නාන ගමන් සෙල්ෆි ගහන්න ගිය මුලතිව් පාසල් සිසුන් දෙදෙනෙකු ගිලී මිය යයි…
December 26, 2017 at 2:09 am | lanka C news
මුලතිව්, පුදුකුඩිඉරිප්පු කල්ලිඅඩි ඔයේදී සෙල්ෆි ගැසීමට ගිය පාසල් සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු ඔයේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය කියා සිටියේය.
පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසූවේ මිතුරන් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමඟ ඔයේ දිය නෑමට ගිය අදාළ සිසුන් දෙදෙනා දුරකථනයෙන් ජායාරූප ගැනීමට ඔය මැඳට ගොස් ඇති අතර, එහිදි වැලි ගැනීමට හෑරූ වළක වැටී මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි.
පුදුකුඩිඉරිප්පු ශිවනගර් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වන ශිවරාසා බහිදරන් හා තවම් කණිෂ්ටන් නමැති සිසුන් දෙදෙනෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ අදාළ තරුණයින් දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට මිතුරන් පවසා ඇති අතර, අනතුරුව ගම්වාසීන් හා පොලිසිය මැදිහත්වි ඔය පරීක්ෂා කිරීෙමිදී සිරුරු සොයා ගැනීමට හැකිවු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිතුරන්ගෙන් පොලිසිය ප්රශ්න කිරීම් කොට ඇති අවස්ථාවේ මිතුරන් පවසා ඇත්තේ අදාළ තරුණයින් දෙදෙනා දුරකථනයෙන් ජායාරූප ගනිමින් ඔය මැද දක්වා පසුපසට ගමන් කිරීමේදී එකවරම දියේ ගිලූණු බවටයි.
මියගිය තරුණයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ තැන්පත් කොට ඇති බවද වැඩිදුර පරික්ෂන සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