නාඩු සහල් 90 ඉවතට.. කිලෝව 96ට නියම කරයි.. අලුත්ම මිල සීමා මෙන්න..

May 27, 2020 at 6:47 pm | lanka C news
නාඩු සහල් 90 ඉවතට.. කිලෝව 96ට නියම කරයි.. අලුත්ම මිල සීමා මෙන්න..

සහල් සඳහා නවතම මිල සීමාවන් නිකුත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 96කටත්, සම්බා කිලෝවක් රුපියල් 98කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 125කට උපරිම මිල නියම කර ඇත.
මෙරට ප්‍රධාන පෙලේ සහල් ව්‍යාපාරිකයන් සමඟ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරය ඩඩ්ලි සිරිසේන මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීමේ පටු චේතානාවෙන් බැහැරව, පාරිභෝගික සේවා අධිකාරිය මඟින් පැණවූ සහල් මිල හේතුවෙන් අසරණ වූ ගොවි ජනතාව ඇතුලු කුඩා පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් දිගින් දිගටම හඬක් නැගූ මා ඇතුලු ප්‍රගතිශීලී ජනතාවගේ හඬට වටිනාමක් ලබාදුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට මාගේ භක්ත්‍යාදරය මෙයින් පිරිණමනු කැමැත්තෙමි.

අද දින මහා පරිමාණ මෝල් හිමියන් සහ ජනාධිපතිවරයාගේ පාර්ශවය ඇතුලු රජය නියෝජනය කරමින් පැමිණි බළධාරීන් අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, දෙපාර්ශවය අතර අතිකරගත් එකඟතාවය පරිදී ඉදිරියේදී සහල් මිල ගණන් මෙලෙස සංශෝධනය කිරීමට ඔවුහු කැමත්ත පළ කල බව දන්වමි.

• නාඩු සහල් – රුපියල් 96/=
• සම්බා සහල් – රුපියල් 98/=
• කීරි සම්බා සහල් – රුපියල් 125/=

රටට බත සපයන සමස්ත ගොවි ජනතාව සම්බන්ධයෙන් සහ දිවයින පුරා ඇති දෙහසකට ආසන්න කුඩා මෝල් සම්බන්ධයෙන් සංවේදී වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කෘෂිකාර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සහ තිරය පසුපස හිඳිමින් මෙම ක්‍රියාන්විතයේ මිනිස් දම්වැල ශක්තිමත් කරන්නට පාදම සැකසූ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මෙහි ගෞරවය පිරිණමමි.

එමන්ම මෙම ජයග්‍රහණයේ සැබෑම හිමිකරුවන් වන රටට බත සපයන ගොව් ජනතාව වෙනුවෙන්ද අවසාන වශයෙන් මාගේ ශීර්ෂ ප්‍රණාමය මෙයින් පුදකර සිටිමි. තවද මෙම ගැටලුව පැණගැගි පළමු දිනයේ සිටම මා වටා හිඳිමින්, රටේ ගොවි ජනතාව වෙනුවෙන් සහ දේශීයත්වය වෙනුවෙන් හඬක් නැඟූ ගෞරවනීය සංඝරත්නය ඇතුලු සමස්ත ලක්වාසී ඔබ සැමටද කෘතවේදීත්වය මෙයින් පළකරනු කැමැත්තෙමි.

ඔබ සැමට තෙරුවන් සරණයි.

– ඩඩ්ලි සිරිසේන FB

2,336 views

46 Comments to “නාඩු සහල් 90 ඉවතට.. කිලෝව 96ට නියම කරයි.. අලුත්ම මිල සීමා මෙන්න..”

  1. හික් හිහි හි හි says:

    අන්තිමට වැඩ කරන විරුවාගේ ආණ්ඩුවට ඩඩ්ලිගේ අරලිය හාල් මෝල ට යටවෙන්න සිදුවුනා.

