නාමල්ට සුපිරි කමිටුවක්…

November 22, 2021 at 9:20 am | lanka C news
නාමල්ට සුපිරි කමිටුවක්…

රට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ගැටලු නිරාකරණය කිරීම සඳහා සංවර්ධන සම්බන්ධීකාරක හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස තමන්ට සහාය දැක්වීමට සියලු බලතල හිමි නිත්‍ය කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මාසිකව රැස්වන එම කමිටුව සඳහා අර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ එකඟතාව මත කමිටු සාමාජිකයන් ලෙස ජාතික ක්‍රමසම්පාදන, ජාතික අයවැය, විදේශ සම්පත් කළමනාකරණ සේවා, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු හා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ද පත්කිරීමට යෝජානා කර තිබේ.

රුපියල් මිලියන 100 ඉක්මවන ව්‍යාපෘති 332ක් අමාත්‍යාංශ 47ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම සංවර්ධන ව්‍යාපෘති වල කාර්යක්ෂමතාව 2021 තෙවැනි කාර්තුව වන විට සමාලෝචනය කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රථිපල අපේක්ෂිත පරිදි ලබාදීමට ඇති ගැටලු රාශියක් ඇති බව ප්‍රගති සමාලෝචනයේදී හා ඒවායේ වැඩබිම් පරීක්ෂාවේදී අණාවරණය වී තිබේ.

ඒ අතර ඉඩම් අත්පත් කර ගැනීමේ හා වන්දි ගෙවීමේ ප්‍රමාදයන්, ප්‍රතිපාදන ඌණතාවයන් හා අක්මුදල් ප්‍රමාදයන්, කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කාර්යසාධනය හා තෙවැනි පාර්ශ්වයන්ගේ අනුමැතිය හා සහාය ප්‍රමාදවීම යන ගැටලු මෙහිදී හඳුනාගෙන තිබේ.

එම ගැටලු නිරාකණය කර ගැනීම සඳහා අමාත්‍යවරයාට සහායවීමටත්‍, ඕනෑම වේලාවකදී ඕනෑම පාර්ශ්වකරුවෙකු කැඳවා තීරණ ගැනීමටත් හැකිවන පරිදි නිසි බලතල ලබාදීමට යෝජිතය.

– ADA

79,678 views

22 Comments to “නාමල්ට සුපිරි කමිටුවක්…”

  1. 0.00069 BIYYO says:

    මහින්දගේ එකම සිහිනය පුතාව රටේ රජ කිරීම ..ඔහු දැන් කරන්නේ එයයි ..අහෝ මේ මෝඩ ක්‍රියා නිසා අපේ රට අගාදයටම යනවා ..ඔහු පෑඩ් සජිත් වගේම මෝඩයෙක්
    පවුල් පාලනයෙන් රටට අබ සරණයි ….පුතාට එක දවසක ඇදුමට ලක්ෂයක් ,මෙයින් පසු කොටියක ඇදුම් නාමල්ගේ පුතාට අපට පොල් බයක් මුළු පවුලටම කෑමට ,රටේ ඉඩම් ටිකත් ඉක්මනින් චීන්නුන්ට ඇමරිකානුවන්ට ,ඉන්දියාවට , සින්නක්කරේට අයිති කරයි වගේ

  2. දුවමු මිතුර says:

    40% ක් කන්න තනතුරක්

  3. Athula says:

    ඉහගෙන කන්න දෙනවා බාප්පා අපි තමයි හොඳටම කෑවේ 😜😜😜

  4. පොඩි එකා says:

    ජය වේවා.
    සුපිරි කමිටුවක්
    සුපිරි වැටුපක්
    සුපිරි දීමනා
    සුපිරි වාහන
    සුපිරි ආරක්සකයො
    සුපිරි කොමිස්
    සුපිරි ගෙරි වහල් හැත්ත
    සුපිරි හොරකම
    සුපිරි නිරය මැරුන ගමන් ම.
    සුපිරි වහුපැටවා ට ජය වේවා

  5. John the baptice says:

    “කකුලුවා වතුර රත් වෙන තුරු නැටුවා වගේ මේ ආණ්ඩුවේ අවසාන නැටුම නටනවා. ඔය සතුට වැඩි දවසක් නැහැ. “

  6. ''බුද්ධ ඉතිහාසය නැවතත් ඉන්දියාවට'' පාවාදෙනු ලැබු රඡපකස නරියන්.,.! says:

    ”රනිල් ශිරන්ති, මිත්‍යාදුශ්ඨික ඡාන මරාගේ දුශිත වංචනික ගුණමකු ඡාන මිශ්‍රව ”ඉතිහාසයක් අනාගතයක් නොමැතිව” බලය ඩැහැගැනිම සඳහාම රට ඡාතිය පාවාදී කුමන්ත්‍රණය කරනා වර්තමානයත් වංචාව සඳහාම කැප කරන ”පාපතර නරියා ”බුද්ධ ඉතිහාසය නැවතත් ඉන්දියාවට” පාවාදෙනු ලැබීය,.!

    ”’පරයන් පාහරයන් රටේ මුල්පුටුවට කෙළ හලනුයේ ඉතිහාසය නොවැටහෙනා නිසාවෙනි,.!”යුතුකම් පැහැර හැරමින් රට කොල්ලකනු ලබුවා වූ දුශිත රඡපකස නරියන් යළි කිසිම දවසක මාත්‍රෘභුමිය තුළ බලයට පත් නොවනවා ඇත,.!

Leave a Comment