නාමල්-නාලක ඩුබායි WION සමුළුවේ..

February 24, 2019 at 8:02 am | lanka C news
නාමල්-නාලක ඩුබායි WION සමුළුවේ..

ඉන්දියාවේ WION මාධ්‍ය ආයතනයේ ඇරයුමකට අනුව ඩුබායි හී පැවති සම්මන්ත්‍රණයකට සහාභාගී වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ආචාර්ය නාලක ගොඩහේවා ශ්‍රී ලාංකීය සංසධය විසින් පෙබරවාරි 22 දා ඩුබායි හී පුල්මන් හෝටලයේ සංවිධානය කොට තිබූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සැසියකටද සහභාගී වූහ.

ලංකාවට එරෙහි ජිනීවා කුමන්ත්‍රණය ඇරඹුනේ 30 වසරක ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ 2009 මැයි 19දාම ජර්මනිය ඇතුලු රටවල් 17ක් ලාංකාවේ හමුදාව යුධ අපරාධ කලාය යන බොරු චෝදනාව මත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් ඉල්ලා සිටීමත් සමග බව පැවසූ ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ එහී කූඨ ප්‍රාප්තිය වූයේ වැරදි තොරතුරු මත සකස්වූ වාර්ථාවක් පදනම් කරගෙන 2015 සැප්තැම්බර් මස ඉදිරිපත් වූ ජිනිවා 30/1 යෝජනාවට ලංකාවේ යහපාලන රජය සම අනුග්‍රාහකත්වය දීමත් සමග බවය.

යෝජනා 20 කින් සමන්විත මෙම 30/1 යෝජනාව සමකල හැක්කේ යටත් විජිත වාදය පැවති කාලයේ යම් පාලක රටක් විසින් තම යටත් විජිතයකට පැනවූ කොන්දේසිමාලාවකට බව පෙන්වා දුන් ආචාර්ය ගොඩහේවා ඒවා හරහා ලංකාවේ ස්වෛරීත්වය අභියෝගයට ලක්වී ඇති බව පෙන්වාදුන්නේය.

පසුගිය වසර 4 පුරා යහපාලන රජය කල එකම දේ මේ යෝජනා එකින් එක ක්‍රියාත්මක කිරීම බවත් දැන් ඉතුරුව ඇත්තෙ එහි සඳහන් වන පරිදි රටට බෙදුම්වාදී ව්‍යවාස්තාවක් හඳුන්වාදීම පමනක් බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකව තාවකාලික රජයක් පිහිටුවා අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්ත්තුව තුල වූ 2/3 බල නොබිදින්නට මේ වන විට නව ව්‍යවස්තාව සම්මත් වී අවසාන බව ආචාර්ය ගොඩහේවා පෙන්වා දුන්නේය.

නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ඉදිරි මාස කිහිපය තුල කෙසේ හෝ නව ව්‍යවස්ථාව සම්මත් වීම වලකවාගැනීමට හැකිවුවද මැතිවර්ණයකින් පසු රට ගොඩ නැගීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් අවශ්‍ය බවය.

ගතානුගතික දේශපාලනයෙන් බැහැරව සැබෑ ආර්ථික සංවර්ධනයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් බෙදුම්වාදයටද පිලිතුරු ලැබෙන බව ඔහු පෙන්වාදුන්නේය.

රටේ අනාගත පරපුර බාහිර ලෝකය හා තරඟ කල හැකි, එහි ඇති අවස්ථාවලින් ප්‍රයෝජනය ගත හැකි පිරිසක් බවට පත් කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය යුතු බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා තව දුරටත් පෙන්වා දුන්නේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් රටට මීට වඩා සේවාවක් ලබා ගත හැකි බව ගෝලීය සංසධය දැනටමත් ඔප්පු කොට ඇති බවය. ඒ අනුව අනාගත රජයක් තුල ප්‍රතිපත්ති සකස් කිරීමේදි විදෙස් ගත ශ්‍රී ලංකිකයන් වඩා ක්‍රියාශීලිව සම්බන්ද කරගත් යුතු බව ඔහු ප්‍රකාශ කලේය.

– චමින්ද කරුණාරත්න

25,209 Viewers

5 Comments to “නාමල්-නාලක ඩුබායි WION සමුළුවේ..”

  1. desta says:

    ehenam madush ayyawath balala enna Nanak baba

  2. peter says:

    Who is this so called Nalaka? A real crook who completely spoilt the share market during MR regime. So many pl suicided as a result. Ideal man for Pohottuwa.

    • Shiva says:

      Dr Nalaka is a an educated efficient guy that is why UNP goverment made false stories against him to stop him
      But there is no any evidence against him but UNP ignorant slaves still blame him l

  3. Suraj says:

    Both NR and NG responsiable for MRs defeat. Both are incapable characters promoted by paid media. These idiots should be removed from national camp.

  4. jagath says:

    Yaluwo set eka balanna giyada danne na ??????? ahu welane inne Dubai wala

Main News