    • හාල් නිව්ස් says:

      සහල් වර්ග කිහිපයක් සඳහා රජය විසින් නිකුත් කර තිබූ පාලන මිල සංශෝධනය කිරීම සඳහා රජය එකඟ වූ බව සහල් මෝල් හිමියන් පවසනවා.ඒ අනුව නාඩු සහල් පාලන මිල රුපියල් 96 දක්වාත් සම්බා සහල් පාලන මිල රුපියල් 98 දක්වාත් ඉහළ දැමීමට රජය එකඟ වී තිබෙනවා.
      පසුගිය අප්‍රේල් 10 වැනිදා රජය ප්‍රකාශ කළේ නාඩු සහ සම්බා සඳහා උපරිම පාලන මිල රුපියල් 90 ක් සහ කීරි සම්බා පාලන මිල රුපියල් 125 ක් වන බවයි.

      • සිංහල බන්ඩා says:

        හාල් මෝල් මාෆියාව දන ගස්වු ගෝටාභය මැතිතුමාට උපහාරය.

        • Darshana abayakoon says:

          රෙස්පෙක්ට් ස, අඩු තරමෙ හමුදාවෙ DB එකෙ හරි හාල් තියෙනවනෙ. කන්න නති වුනත් මොකද?

    • merata eka says:

      wada bari dasawa danagaswu Dudly ta sahal mafiyawe upahara

    • Chinthana says:

      No you made a mistake dear… වැඩ කරන විරුවා… has attended Successfully to Captur all hidden information about this agents & intermediators of Rice merchants in order to control Essention foods in near future.

      • ටොයිය says:

        Chinthana උබ ඇයි බන් සිංහල නිව්ස් එකට ඉංග්‍රීසි බොරු දාන්නෙ.එක වචනයක් දාල වැඩ කරන විරුවා කියල..😁

    • ගාමිණී කරුණාරත්න says:

      “හික් හිහි හි හි” ඔබ නිවෙරදි නොමැත. අරලිය සහ අනෙකුත් දේශීය සහල් මෝල් කරුවන් අපේ රටේ මිනිසුන්. මේ අය නොමැති නම් පිටරටින් සහල් ගේන්න වෙනවා. පොඩි පොඩි මෝල් කරුවන්ට දේශීය අවශ්‍යතාව දෙන්න අමාරුයි. අපි දේශීය ව්ව්‍යවසායන් අරක්ශා කරගනිමු. අපේ ගොවියා ආරක්ෂා කරගනිමු. විශාල ගොවි නිශ්පාදන තොග මේ වගේ ව්‍යවසායන් අවශ්‍යයි. දේශීය ආර්ථිකය ගොඩ නගමු. රුපියලක් දෙකක් වෙඩියෙන් ඉල්ලීම ඒතරම්ම ජනතාවට බලපාන්නෙ නොමැති බව මගේ අදහසයි.

  2. Hkgf says:

    Ko ban roshan ranasinha?

  3. Ferna says:

    Dudley is trying to play another game with Gota. Cunning rice mafia new it’s going to be hard to pay theire game with Gota and gov. So he and his clans are change their path. Be wise Gota we trust your vision..

    • Maha Kalu Sinhalaya says:

      Pity on you. Imposing the impossible things and revert it is very hard to find as the definition of the word “vision”. But whatever said and done by the so called regime and say yes to everything is complete slavery…
      So the slaves like you accept everything…

  4. sajiputha says:

    අහිංසක ගොවියාට සහනයක් හැටියට වී මිල වැඩි කරපු එකට අපි ගොඩක් තුති පුදන්න ඕනි. සමහරු වී වලට රුපියල් 55 ගෙවල තිබෙනවා. ඉතින් හාල් මිල රුපියල් 98 කලාට කමක් නැහැ. මොකද දහදුක් විඳින ගොවියාට වැඩි මිලක් ගෙවල අපිට තව රුපියල් 8 වැඩිපුර ගෙවන්න අපහසු නැහැ. දවසකට බොන එක තේ එකෙක් නොබී ඉන්න. ගොවියාට දැන් වත් සතුටින් එයාලගේ වගාවට සරිලන වැටුපක් ගන්න ඉඩ දෙන්න.

