නාඩු සහල් 90 ඉවතට.. කිලෝව 96ට නියම කරයි.. අලුත්ම මිල සීමා මෙන්න..

May 27, 2020 at 6:47 pm | lanka C news
නාඩු සහල් 90 ඉවතට.. කිලෝව 96ට නියම කරයි.. අලුත්ම මිල සීමා මෙන්න..

සහල් සඳහා නවතම මිල සීමාවන් නිකුත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 96කටත්, සම්බා කිලෝවක් රුපියල් 98කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 125කට උපරිම මිල නියම කර ඇත.
මෙරට ප්‍රධාන පෙලේ සහල් ව්‍යාපාරිකයන් සමඟ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරය ඩඩ්ලි සිරිසේන මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීමේ පටු චේතානාවෙන් බැහැරව, පාරිභෝගික සේවා අධිකාරිය මඟින් පැණවූ සහල් මිල හේතුවෙන් අසරණ වූ ගොවි ජනතාව ඇතුලු කුඩා පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් දිගින් දිගටම හඬක් නැගූ මා ඇතුලු ප්‍රගතිශීලී ජනතාවගේ හඬට වටිනාමක් ලබාදුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට මාගේ භක්ත්‍යාදරය මෙයින් පිරිණමනු කැමැත්තෙමි.

අද දින මහා පරිමාණ මෝල් හිමියන් සහ ජනාධිපතිවරයාගේ පාර්ශවය ඇතුලු රජය නියෝජනය කරමින් පැමිණි බළධාරීන් අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, දෙපාර්ශවය අතර අතිකරගත් එකඟතාවය පරිදී ඉදිරියේදී සහල් මිල ගණන් මෙලෙස සංශෝධනය කිරීමට ඔවුහු කැමත්ත පළ කල බව දන්වමි.

• නාඩු සහල් – රුපියල් 96/=
• සම්බා සහල් – රුපියල් 98/=
• කීරි සම්බා සහල් – රුපියල් 125/=

රටට බත සපයන සමස්ත ගොවි ජනතාව සම්බන්ධයෙන් සහ දිවයින පුරා ඇති දෙහසකට ආසන්න කුඩා මෝල් සම්බන්ධයෙන් සංවේදී වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කෘෂිකාර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සහ තිරය පසුපස හිඳිමින් මෙම ක්‍රියාන්විතයේ මිනිස් දම්වැල ශක්තිමත් කරන්නට පාදම සැකසූ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මෙහි ගෞරවය පිරිණමමි.

එමන්ම මෙම ජයග්‍රහණයේ සැබෑම හිමිකරුවන් වන රටට බත සපයන ගොව් ජනතාව වෙනුවෙන්ද අවසාන වශයෙන් මාගේ ශීර්ෂ ප්‍රණාමය මෙයින් පුදකර සිටිමි. තවද මෙම ගැටලුව පැණගැගි පළමු දිනයේ සිටම මා වටා හිඳිමින්, රටේ ගොවි ජනතාව වෙනුවෙන් සහ දේශීයත්වය වෙනුවෙන් හඬක් නැඟූ ගෞරවනීය සංඝරත්නය ඇතුලු සමස්ත ලක්වාසී ඔබ සැමටද කෘතවේදීත්වය මෙයින් පළකරනු කැමැත්තෙමි.

ඔබ සැමට තෙරුවන් සරණයි.

– ඩඩ්ලි සිරිසේන FB

963 views

46 Comments to “නාඩු සහල් 90 ඉවතට.. කිලෝව 96ට නියම කරයි.. අලුත්ම මිල සීමා මෙන්න..”

  1. ටොයියා says:

    මේ ආණ්ඩුව හාල් මිල රුපියල් 200 කලත් 69 ලක්ෂෙ බයියො ප්‍රශස්ථි ගායනා කරනව.

    • බය්යා says:

      ඔව් බන්.අපි 200 ට හාල් කනෝ.උබල කාපන් ක්‍රෝටන් කොල.කොස් කල.ඕන්නම් කියපන්.නොමිලේ දෙන්නම්

  2. Nandasoma says:

    මෝල් කාරයො කියන විදියට රට පාලනය කරන්න නම් ජනාධිපති තනතුරත් ඩඩ්ල් සිරිසේනටම දුන්න නම් ඉවරයි……!

    මෝල් හිමියන් සමග සාකච්ඡා කළ පාලකයන් ජනතාව සමග සාකච්ඡා කරන්නේ මැතිවරණයේදී පමණක්ද…..???

    විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා හාල්මාෆියාව නැති කිරීමට උත්සාහ කලේ බොරුවටද?????

  3. Nandasoma Suriyaarachchi says:

    හාල් මෝල් කාරයො වැඩි මිලට වී අරගෙන හංගගෙන ඉඳල ආණ්ඩුව දනගැස්සුව නේද??????

    අපට නම් ලැජ්ජයි……..!!!!

    • රට වැසිය says:

      නන්දසෝම උබට ලැජ්ජද ..🤭 හාල් නොකා ඉදපන්.😁

  4. උක්කුං මල්ලී says:

    වැඩ බැරි අපේ විරුවා…..
    ඩඩ්ලිට දණ නැමුවා…..

  5. අලව් යකා says:

    මේ ආන්ඩුව 200ට හරි හාල් ටික එලියට දම්මවයි.unp එකේ එවුන් කිව්වේ ක්‍රෝටන් කොල කන්න කියලනේ.අනික රටේ මිනිස්සු කොරෝනා හැදිලා කෙලවෙලා ඉන්න වෙලාවේ කන්න හාල් නැතුව ගියොත් ටොයි වහල්ලුන්ට නම් හෙන හැපී වෙයි.මොකද unp jvp වහල්ලු කියන්නෙ උපන් ගෙයි කුහකයෝනෙ.
    අනික ඉතිං ලංකාවේ ගොඩක් එවුන්ට පඩයක් ගියත් ආන්ඩුවෙන් සහන ඉල්ලන ජාතියක් වෙලානේ….

Main News