නාමල් කුමාර අත්අඩංගුවට ගන්න සූදානම්..

January 8, 2019 at 12:01 am | lanka C news
නාමල් කුමාර අත්අඩංගුවට ගන්න සූදානම්..

දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගැනීමට සදහා පරීක්‍ෂණ ආරම්භ කරන බව යුද හමුදාව කියයි.

ඔහු යුද හමුදාවෙන් පලා යාම ගැන හමුදා පරීක්ෂණයක් ආරම්භ කර ඒ සම්බන්දයෙන් හමුදා ක‍්‍රියාමාර්ග අනුව කටයුතු කරන බවත් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා කියයි.

දැනට රහස් පොලීසිය විසින් නාමල් කුමාර ගැන ආරම්භ කර ඇති පරීක්‍ෂණය අවසන් වූ පසු හමුදාව විසින් සිදු කරන පරීක්ෂණය ආරම්භ කරන බවත් ප‍්‍රකාශකවරයා පැවසීය.

නාමල් කුමාර සම්බන්ධයෙන් ගනු ලබන්නේ හමුදාවෙන් පලා ගිය අයෙකුට අදාල ක‍්‍රියාමාර්ග බවද ඔහු සදහන් කලේය.

නාමල් කුමාර හමුදා රාජකාරියෙන් පැන ගොස් සිටින අයෙකු බව රහස් පොලීසිය විසින් තහවුරු කර ඇති බවත් අතපත්තු මහතා තවදුරටත් කියා සිටියේය.

12,903 Viewers

6 Comments to “නාමල් කුමාර අත්අඩංගුවට ගන්න සූදානම්..”

  1. හැකහැක says:

    හමුදාවෙන් පැන ගිය අයකු සේවයට යොදවා ගත් රහස් පොලිසියත් වැරදි කාරයෙක්ද මන්දා .. එහෙම නැත්තං අපේ රහස් පොලිසිය මෙයා හමුදාවෙන් පැන්න එකෙක් කියලා නොදැන ඉන්න ඇති.
    අයියෝ අපේ රහස් පොලොසිය😜තමන් සේවයට යොදා ගන්න එවුන්ගේ අනන්‍යතාව දන්නෑ.
    තව මොක්කු රිංගලද දන්නෑ ඕකට මෙලහකටත්..කොටිත් රිංගලා ඇති.හොඳම දේ ඕක විසුරවලාදලා අනන්‍යතව තහවුරැකරගෙන නැවත පුද්ගලයින් බඳවා ගැනීමයි.
    මේවා අර තොම්සන් ඇනඩ් තොම්සන්ගේ ලාමක ටිංටිං වැඩ.මේවා නිසා තමා රටේ අපරාධ වැඩි වෙලා තියෙන්නේ.අර පොලිස් සුනක අංශයේ ටොමියෝ ටික නැත්තං රට අනාතයි.

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      නාමල් කුමාර නමැති මෙම වගකීමි විරහිත පුද්ගලයා ඔත්තුකරුවකු ලෙස යොදාගැනීම පොලීසිය කර ඇති බලවත් වරදක්.
      මෙවැනි හිස් පුහුදුන් චරිතවලට පනදීම ජනමාධ්‍ය විසින් නොකළ යුතු ක්‍රියාවක්.
      අවසානයේ මෙය දේශපාලන නාටකයක් පමණයි.

  2. Donald Isuru Wilegoda says:

    A witch hunt by this TNA controlled government against this war hero

  3. Hoo !!! says:

    මේක තමයි ලංකා පොලිසියේ අලුත්ම ට්‍රෙන්ඩ් එක.-
    පොලිස් ඔත්තු කරුවන්ට/ ගුටිකන එවුන්ට -බන්ධනාගාරය
    ඝාතන කුමන්ත්‍රණ කරුවන්ට /මිනි මරුවන්/ගුටි කෙලි කරුවන්ට – එදිනම ඇප 🙃

  4. වෙරිසොරි says:

    මෙච්චර කල් හමුදාව බුදියං හිටියද ?මේ මනුස්සයා හමුදාවෙන් පැන්න බව මතක් උනේ ජනපති ඝාතනය හෙලි කරාට පස්සෙ නේද?
    පොලිසියෙ මට්ටමට හමුදාවත් ඇදවැටීම ගැන අපේ හදපිරි මෙව්ව එක.

Main News