නාමයෝජනා ප්රතික්ෂෙප කලාට නඩු.. පුංචි ඡන්දය තවත් කල් යයි..
December 16, 2017 at 12:40 pm | lanka C news
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්රතික්ෂෙප වූ දේශපාලන පක්ෂ විසින් නඩු පැවරීමට තීන්දු කර ඇති නිසා එම ආයතනයන්හි පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ සන්ධානය ඇතුළු පක්ෂ හා සංවිධානවල නාම යෝජනා අයදුම්පත්‍ර 23ක මෙසේ ප්රතික්ෂෙප වී ඇත.
මේ ආකාරයේ නඩු කටයුතුවලදී සාමාන්‍යයෙන් සිදුවන්නේ එම නඩු විභාග කර අවසන් කරන තෙක් අතුරු තහනම් නියෝග පැනවීම බැවින් එනිසා තීන්දු ලැබෙන තුරු එම ආයතනවල මැතිවණයන් පැවැත්වීමද කල් යනු ඇත.
මෙය අධිකරණ නිවාඩු සමය බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය නිල ලෙස යලි රැුස්වන්නේ ජනවරි 11 වැනි දිනයි. නමුත් නිවාඩු කාලය මැද කාලීන විශේධ උසාවි වාර කිහිපයක් පැවැත්වෙයි.
විශාල ඇමති මණ්ඩලයක් රටට අවශ්‍යබව අනුමත කිරීමට ජාතික ආණ්ඩුවට චන්දය දෙන්න …