නාදුනන පුද්ගලයෙක් වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ ඔසවා තිබූ ජාතික කොඩිය බිම දමා පලා යයි..

July 26, 2017 at 6:31 am | lanka C news
නාදුනන පුද්ගලයෙක් වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ ඔසවා තිබූ ජාතික කොඩිය බිම දමා පලා යයි..

වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ උදෑසන ඔසවා තිබූ ජාතික ධජය ඊයේ (25) උදෑසන මෝටර් රථයෙන් පැමිණි කිසියම් පුද්ගලයෙකු විසින් බිම හෙලා පලා ගොස් ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

ඊයේ පෙරවරු 10.45 ත් 11.00 අතර කාලයේදී කළු පැහැති මෝටර් රථයකින් පැමිණි තනි පුද්ගලයෙකු මෙලෙස ජාතික කොඩිය ගලවා බිම දමා යන අවස්ථාවේ පොලිස් නිලධාරින් මොටර් රථය නැවත්වීමට උත්සාහ දරා ඇතැත් එම පොලිස් නිලධාරි ගේ ඇගට මෝටර් රථය කපා පලා ගොස් ඇති බවට දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සිටි පොලිස් නිලධාරීන් පවසා ඇත.

මේ පිළිබඳ වවුනියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා විසින් වවුනියාව පොලිසියට දැනුම් දී ඇති අතර වව්නියාවපොලිසිය විසින් අදාල ස්ථානය පරික්ෂාකර එම පුද්ගලයා සෙවීම සඳහා පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මෙසේ බිම දමන ලද ජාතික ධජය නැවත එසවීමටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

120 views

10 Comments to “නාදුනන පුද්ගලයෙක් වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ ඔසවා තිබූ ජාතික කොඩිය බිම දමා පලා යයි..”

  1. sumana says:

    Wensa kohomada?

  2. Wijebahu says:

    Down with bloody Tamil Tiger racists!

  3. Christie Ranjith Alosius says:

    Well done! The hegemonic flag of racist Sinhalese Buddhists should not be hoisted in North and East of Sri Lanka where Tamils and Muslims live!

  4. channa says:

    grama sewakala rata palanaya karana kota ohoma wenawa

  5. Gamarala says:

    Its not Big things to Talk.
    We are going for sanhindiyawata.
    It Wont be a Problem.

  6. Kings says:

    Why. Police Officers can not taken even the car registration number?

  7. unp says:

    Results of “Sanhidiyaawa”. Hoo! Hoo!!

  8. sinha le says:

    තවත් දීපල්ලා ෆෙඩරල්

  9. lolla says:

    මටත් හිතෙනව කොලබ මහ ලෙකම් කාර්‍යාලයේ සි0හ කොඩිය ගලවල දුවන්න
    මෙහේ කොච්චියෝ මොකද කරන්නෙ කියල බලන්න
    අපිට සි0හ part දාන p පොලිස් යාපනේ ගුටි කනව
    STF එකත් බලු වෙනව

Main News