    තව අවුරුද්දකින් රටම ස්වයං පෝෂිත වෙන බවට සැකයක් නැහැ. ගෝටාට සුබපැතුම්. ජයවේවා!

    • senanayake says:

      really appreciate your unselfishness as a farmer. if most of us can see both sides of the coin like this many problems can be solved without making a big noise.

    • King Bull says:

      වහල් දැක්ම නියමයි .
      වී තොග දැන් තියෙන්නෙ වී මෝලෙ. ගොවිය ලඟ නෙමේ.
      තේ නොබී තණකොළ කාපං .

      • sajiputha says:

        ගොන් බූරුවෝ. වී තොග දැන් තිබෙන්නේ මෝල් කාරය ළඟ උනාට උන් ඒවා අරගෙන තිබෙන්නේ 55 ගානේ නේද? තෝ තණකොළ කන ගොන් බුරුවෙක් බව පේනවා. තොට දෙන පුන්නක්කු දවසට එක සැරයක් දීල තොගේ හාම්පුතාට හාල් කිලෝ 10 වැඩිපුර ගන්න කියපන්. සජියගේ මී හරක.

      • Maha Kalu Sinhalaya says:

        Don’t waste your words and time.

  5. Ronnie says:

    Hal paru anduwa dadly ta bayayi???? Thopi roshan wa pavala dunna. Varenko 2/3 ellagena!!!! Mun okkoma deal karayo!!!! Ko vahallu ??? Thopi nidida???

    • ජෙප්පා says:

      Ronni මම හිතන්නෙ නෑ බන්.කලින් එවුන් දීපු ආතල්වල හැටියට.කොහොමත් තුනෙන් දෙකක් ගනියි.

    • sajiputha says:

      මෝඩ රෝනිය. උඹට හාල් පෝලිමේ ඉඳල රුපියල් 90 ගානේ කිලෝ 5 ගන්න ඕනද? නැතිනම් ඕන වෙලාවක රුපියල් 96 දීල ඕනෑතරම් ගන්න ඕනද?
      ගොම් බූරු සජිත්ගේ බත් බැලයෙක් වෙන්න එපා.

      55 වී අරගෙන තම්බලා, කොටලා, කළු ඇට නරක් උන ඇට අරගෙන දමලා 89 දෙන්න අමාරුයි. අනික කඩ කාරයා 89 අරගෙන 90 විකුණන කොට ඌ දෙන්නේ කිලෝ එකෙක් නොවෙයි. ග්‍රෑම් 900 විතර. එකෙන් පාඩු වෙන්නේ අපිටමයි. ඉතින් 96 ගානේ හොඳ හාල් ටිකක් අරගෙන කාපන්. නිකන් සජියගෙයි, හැරිසොන් ගෙයි ගැට වලට අහු නොවී.

      කජු ඇටයක් තරම් වත් මොලයක් තිබුනා නම් මෙවැනි කතා කියන්නේ නැහැ. ඩඩ්ලිට ආණ්ඩුව බයේ නොවෙයි. හැමටම සාදරනයක් කරන්න තමයි ඒ මිල දමල තිබෙන්නේ. ඕන ගොනෙකුට ඒ බව තේරෙනවා.

