නාමල්ගේ උපදෙස් මට එපා.. මං දේශපාලන බබෙක් නොවේ..- මහින්ද කියයි..

December 16, 2017 at 10:10 pm | lanka C news
නාමල්ගේ උපදෙස් මට එපා.. මං දේශපාලන බබෙක් නොවේ..- මහින්ද කියයි..

තම පුත‍්‍රයා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂගෙන් උපදෙස් ගැනීමට තරම් තමන් දේශපාලක බබෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු සදහන් කරන්නේ එක්ව මැතිවරණයට තරග කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පැවති සාකච්චා සාර්ථක නොවූයේ කිසිවකුගේ බලපෑම් කල නිසා නොව ඒකාබද්ද මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය මත බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම තීන්දුව ගන්නැයි හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කලේ යයි ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කීවේ 1967 සිට තමන් දේශපාලනය කරන බවත් නාමල්ගෙන් උපදෙස් ගැනීමට දේශපාලන බබෙකු නොවන බවත්ය.

කෙසේ වෙතත් මැතිවරණයෙන් පසුවද පාර්ශවයන් දෙක එක් වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීම සම්බන්ධයෙන් කර ඇති යෝජනාව ගැන ඔහු සදහන් කරන්නේ එය තීන්දු කළ යුත්තේ ශ‍්‍රීලනිප නායකත්වය මිස තමා විසින් නොවන බවය.

රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙම වැතිවණයේදී තම කණ්ඩායමේ ශක්තියත් ජනබලයත් සියළු දෙනාට බලාගත හැකි වනු ඇති බවයි.

146 views

8 Comments to “නාමල්ගේ උපදෙස් මට එපා.. මං දේශපාලන බබෙක් නොවේ..- මහින්ද කියයි..”

  1. NARAYANA says:

    Well said, Those KEPPA YAMAMAPALANA bunch ELO WIKAREN MELO ATHAGANAWA. You should not allow them to come back now

    • NALIN says:

      පොහොට්ටුව දිණුවත් නැතත් ප්‍රභල විපක්ෂයක් නම් හැදෙනවා සිකුරුයි..!
      එය වැළැක්වීම සදහා කලු සුද්දන්ගේ තුරුම්පුව වන්නේ ශ්‍රී ලනීප සමග පොහොට්ටුව එක්තු කිරීමට සුසිල්ව යොදා ගැනීමයි…

  2. saman says:

    UNP සමග එකතු වී රට කන SLFP ගම කෑම සදහා පොහොට්ටුව එක්ක එක්තු වෙන්න යයි…

  3. ගහ දන්නා ගුරාට කොළ කියලා දෙන්න බෑ. says:

    ගහ දන්නා ගුරාට කොළ කියලා දෙන්න බෑ. වල බුරු දේශපාලන හෙන්චයියල කොළ කඩ කඩ බොරුවට දෙනවා. අපට බොරු වංගු එපා ඔය හිවලුන්ගේ.කියලා නටන්නද?

  4. siraa says:

    තාත්තවත් කෑවා, රටත් කෑවා මී හරක් පැටව් ටික.

  5. Winer says:

    Jaya Wewa..

Main News