නාමල්-යෝෂිත රග්බි තරගයකින් පසු පිටිය මැද මහ වලියක..[Video]
January 1, 2018 at 10:51 pm | lanka C news![නාමල්-යෝෂිත රග්බි තරගයකින් පසු පිටිය මැද මහ වලියක..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/01/65666.jpg)
වැලිසරදී පැවති රග්බි තරගයක් අවසානයේ පැවති ගැටුමකට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ හා ඔහුගේ සොහයුරු යෝෂිත රාජපක්ෂ මැදිහත් වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් ඇත.
නාවික හමුදා කණ්ඩායම හා සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර මෙම තරගය පැවැත්වී ඇත්තේ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ වන තරගයක් ලෙසයි.
ලකුණු 27-24ක් ලෙස එම තරගය ජය ගනු ලැබුවේ නාවික හමුදා කණ්ඩායම වන අතර තරගයෙන් පසු කණ්ඩායමේ දෙකේ ක්රීඩකයින් අතර බහින් බස්වීමක් ඇති වී එය ගැටුමක් විය.
සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට යෝෂිත රාජපක්ෂ තරග කර ඇත.
මේ අතර තමනට පිරිසක් තර්ජනය කලේ යයි සී.එච්. අැන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ කළමනාකරු ධම්මික මැදගෙදර මහතා පොලීසියට පැමිණිලි කර තිබේ.
Rugbi wala owa normal, moda heththa ekath allagena kea gahanawa,