල්ල අධ්‍යාපන කලාපයේ නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වීෆම් යෙදෙන ගුරුවරුන් සමූහයක් එක්ව යළි නිර්මාණය කර මැයි 29 හා 30 ගාල්ල නගර සභා ශාලාවේ දී වේදිකාගත කෙරේ.
මෙම නාට්‍යය ඇමෙරිකානු ජාතික ටෙනිසි විලියම්ගේ “The Glass Menagerie” නාට්‍යෙය් සිංහල පරිවර්ථනයයි.
ගාල්ල මහින්ද විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ආචාර්ය රණසිංහ අධිකාරී මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී ඇති මෙහි රංගනය, පසුතල නිර්මාණය, රංගාලෝකය, අංගරචනය, වේෂ නිරූපනය ආදී සියල්ල සඳහා දායකවන්නේ ගාල්ල අධ්‍යාපන කලාපයේ නාට්‍ය හා රංගකලා ගුරුවරුන් වීම විශේෂත්වයකි. එලෙස නාට්‍ය හා රංගකලා ගුරුවරුන්ගේ දායකත්වයෙන් නාට්‍යයක් නිර්මාණයවන පළමු අවස්ථාව මෙයයි.
– සජීව විජේවීර