නාමල්ට ඇමතිකමක් දෙනවාට අරගලකරුවන් විරෝධය පල කරති…

August 18, 2022 at 12:40 pm | lanka C news
නාමල්ට ඇමතිකමක් දෙනවාට අරගලකරුවන් විරෝධය පල කරති…

පිහිටුවීමට නියමිත බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධුරයක් නාමල් රාජපක්ෂ මහතාට ලබා දීම සම්බන්ධයෙන් ‘black cap movements‘ සංවිධානය විරෝධය පලකරයි.

ගාළු මුවදොර අරගලයේ ඉදිරි පෙලේ කටයුතු කල එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

එළඹෙන සර්ව පාක්ෂික රජයක නාමල් රාජපක්ෂට අමාත්‍ය තනතුරක් ලබාදෙනවාට අපි දැඩිව විරුද්ධ වෙමු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකමක් තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවට දේශපාලන සමාජය තුළ මේ වනවිට රාවයක් පැතිරයමින් තිබේ. මේ පිළිබඳව අප සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇත.

රාජපක්ෂ පවුල්වාදයේ අත්තනෝමතික භාවයට එරෙහිව රටේ පැනනැගෙනු ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය වූයේ රාජපක්ෂවාදයෙන් තොර නව පාලනතන්ත්‍රයක් නිර්මාණය කරගැනීමයි.

අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි පොහොට්ටු ආණ්ඩුවම නැවත සළුපිලි අන්දවා කරලියට ගැනීමට නොවේ. රාජපක්ෂවාදයේ පසුගාමීත්වයෙන් තොර රටකි. නමුත් නාමල් රාජපක්ෂ පසුගියදා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීයෙකු පත් කිරීම සදහාද පරිසර අමාත්‍යවරයා වෙත ලිපි දෙකක් මාර්ගයෙන් බලපෑම් කර තිබෙනු අපට නිරීක්ෂණය විය.

එමෙන්ම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත්කිරීමට ද සූදානමක් ඇති බවකි. ජනතා මතය පිළිබඳව කිසිඳු සංවේදීත්වයක් නොමැතිව මෙලෙස ජනතාවට කොකා පෙන්වමින් කටයුතු කිරීමට රාජපක්ෂ කාටේලය කටයුතු කරයි නම් ඔවුන්ගේ දේශපාලන ඉරණම පිළිබඳව ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දු කරනු ඇත.

එහෙත් ඊට ප්‍රථම ශ්‍රීලංකාවේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව ද නාමල්ලාගේ දේශපාලන සූදුවක් බවට පත්කිරීමට ඉඩ නොදෙන ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වෙතින් අප ඉතා බැරෑරුම්ව ඉල්ලා සිටිමු.

නාමල් රාජපක්ෂලාගේ දේශපාලන ගේම් වලින් අවසානයේ පීඩාවට පත්වන්නේ රටේ අහිංසක ජනතාව වන අතර ඒ සඳහා ඉඩ නොතැබමින් අවිහිංසාවාදී අරගලයක නිරත වූ සියලුම සාමකාමී අරගලකරුවන් බලාපොරොත්තු වූ දේශය ගොඩනැගීම සියලු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උරමත පැටවී ඇති වගකීමක් බව අප විස්වාස කරමු.

ස්තුතියි.

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න
මාධ්‍ය ප්‍රකාශක

40,937 views

19 Comments to “නාමල්ට ඇමතිකමක් දෙනවාට අරගලකරුවන් විරෝධය පල කරති…”

  1. ලංසියා says:

    අරගල කරුවන් එව්වේ රනිල් ද ?

  2. පල කාලකන්නි භූතයෝ...මේකා මහාජ චන්දෙන් පත් කරගත් නියෝජිතයෙක්.... says:

    පල කාලකන්නි භූතයෝ…මේකා මහ චන්දෙන් පත් කරගත් නියෝජිතයෙක්…

  3. Balana Rala says:

    Who the hell is this Blac Cap Movement? What are they? Who gave them powers to decide the future of this country in this manner? What ever said and done, Namal Rajapaksha is an elected member of the government. He should have all the rights that the other elected MPs are having. It can’t be a different simply because he is the son of former President Mahinda Rajapaksha…this is crazy….. Anyway, these Black Cap Movement thugs don’t represent all the citizens in this country. Ha…. at least not me…These are goons, thugs, gangsters, YouTubers, actors, actresses, trade unionists, student unionists and drug addicts…..The media should not give them a preference. How can this country go forward if these thugs are going to decide the future of this country? Common, stop this madness. It’s gone very far. Disgusting, disgraceful and shameful people. Shame on you. Shame on you. Shame on you.

Main News