      • Maha Kalu Sinhalaya says:

        Ane me. Anduwata control karanna beri dewal walata atha noda India nam iwarane. Eda military dala data base wala haal thiyena then okkoma dannawa keewa. Meyalage deal notherena oyala thanakolada kanne. 50 ta aran 90 ta denna beri bawa oya kiyanna one ne. Eth wee haal weddi bageta adu wenawa. Energy Saha labor giyama Oka keeyata Wath karanna be. Eth anduwata puluwan me mol walata Sahana denna. Ehema nethinam me wage ayata mewa handle karanna nodee anduwama meka handle karanna one. E dekama nethuwa wena Aya karana business wala Mila theeranaya karanna anduwata puluwanda.
        Mewa nikan oyala wage mole rali nethi ayata pennana Moda choon witharay. Ara parippu salmon wage thawa Gon part ekak…

      • Ronnie says:

        Yako saji putho, anduwa palana milak dala ekata hal denna bari nam eka Hal paru anduwak thamayi yako. Dadly prasiddiye paraya kiwwe anduwe amathita. Anduwe lokku dadly ta ekak kiwwada roshan erenna. Anduwa dadly ta bayayi. Obe namata gelapenawa saji putha, sajiyage kolla wage.

        • ජෙප්පා says:

          රොනී උබට හාල් කන්න බැරි නම් තනකොල කාපන්.

    • Chinthana says:

      Dear Roni.. Actualy You need to drink “Thana-kola soup” . No other midicine Available in this world to recover your unconscious mind..

      • Ronnie says:

        Varadda varadi vidihata dekapan. Thopi wage vahallu nisa thamayi andu varadi karanne. Thopita lagadima thanakola sup bonna weyi.

        • sajiputha says:

          අන්න තොගේ තණකොළ සුප් බොන උන්ටික UNP එකෙන් එළවලා. මේ පාර උන්ට අබ සරණයි. මෝඩ හරක්. කාපන් ගිහින් ක්රෝටන් කොළ උඹේ ජලනි එක්ක. මෝඩ රොනී හරක.

    • අලව් යකා says:

      ඇයි බං උඹල පොහොට්ටු කාරයන්ටම වහල්ලු කියන්නේ….unp jvp එවුන් වහල්ලු නෙමේද එතකොට…
      මහ බැංකුව හූරගෙන කාල හිස් උනු බැංකුව පුරවන්න අහිංසක මිනිස්සුන්ට බදු පිට බදු ගහලා,අන්තවාදීන් කෙලිනවා කියලා දැනුම් දීලා තියෙද්දිත් එහෙට මෙහෙට ලියුම් යව යව කෙලවලා මිනිස්සු බර ගානක් මැරෙනකල් බලං ඉදපු (තව තියන ඒවා කොටන්න වෙලාව නෑ) unp ආන්ඩුවට ලක්ෂ 55ක් ඡන්දෙ දුන්න උන් වහල්ලු නෙමේද

  6. sinha le says:

    අපේ ගොවියාත් අපේ සිංහල වෙළන්දන් රැක ගත යුතුයි

  7. මාවී says:

    සත්‍යාවදින් ජයගනු ඇත. ඩඩ්ලි මහතාගේ සත්‍ය / අසත්‍ය භාවය අප නොදනිමි. නමුත් කර්මය විපාක දෙන විට ඔහු සත්‍ය පැවැසීනම් ඔහුට යහපතක් ම වේ. අසත්‍ය නම් කල කම් පසු පසින් ඒවි.

  8. sampath says:

    ආණ්ඩුව එහෙනං මෝල්ලු ඉස්සරහ දනගැහුව . වැඩක් නැ ලැජ්ජ්යි. බලමු දැං රොෂාන් මොකද කියන්නෙ කියල.

  9. Aurora says:

    අපි දැන් කාටද හුූ කියන්න ඕන ? පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා නම් වටිනවා.
    – හාල් මිල වැඩිවීම නිසා අපහසුතාව ට පත් බයියා.

  10. සමනලුන් says:

    මෙතන හාල් මිල වැඩි වීම ගැන දුක්වෙලා තියෙන්නේ ක්‍රෝටන් කොළ කොස් කොළ කාපු අයනේ. හාල් ඒ ගානට කන්න බැරිනම් නැවතත් කොස් කොළ ක්‍රෝටන් කොළ කන්න පුරුදු කෑම ජාතියනේ..

Main News